2024 ප්‍රසම්පාදන මාර්ගෝපදේශය පිළිබඳව නාවික පුද්ගලයින් දැනුවත් කිරීමේ වැඩසටහනක් නාවික හමුදා මූලස්ථානයේදී
නාවික හමුදාවේ නාවිකයන්ගේ වෘත්තීය දැනුම වැඩිදියුණු කිරීම වෙනුවෙන් ප්‍රසම්පාදන මාර්ගෝපදේශය 2024 (Procurement Guideline 2024) සහ ලංසු කැඳවීමේ ක්‍රීයාවලිය පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනක්, 2025 සැප්තැම්බර් මස 17 වැනි දින ජනාධිපති ලේකම් කාර්යාලයේ මූල්‍ය අංශයේ ප්‍රධාන ගණකාධිකාරී ජීඑස්කේ සමරතුංග මහතාගේ සම්පත් දායකත්වයෙන්, නාවික හමුදා මූලස්ථානයේ අද්මිරාල් සෝමතිලක දිසානායක ශ්‍රවණාගාරයේදී පැවැත්වීණි.
ඒ අනුව, මෙම දැනුවත් කිරීමේ වැඩසටහන මඟින් මූල්‍ය විචක්‍ෂණභාවය, නිවැරදි තීරණ ගැනීම, සැපයුම් ක්‍රියාවලියේ විනිවිදභාවය හා වගවීම සහ නාවික ප්‍රසම්පාදන ක්‍රියාවලියේ කාර්යක්‍ෂමතාව වැඩි දියුණු කිරීම පිළිබඳව දැනුවත් කෙරුණු අතර, වැඩසටහන සඳහා නාවික හමුදා සැපයුම් අංශයට අයත් නාවික හමුදා සහ සිවිල් කාර්ය මණ්ඩලයේ පිරිසක් සහභාගී වූහ.
තවද, මෙම දැනුවත් කිරීමේ වැඩසටහන මඟින්; 2024 ප්‍රසම්පාදන මාර්ගෝපදේශය වෙතින් ලබාදී ඇති ලංසු ඇගයීමේ නීතිරීතීන්ට අනුකූලව රාජකාරීන් සිදු කිරීම පිළිබඳ දැනුවත් කිරීම සහ ඒ තුළින් නිවැරදි ක්‍රමවේදයන්ට අනුකූල වූ කාර්යක්‍ෂම සැපයුම් ක්‍රියාවලියක් ස්ථාපනය කිරීම නාවික හමුදාව අපේක්‍ෂා කෙරිණි.