වැදගත් සිදුවීම්

නාවික හමුදාවේ නව නිපැයුම් විශිෂ්ඨත්වය තහවුරු කරමින් වේග ප්‍රහාරක යාත්‍රාවක් වෙනුවෙන් නව මෙහෙයුම් පාලන පද්ධතියක්

නාවික හමුදා විදුලි හා විද්‍යුත් සැලසුම් මධ්‍යස්ථානයේ (Electrical and Electronic Design Centre - ENDC) නව නිපැයුම් විශිෂ්ඨත්වය විදහාපාමින් පී 421 වේග ප්‍රහාරක යාත්‍රාව වෙනුවෙන් නිර්මාණය කල නව මෙහෙයුම් පාලන පද්ධතිය (Naval Steering Control-NSC), එම යාත්‍රාව වෙත සවි කිරීමෙන් පසුව මෙහෙයුම් කටයුතු ආරම්භ කිරීම 2025 අගෝස්තු මස 25 වැනි දින නැගෙනහිර නාවික විධානයේ ආඥාපති, රියර් අද්මිරාල් රවීන්ද්‍ර තිසේරාගේ ප්‍රධානත්වයෙන් ත්‍රිකුණාමලය නාවික තටාකාංගනයේදී සිදුකෙරිණි.

09 Sep 2025

අභිනව පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතා නාවික හමුදාධිපති හමුවෙයි

ශ්‍රී ලංකා පොලීසියේ 37 වැනි පොලිස්පති ලෙස පත්වූ නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතා අද (2025 සැප්තැම්බර් 09) නාවික හමුදා මූලස්ථානයේදී, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් කාන්චන බානගොඩ හමුවිය.

09 Sep 2025

බංග්ලාදේශ ආරක්‍ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ නිලධාරීන් පිරිසක් නාවික හමුදාධිපති හමුවෙයි

ශ්‍රී ලංකාවේ අධ්‍යයන සංචාරයක නිරතවන බංග්ලාදේශ ආරක්‍ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ මාණ්ඩලික පාඨමාලාව හදාරනු ලබන බංග්ලාදේශ ත්‍රිවිධ හමුදා ශිෂ්‍ය නිලධාරීන් සහ අධ්‍යන කාර්ය මණ්ඩල සාමාජිකයින්ගෙන් සමන්විත, Group Captain Salahuddin Ahmed ගේ ප්‍රධානත්වයෙන් යුත් නිලධාරීන් කණ්ඩායමක්, 2025 සැප්තැම්බර් මස 08 වැනි දින නාවික හමුදා මූලස්ථානයේ දී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් කාන්චන බානගොඩ හමු විය.

09 Sep 2025