ශ්‍රී ලංකාවේ පැවැත්වෙන අටවැනි (08) ඉන්දීය හා ශ්‍රී ලංකා වාර්ෂික ආරක්‍ෂක සංවාදය සඳහා, ඉන්දීය ආරක්‍ෂක ලේකම් ශ්‍රී රාජේෂ් කුමාර් සිං (Shri Rajesh Kumar Singh) මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් ඉන්දීය නියෝජිත පිරිස සමඟ දිවයිනට පැමිණි ඉන්දීය නාවික හමුදාවේ උප ප්‍රධානී, වයිස් අද්මිරාල් ක්‍රිෂ්ණා ස්වාමිනාදන් (Vice Admiral Krishna Swaminathan), 2025 ජුනි මස 05 වැනි දින නිල හමුවක් සඳහා නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් කාන්චන බානගොඩ හමුවිය.