උතරු නාවික විධානයේ අභිනව ආඥාපති ලෙස රියර් අද්මිරාල් බුද්ධික ලියනගමගේ වැඩ භාර ගනියි
උතුරු නාවික විධානයේ අභිනව ආඥාපති වශයෙන් පත් කෙරුණු, රියර් අද්මිරාල් බුද්ධික ලියනගමගේ 2025 අගෝස්තු මස 21 වැනි දින උතුරු නාවික විධාන මූලස්ථානයේදී, එම නාවික විධානයේ ආඥාපති වශයෙන් වැඩ භාර ගැනීම සිදු කෙරිණි.
නාවික හමුදා සම්ප්‍රදායානුකූලව උතුරු නාවික විධානය වෙත රියර් අද්මිරාල් බුද්ධික ලියනගමගේ පිළිගැනීමෙන් අනතුරුව, එම නාවික විධානයේ ආඥාපති වශයෙන් කටයුතු කළ රියර් අද්මිරාල් ජගත් කුමාර විසින් විධාන මූලස්ථානයේදී ආඥාපති ධූරයෙහි රාජකාරීන් නව ආඥාපති වෙත භාර දීම සිදු කෙරිණි.