න්‍යෂ්ටික ජාවාරම් හඳුනාගැනීමේ සහ වැළැක්වීමේ උපකරණ ක්‍රියාකරු පුහුණු පාඨමාලාව ත්‍රීකුණාමලයේදී සාර්ථකව නිම කරයි

ත්‍රීකුණාමලය විශේෂ යාත්‍රා බළඝණ මූලස්ථානයේදී අදියර දෙකකින් (02) පැවැත්වුණු, න්‍යෂ්ටික ජාවාරම් හඳුනාගැනීමේ සහ වැළැක්වීමේ උපකරණ ක්‍රියාකරු පුහුණු පාඨමාලාවේ සහතික ප්‍රදානය නැගෙනහිර නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් රවීන්ද්‍ර තිසේරාගේ ප්‍රධානත්වයෙන්, ත්‍රීකුණාමලය විශේෂ යාත්‍රා බළඝණ මූලස්ථානයේදී, 2025 ජුනි මස 27 වැනි දින සාර්ථකව පැවැත්වීමට කටයුතු කෙරිණි.

ඒ අනුව, එක්සත් ජනපද බලශක්ති දෙපාර්තමේන්තුවේ න්‍යෂ්ටික ජාවාරම් හඳුනාගැනීමේ සහ වැළැක්වීමේ කාර්යාලයේ (DOE-NSDD) නියෝජිතයින්, ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති මණ්ඩලයේ නියෝජිතයින් හා එක්ව 2025 ජුනි මස 23 වැනි දින සිට 27 වැනි දින දක්වා පැවැත්වූ මෙම පුහුණු පාඨමාලාව සඳහා විශේෂ යාත්‍රා බළඝණයේ නාවික පුද්ගලයින් දහසයක්ද (16), රසායනික, ජීව විද්‍යාත්මක, විකිරණශීලි හා න්‍යෂ්ටික උපද්‍රව සඳහා ප්‍රතිචාර දැක්වීමේ ඒකකයේ (CBRN Units) නාවික පුද්ගලයින් දහසයක්ද (16) සමගින් පුද්ගලයින් 32 ක් සහභාගි වූ අතර, ශ්‍රී ලංකා නාවික හමුදාවේ න්‍යෂ්ටික ජාවාරමට එරෙහිව සිදුකරන ක්‍රියාන්විත වල හැකියාව වැඩි දියුණු කිරීම සහ දියුණු විකිරණශීලි ද්‍රව්‍ය හඳුනාගැනීමේ උපකරණ භාවිතය පිළිබඳව පිරිස් පුහුණු කිරීම මෙහි මූලික අරමුණ විය.

තවද, එම අවස්ථාවට එක්සත් ජනපද බලශක්ති දෙපාර්තමේන්තුවේ න්‍යෂ්ටික ජාවාරම් හඳුනාගැනීමේ සහ වැළැක්වීමේ කාර්යාලය, ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති මණ්ඩලය නියෝජනය කරමින් එම ආයතනයන්හී නියෝජිතයින් පිරිසක් සහ නැගෙනහිර නාවික විධානයේ නිලධාරීන් පිරිසක් සහභාගී වී සිටියහ.