වැදගත් සිදුවීම්

දූෂණ විරෝධී ජාතික ක්‍රියාකාරි සැලැස්ම 2025-2029 එළිදැක්වීමේ අවස්ථාව නාවික හමුදා පුද්ගලයින් හට සජීවීව නැරඹීම සඳහා නාවික හමුදාව පහසුකම් සලසයි

දුෂණ වි‍රෝධි ජාතික ක්‍රියාකාරි සැලැස්ම 2025-2029 (National Anti-Corruption Action Plan- NACAP) එළිදැක්වීම, 2025 අප්‍රේල් මස 09 වැනි දින, ශ්‍රී ලංකා ජනාධිපති ගරු අනුරකුමාර දිසානායක මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් කොළඔ බංඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේදී සිදු කෙරුණු අතර, එම අවස්ථාව සඳහා නාවික හමුදාධිපති සහභාගී විය.

11 Apr 2025

නාවික හමුදා සමාජීය මෙහෙවර ව්‍යාපෘතිය මඟින් මොණරාගල දිස්ත්‍රික්කය තුළ ස්ථාපනය කළ ප්‍රති ආශ්‍රැතිකරන ජල පිරිපහදු මධ්‍යස්ථානයක් ජනතා අයිතියට

නාවික හමුදාවේ තාක්‍ෂණික හා ශිල්පීය දායකත්වයෙන් සහ සන්ෂයින් ෆවුන්ඩේෂන් ෆෝ ගුඩ් (Sunshine Foundation for Good) ආයතනයේ මූල්‍ය දායකත්වයෙන් මොණරාගල දිස්ත්‍රීක්කයේ මඩුල්ල, අල්පිටිය මහා විදුහල් භූමියේ ස්ථාපිත කල ප්‍රතිආශ්‍රැති ජල පිරිපහදු මධ්‍යස්ථානය 2025 අප්‍රේල් මස 10 වැනි දින ජනතා අයිතියට පත් කෙරිණි.

11 Apr 2025