ඕස්ට්‍රේලියානු ජාතික ආරක්‍ෂක විද්‍යාලයේ නියෝජිතයින් පිරිසක් නාවික හමුදා මුලස්ථානයේ නිල සංචාරයක නිරතවෙයි
ඕස්ට්‍රේලියානු ජාතික ආරක්‍ෂක විද්‍යාලයේ කර්නල් Brandon Wood ගේ ප්‍රධානත්වයෙන්, ඕස්ට්‍රේලියානු ජාතික ආරක්‍ෂක විද්‍යාලයේ ආරක්‍ෂක හා උපාය මාර්ගික අධ්‍යයන පාඨමාලාව හදාරනු ලබන නියෝජිත පිරිසක්, 2025 ඔක්තෝබර් මස 21 වැනි දින නාවික හමුදා මූලස්ථානයේ නිල සංචාරයක් සඳහා පැමිණි අතර, එහිදී එම නියෝජිතයින් පිරිස නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් කාන්චන බානගොඩ හමු විය.
මෙම නිල සංචාරය සඳහා ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක කර්නල් Amanda Johnston ද සහභාගී වු අතර, එහිදී නාවික හමුදාධිපති සහ ඕස්ට්‍රේලියානු නියෝජිත පිරිස අතර ද්වීපාර්ශ්වික වශයෙන් වැදගත් කරුණු පිළිබඳ සුහද පිළිසඳරක් පැවැත්විණි.
තවද, මෙම නිල හමුව සනිටුහන් කරමින් දෙපාර්ශ්වය අතර, සමරු තිළිණ හුවමාරුවක්ද සිදු කෙරිණි.