වැදගත් සිදුවීම්
ඉන්දියානු නාවික හමුදාවට අයත් ‘INS SAHYADRI’ නෞකාව දිවයිනෙන් පිටත් වෙයි
2025 අප්‍රේල් මස 04 වැනි දින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණි ඉන්දියානු නාවික හමුදාවට අයත් ‘INS SAHYADRI’ යුද නෞකාව අද (2025 අප්‍රේල් 07) දිවයිනෙන් පිටත්ව යන ලද අතර, එම නෞකාව වෙත ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නාවික හමුදා සම්ප්‍රදායානුකූලව සමුදීම, කොළඹ වරායේදී සිදු කෙරිණි.
07 Apr 2025
නාවික හමුදා සමාජීය මෙහෙවර ව්‍යාපෘතිය මඟින් අනුරාධපුර දිස්ත්‍රික්කය තුළ ස්ථාපනය කළ ප්‍රති ආශ්‍රැතිකරන ජල පිරිපහදු මධ්‍යස්ථාන 02ක් ජනතා අයිතියට
නාවික හමුදාවේ තාක්‍ෂණික හා ශිල්පීය දායකත්වයෙන් සහ ජනාධිපති ලේකම් කාර්යාලයේ මූල්‍ය දායකත්වයෙන් අනුරාධපුර දිස්ත්‍රික්කයේ කැකිරාව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ හීනුක්කිරියාව සහ නාවක්කුලම ශ්‍රී බෝධිරුක්ඛාරාම විහාරසථාන පරිශ්‍රයේ ස්ථාපනය කල ප්‍රථිආශ්‍රැති ජල පිරිපහදු මධ්‍යස්ථාන 2025 අප්‍රේල් මස 04 වැනි දින ජනතා අයිතියට පත් කෙරිණි.
07 Apr 2025
නාවික හමුදා සමාජීය මෙහෙවර ව්‍යාපෘතිය මඟින් පොලොන්නරුව දිස්ත්‍රික්කය තුළ ස්ථාපනය කළ ප්‍රති ආශ්‍රැතිකරන ජල පිරිපහදු මධ්‍යස්ථානයක් ජනතා අයිතියට
නාවික හමුදාවේ තාක්‍ෂණික හා ශිල්පීය දායකත්වයෙන් සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ වෛද්‍ය අංශයේ මූල්‍ය දායකත්වයෙන් පොළොන්නරුව දිස්ත්‍රීක්කයේ මහින්දාගම ග්‍රාම නිලධාරී කොටඨාසයට අයත් ශ්‍රී මහසෙන් විහාර භූමියේ ස්ථාපිත කරන ලද ප්‍රථිආශ්‍රැති ජල පිරිපහදු මධ්‍යස්ථානය 2025 අප්‍රේල් මස 03 වැනි දින ජනතා අයිතියට පත් කෙරිණි.
07 Apr 2025


