ධජ නිලධාරි නාවික දියත් විධානය ලෙස රියර් අද්මිරාල් රොහාන් ජෝෂප් වැඩ භාර ගනියි

නාවික හමුදාවේ දියත් විධානයේ ධජ නිලධාරි ලෙස පත් කෙරුණූ රියර් අද්මිරාල් රොහාන් ජෝෂප් එම ධුරයේ වැඩ භාරගැනීම අද (2025 අප්‍රේල් 04) ත්‍රීකුණාමලය නාවික තඨාකාංගණයේ, ධජ නිලධාරි නාවික දියත් විධාන කාර්යාලයේදී සිදුකෙරිණි.

නාවික හමුදා සම්ප්‍රදායානුකූලව රියර් අද්මිරාල් රොහාන් ජෝෂප් නාවික හමුදා දියත් විධානය වෙත පිළිගැනීමෙන් අනතුරුව, ධජ නිලධාරි නාවික දියත් විධානය වශයෙන් කටයුතු කළ රියර් අද්මිරාල් ඉන්දික ද සිල්වා විසින් එම ධුරයේ රාජකාරීන් රියර් අද්මිරාල් රොහාන් ජෝෂප් වෙත භාර දීම සිදු කෙරිණි.

ඒ අනුව, රියර් අද්මිරාල් රොහාන් ජෝෂප් ත්‍රීකුණාමලය නාවික හා සාගරික විද්‍යාපිඨයේ ආඥාපති වශයෙන් කටයුතු කරන අතරතුර, ධජ නිලධාරී නාවික හමුදා දියත් විධානය වශයෙන් ද ඉදිරියට කටයුතු කරනු ඇත.