නාවික හමුදාව ත්‍රීකුණාමලයේදී සෞඛ්‍ය ප්‍රවර්ධන වැඩසටහනක් සාර්ථකව පවත්වයි
ශ්‍රී ලංකා නාවික හමුදාව ත්‍රීකුණාමලය නගර සිංහ සමාජය හා එක්ව, බෝ නොවන රෝග හඳුනා ගැනීමේ සහ සෞඛ්‍ය ප්‍රවර්ධන වැඩසටහනක් 2025 අගෝස්තු මස 20 වැනි දින ත්‍රීකුණාමලය දිස්ත්‍රීක් ලේකම් කාර්යාල ශ්‍රවනාගාරයේදී සාර්ථකව පැවැත්වීමට කටයුතු කෙරිණි.
ඒ අනුව, “ක්ලීන් ශ්‍රී ලංකා” ජාතික වැඩසටහනට සමගාමීව, සමාජීය වශයෙන් ප්‍රජාව බල ගැන්වීමට දායක වෙමින්, නාවික හමුදාවේ තවත් සමාජීය මෙහෙවරක් ලෙස සංවිධානය කෙරුණු මෙම සෞඛ්‍ය ප්‍රවර්ධන වැඩසටහන මඟින්, දියවැඩියාව ඇතුළු බෝ නොවන රෝග මුලික අවස්ථාවේදී හැදුනාගැනීම පිළිබඳව ප්‍රජාව දැනුවත් කෙරිණි.
තවද, නැගෙනහිර නාවික විධාන වෛද්‍ය කාර්යය මණ්ඩලය විසින් සංවිධානය කෙරුණු මෙම සෞඛ්‍ය ප්‍රවර්ධන වැඩසටහන සඳහා ත්‍රීකුණාමලය නගරය සහ අවට ප්‍රදේශ වාසීන් විශාල පිරිසක් සහභාගී වී සිටියහ.