ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් බන්දු එදිරිසිංහ නාවික හමුදාධිපති හමුවෙයි

ශ්‍රී ලංකා ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් බන්දු එදිරිසිංහ, අද (2025 ජූලි 02) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් කාන්චන බානගොඩ හමුවිය.

ඒ අනුව, නාවික හමුදා මූලස්ථානය වෙත පිවිසි ගුවන් හමුදාධිපති, බටහිර නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් චන්දිම සිල්වා විසින් නාවික හමුදා මූලස්ථානය වෙත පිළිගැනීමෙන් පසු, සම්ප්‍රදායානුකූලව නාවික හමුදා සම්මාන ආචාර මුරයක් මඟින් උත්තමාචාර පිරිනැමීමට කටයුතු කෙරිණි. අනතුරුව, නාවික හමුදාධිපති විසින් නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානි ඇතුළු කළමනාකරණ මණ්ඩලය ගුවන් හමුදාධිපති වෙත හඳුන්වාදීම සිදුකෙරිණි.

හමුදාමය සම්ප්‍රදායන්ට අනුකූලව පැවති මෙම හමුවේදී, ගුවන් හා නාවික හමුදාධිපතීන් අතර ද්විපාර්ශවීය වශයෙන් වැදගත් කරුණු පිළිබඳව අදහස් හුවමාරුවක් සිදුවිය. තවද, ජාතික ආරක්‍ෂාව තහවුරු කිරීමේදී ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ සහ නාවික හමුදාවේ තීරණාත්මක දායකත්වය සම්බන්ධයෙන් එහිදී විශේෂ අවධානයක් යොමු කල අතර, සහෝදර හමුදා සමඟ බැදීම හා අන්තර් සේවා සහයෝගිතාව ශක්තිමත් කිරීම වෙනුවෙන් සිදුකල මෙම නිල හමුව සංකේතවත් කරමින් දෙපාර්ශවය අතර සමරු තිළිණ හුවමාරුවක් ද සිදුකෙරිණි.