නාවික හමුදාව පොතුවිල් සිංහල මහා විද්‍යාලයේ සිසුන් වෙනුවෙන් මනෝවිද්‍යාත්මක උපදේශන වැඩසටහනක් සාර්ථකව පවත්වයි
අම්පාර, පොතුවිල් සිංහල මහා විද්‍යාලයේ සිසුදරුවන්ගේ මානසික සුවතාවය ඉහල නැංවීම වෙනුවෙන් සංවිධානය කළ මනෝවිද්‍යාත්මක උපදේශන සහ වෘත්තීය මාර්ගෝපදේශන වැඩසටහනක්, 2025 අගෝස්තු මස 21 වැනි දින ශ්‍රී ලංකා නාවික නෞකා මහනාග ආයතන ශ්‍රවනාගාරයේදී සාර්ථකව පැවැත්වීමට නාවික හමුදාව විසින් කටයුතු කෙරිණි.
‘ක්ලීන් ශ්‍රී ලංකා’ ජාතික වැඩසටහනට සමගාමීව, සමාජීය වශයෙන් ප්‍රජාව බලගැන්වීම සඳහා නාවික හමුදාව නිරන්තර ප්‍රජා සත්කාරක දායකත්වය ලබා දෙනු ලබයි.
ඒ අනුව, නාවික හමුදාවේ තවත් සමාජීය මෙහෙවරක් ලෙස, ගිනිකොන නාවික විධානය විසින් සංවිධානය කළ මෙම වැඩසටහන මඟින්, පාසල් සිසුදරුවන්ගේ පෞරුෂය ගොඩනැගීම අපේක්‍ෂා කෙරුණු අතර, එම වැඩසටහන සඳහා පොතුවිල් සිංහල මහා විද්‍යාලයේ සිසුදරුවන් පිරිසක් සහභාගී වී සිටියහ.