වැදගත් සිදුවීම්
ශ්‍රී ලංකා නාවික හමුදාවේ අභිමානවත් 75 වන සංවත්සරය වෙනුවෙන් ධජ ආශිර්වාද පූජා සහ කඤ්චුක පූජා පුණ්‍ය මහෝත්සවය අනුරාධපුර පුද බිමේදී
2025 දෙසැම්බර් මස 09 වන දිනට යෙදී තිබෙන ශ්‍රී ලංකා නාවික හමුදාවේ අභිමානවත් 75 වන සංවත්සරය නිමිත්තෙන් කඤ්චුක පූජා පුණ්‍ය මහෝත්සවය සහ නාවික ධජ වෙත සෙත් පැතීමේ ධජ ආශිර්වාද පූජා පුණ්‍ය මහෝත්සවය, නාවික හමුදා බෞද්ධ සංගමයේ මූලිකත්වයෙන් 2025 ඔක්තෝබර් මස 30 සහ 31 දිනයන්හි, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් කාන්චන බානගොඩගේ ප්‍රධානත්වයෙන් අනුරාධපුර පුදබිමේදී පැවැත්වුණු අතර, එම අවස්ථාව සඳහා නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනී, අනුෂා බානගොඩ මැතිනියද සහභාගී විය.
31 Oct 2025
පුත්තලම සෙම්බුකුලිය වැවේ අක්‍රීය සොරොව් දොරටුව අළුත්වැඩියාව සඳහා නාවික හමුදා කිමිදුම් සහය
පුත්තලම, මහකුඹුක්කඩවල, සෙම්බුකුලිය වැවේ අක්‍රීය තත්වයේ පැවති සොරොව් දොරටුව අළුත්වැඩියා කර නැවත ක්‍රියාකාරී තත්වයට පත් කිරීම සඳහා, 2025 ඔක්තෝබර් මස 27 වැනි දින කිමිදුම් සහාය ලබා දීමට නාවික හමුදාව විසින් කටයුතු කෙරිණි.
31 Oct 2025
නාවික හමුදාවේ අභිමානවත් 75 වන සංවත්සරයට සමගාමීව විශේෂ ජංගම දන්ත වෛද්‍ය සායනයක් වේයන්ගොඩදී
ශ්‍රී ලංකා නාවික හමුදාවේ අභිමානවත් 75 වන සංවත්සරය නිමිත්තෙන් සහ ලෝක මුඛ සෞඛ්‍ය දිනය හා ලෝක ළමා දිනය වෙනුවෙන් සංවිධානය කළ විශේෂ ජංගම දන්ත වෛද්‍ය සායනයක් 2025 ඔක්තෝබර් මස 26 වැනි දින, වේයන්ගොඩ සිරිසුමන දහම්පාසලේදී සාර්ථකව පැවැත්විණි.
31 Oct 2025
ශ්‍රී ලංකා නාවික හමුදාව වෙළඳ නෞකා ආරක්‍ෂක කණ්ඩායම් වෙතින් අවි සහ උපාංග තොගය භාර ගනියි
සමුද්‍රීය ආරක්‍ෂක මෙහෙයුම් සිදුකරනු ලබන පෞද්ගලික ආරක්‍ෂක සමාගම් හා අනුබද්ධ දේශීය නියෝජිතයින්ගේ ආරක්‍ෂක කණ්ඩායම් වෙනුවෙන් පහසුකම් සැලසීමේ මෙහෙයුම් ස්වාධීනව සිදුකිරීම නාවික හමුදාව ආරම්භ කෙරුණු අතර, ඒ යටතේ වෙළඳ නෞකා ආරක්‍ෂක කණ්ඩායම් වෙතින් ලද ගිනි අවි, උණ්ඩ සහ අනෙකුත් උපාංග තොගය ආරක්‍ෂිතව ගබඩා කිරීම සඳහා නාවික හමුදාව වෙත භාරගැනීම, 2025 ඔක්තෝබර් මස 30 වැනි දින ගාල්ල, පෙට්ටිගලවත්ත වෙළඳ නෞකා ආරක්‍ෂක කණ්ඩායම් අවිගබඩා සංකීර්ණයේදී සිදුකෙරිණි.
31 Oct 2025
මැලේසියානු වෙරළාරක්‍ෂක බලකායට අයත් ‘KM BENDAHARA’ නෞකාව දිවයිනෙන් පිටත් වෙයි
මැලේසියානු නාවික හමුදාවට අයත් ‘KM BENDAHARA’ යුද නෞකාව, සැපයුම් හා සේවා අවශ්‍යතා සපුරාගැනීමෙන් අනතුරුව, අද (2025 ඔක්තෝබර් 30) දිවයිනෙන් පිටත්ව යන ලද අතර, එම නෞකාව වෙත ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නාවික හමුදා සම්ප්‍රදායානුකූලව සමුදීම, කොළඹ වරායේදී සිදු කෙරිණි.
31 Oct 2025
‘AKEBONO’ නෞකා කාර්යය මණ්ඩලය ශ්‍රී ලංකා නාවික හමුදාව සමඟ එක්ව වෙරළ පවිත්‍ර කිරීමේ වැඩසටහනක්
නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණි ජපාන ස්වයං ආරක්‍ෂක සමුද්‍රීය බලකායට අයත් ‘AKEBONO’ නෞකාවේ කාර්යය මණ්ඩලය, ජපාන ශ්‍රී ලංකා නාවික සහයෝගීතාවය ශක්තිමත් කරමින්, ශ්‍රී ලංකා නාවික හමුදාව හා එක්ව, වෙරළ පවිත්‍ර කිරීමේ වැඩසටහනක් අද (2025 ඔක්තෝබර් 29) උදෑසන ගාලු මුවදොර ඉදිරිපස වෙරළ තිරයේදී සාර්ථකව පැවැත්විණි.
29 Oct 2025
නාවික හමුදාවේ 75 වැනි සංවත්සරය නිමිත්තෙන් දකුණු නාවික විධානයේ රුක් රෝපන වැඩ සටහනක් දියත් කෙරේ
2025 දෙසැම්බර් මස 09 වන දිනට යෙදී තිබෙන ශ්‍රී ලංකා නාවික හමුදාවේ අභිමානවත් 75 වන සංවත්සරය නිමිත්තෙන් නාවික හමුදාව සංවිධානය කල දීප ව්‍යාප්ත රුක් රෝපන වැඩසටහන යටතේ දකුණු නාවික විධානය විසින් සංවිධානය කල රුක් රෝපන වැඩ සටහන 2025 ඔක්තෝබර් මස 27 වැනි දින සාර්ථකව පැවැත්විණි.
29 Oct 2025
ජපාන සමුද්‍රීය ස්වයං ආරක්‍ෂක බලකායට අයත් AKEBONO නෞකාව නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණෙයි
ජපාන සමුද්‍රීය ස්වයං ආරක්‍ෂක බලකායට අයත් ‘AKEBONO’ නෞකාව නිල සංචාරයක් සඳහා අද (2025 ඔක්තෝබර් 28) දිවයිනට පැමිණි අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාව නාවික හමුදා සම්ප්‍රදායානුකුලව පිළිගැනීම කොළඹ වරායේදී සිදු කෙරිණි.
28 Oct 2025
නාවික හමුදාව මඟින් ස්ථාපනය කළ ප්‍රති ආශ්‍රැතිකරන ජල පිරිපහදු මධ්‍යස්ථානයක් වව්නියාවේදී ජනතා අයිතියට
නාවික හමුදා සමාජීය මෙහෙවර ව්‍යාපෘතිය යටතේ, වව්නියාව දිස්ත්‍රික්කයේ වව්නියාව දකුණ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ව/ ගාමිණී ජාතික පාසැල් භූමියේ ස්ථාපනය කල ප්‍රතිආශ්‍රැති ජල පිරිපහදු මධ්‍යස්ථානය (01) ජනතා අයිතියට පත්කිරීම 2025 ඔක්තෝබර් මස 27 වැනි දින සිදුකෙරිණි.
28 Oct 2025
පාරිසරික තිරසාරත්වය අගයමින් උතුරු නාවික විධානය ජනාධිපති පරිසර රිදී සම්මානයෙන් පිදුම් ලබයි
11 වැනි ජනාධිපති පරිසර සම්මාන උළෙල - 2025, මධ්‍යම පරිසර අධිකාරියේ සංවිධායකත්වයෙන්, 2025 ඔක්තෝබර් මස 23 වැනි දින කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මණ්ත්‍රන ශාලාවේදී ගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සාර්ථකව පැවැත්වුණු අතර, එහිදී පරිසර හිතකාමී රාජ්‍ය ආයතන අංශයෙන් ජනාධිපති රිදී සම්මානය උතුරු නාවික විධානය වෙත ප්‍රදානය කිරීම සිදු කෙරිණි.
28 Oct 2025


