බංග්ලාදේශ ආරක්‍ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ නිලධාරීන් පිරිසක් නාවික හමුදාධිපති හමුවෙයි
ශ්‍රී ලංකාවේ අධ්‍යයන සංචාරයක නිරතවන බංග්ලාදේශ ආරක්‍ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ මාණ්ඩලික පාඨමාලාව හදාරනු ලබන බංග්ලාදේශ ත්‍රිවිධ හමුදා ශිෂ්‍ය නිලධාරීන් සහ අධ්‍යන කාර්ය මණ්ඩල සාමාජිකයින්ගෙන් සමන්විත, Group Captain Salahuddin Ahmed ගේ ප්‍රධානත්වයෙන් යුත් නිලධාරීන් කණ්ඩායමක්, 2025 සැප්තැම්බර් මස 08 වැනි දින නාවික හමුදා මූලස්ථානයේ දී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් කාන්චන බානගොඩ හමු විය.
ඒ අනුව, මෙම නිලධාරී කණ්ඩායම, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් කාන්චන බානගොඩ හමුවී සුහද පිළිසඳරක නිරතවීමෙන් අනතුරුව, එම අවස්ථාව සනිටුහන් කරමින් නාවික හමුදාධිපති සහ බංග්ලාදේශ ධූත පිරිසෙහි ප්‍රධානී අතර සමරු තිලිණ හුවමාරුවක්ද සිදු කෙරිණි.
තවද, ශ්‍රී ලංකා නාවික හමුදාවේ කාර්යභාරය සම්බන්ධයෙන් සිදුකෙරුණු දේශනයක් සඳහාද බංග්ලාදේශ ආරක්‍ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ නිලධාරීන් කණ්ඩායම සහභාගී වූ අතර, එම අවස්ථාව සඳහා අධ්‍යක්‍ෂ ජෙනරාල් මෙහෙයුම් ඇතුළු නාවික හමුදා මූලස්ථානයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් සහභාගී වූහ.


