වැදගත් සිදුවීම්

නැව්පති සහ නාවික බළඇණියේ අණදෙන නිලධාරීන් අතර සිදුකෙරෙණ විශේෂ සාකච්ඡාව COs Conclave - 2025 සාර්ථකව නිමාවට පත්වෙයි

නැව්පති සහ නෞකාවන්ගේ අණදෙන නිලධාරීන් අතර වාර්ෂිකව සිදුකෙරෙණ විශේෂ සාකච්ඡාව (COs Conclave - 2025), නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් කාන්චන බානගොඩගේ ප්‍රධානත්වයෙන් සහ නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී ඇතුළු සියළුම අධ්‍යක්‍ෂ ජෙනරාල් වරුන්ගේ සහභාගීත්වයෙන්, 2025 ජුනි මස 27 වැනි දින නාවික හමුදා මූලස්ථානයේදී සාර්ථකව පැවැත්විණි.

03 Jul 2025

ත්‍රිකුණාමලය, නාවික හා සාගරික විද්‍යාපීඨයේ නව ආඥාපති වශයෙන් කොමදෝරු දිනේෂ් බණ්ඩාර වැඩ භාර ගනියි

ශ්‍රී ලංකා නාවික හමුදාවේ ප්‍රමුඛතම පුහුණු ආයතනය වන ත්‍රිකුණාමලය, නාවික හා සාගරික විද්‍යාපීඨයේ 41 වැනි ආඥාපති වශයෙන් කොමදෝරු දිනේෂ් බණ්ඩාර 2025 ජුලි මස 02 වැනි දින වැඩ භාර ගැනීම සිදුකෙරිණි.

03 Jul 2025

ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් බන්දු එදිරිසිංහ නාවික හමුදාධිපති හමුවෙයි

ශ්‍රී ලංකා ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් බන්දු එදිරිසිංහ, අද (2025 ජූලි 02) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් කාන්චන බානගොඩ හමුවිය.

02 Jul 2025

ධීවර ප්‍රජාව වඩාත් සුරක්‍ෂිත කිරීම වෙනුවෙන් මූලික ජීවිත ආධාරක පුහුණු වැඩසටහනක් නාවික හමුදාවේ මූලිකත්වයෙන් පවත්වයි

ශ්‍රී ලංකා නාවික හමුදාව, ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව හා එක්ව, ධීවර ප්‍රජාව වෙනුවෙන් මූලික ප්‍රථමාධාර සහ මූලික ජීවිත ආධාරක පුහුණු (Basic Life Support - BLS) වැඩසටහනක්, 2025 ජුනි මස 27 වැනි දින ත්‍රීකුණාමලය මූතූර් ධීවර වරාය කේන්ද්‍ර කර ගනිමින් සාර්ථකව පැවැත්වීමට කටයුතු කෙරිණි.

02 Jul 2025

ශ්‍රී ලංකාවේ ඇමරිකා එක්සත් ජනපද තානාපති කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක නිල හමුවක් සඳහා නාවික හමුදාධිපති හමුවෙයි

ශ්‍රී ලංකාවේ ඇමරිකා එක්සත් ජනපද තානාපති කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක ලුතිනන් කර්නල් මැතිව් ඇලන් හවුස් (Lieutenant Colonel Matthew Alan House) අද (2025 ජුනි 30) නිල හමුවක් සඳහා නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් කාන්චන බානගොඩ හමු විය.

01 Jul 2025