වැදගත් සිදුවීම්

පොතුවිල්, අල්-කලාම් මහා විද්‍යාලය “සතුට සපිරි පාසලක්” බවට පරිවර්තනය කිරීම සඳහා නාවික හමුදා ප්‍රජා සත්කාරක දායකත්වය හා පුරවැසි බලගැන්වීම

“සතුට සපිරි පාසලක්” යන තේමාව මුල්කරගනිමින් ජාතික සාරධර්ම හා සමාජමය වටිනාකම් පෝෂණය කරණු ලබන, පරිසර හිතකාමි අධ්‍යාපන පරිසරයක් පෝෂණය කිරීමේ ජාතික වැඩසටහන යටතේ, පොතුවිල්, අල්-කලාම් මහා විද්‍යාල පරිශ්‍රය ආකර්ෂණීය ලෙස ප්‍රථිස්ථාපනය කිරීම සඳහා නාවික හමුදා ප්‍රජා සත්කාරක දායකත්වය ලබාදීම හා පුරවැසි බල ගැන්වීම 2025 අප්‍රේල් මස 07 වැනි දින සිදු කෙරිණි.

09 Apr 2025

උතුරු මැද නාවික විධානයේ අභිනව ආඥාපති ලෙස රියර් අද්මිරාල් ඉන්දික ද සිල්වා වැඩ භාර ගනියි

උතුරු මැද නාවික විධානයේ අභිනව ආඥාපති වශයෙන් පත්කෙරුණු රියර් අද්මිරාල් ඉන්දික ද සිල්වා අද (2025 අප්‍රේල් 09) එම විධාන මූලස්ථානයේදී ආඥාපති ධුරයේ වැඩ භාර ගැනීම සිදු කෙරිණි.

09 Apr 2025

‘Speech Craft’ සමාජයේ ප්‍රථම ඉංග්‍රීසි කථන වැඩමුළුව සාර්ථකව නිමාවට පත්වෙයි

ශ්‍රී ලංකා නාවික හමුදා නිලධාරීන්ගේ කථන හැකියාව (Public Speaking) සහ විශ්ලේෂණ කුසලතා (Analytical skills) වැඩිදියුණු කිරීමේ අරමුණෙන්, නාවික පර්යේෂණ ඒකකය විසින් ප්‍රථම වරට සංවිධානය කල ඉංග්‍රීසි කථන වැඩමුළුව, කැළණිය ටෝස්ට්මාස්ටර්ස් සමාජයේ මෙහෙයවීමෙන් 2025 මාර්තු මස 28 වැනි දින වැලිසර ‘Wave n’ Lake’ නාවික හමුදා උත්සව ශාලාවේදී සාර්ථකව පැවැත්විණි.

09 Apr 2025

නාවික හමුදාව මඟින් ආපදා කළමණාකරණය සම්බන්ධයෙන් ප්‍රජා බලගැන්වීමේ වැඩසටහනක්

“ක්ලීන් ශ්‍රී ලංකා” ජාතික ව්‍යාපෘතිය යටතේ සමාජීය වශයෙන් ප්‍රජා බල ගැන්වීමට දායක වෙමින්, ශ්‍රී ලංකා නාවික හමුදාව, ආපදා කළමණාකරණය සම්බන්ධයෙන් ප්‍රජා බල ගැන්වීමේ පුහුණු වැඩසටහනක් 2025 අප්‍රේල් මස 05 වැනි දින සිට 07 වැනි දින දක්වා ගිණිකොණ නාවික විධානයේදී සාර්ථකව පැවැත්වීමට කටයුතු කෙරිණි.

09 Apr 2025

නාවික හමුදාධිපති නිර්මාණාත්මක ලිවීමේ හැකියාව අගයයි

නිර්මාණාත්මක ලිවීමේ වටිනාකම නාවික හමුදාධිපති විසින්, ලුතිනන් කොමාණ්ඩර් (සිඉ) ආර්ඒටීඩී රාජපක්‍ෂ විසින් රචිත කෙටිකතා එකතුවක් නාවික හමුදාධිපති වෙත පිළිගැන්වීම වෙනුවෙන්, 2025 අප්‍රේල් මස 07 වැනි දින නාවික හමුදා මූලස්ථානයේදී සංවිධානය කෙරුණු අවස්ථාවේදී අවධාරණය කෙරිණි.

09 Apr 2025