නාවික හමුදා විශේෂ යාත්‍රා බලඝණයේ 32 වන සංවත්සරය අභිමානවත්ව සමරයි

ශ්‍රී ලංකා නාවික හමුදා විශේෂ යාත්‍රා බලඝණයේ අභිමානවත් 32 වන සංවත්සරය 2025 නොවැම්බර් 06 වැනි දින ත්‍රීකුණාමලය, විශේෂ යාත්‍රා බලඝණ මූලස්ථානයේදී, එම බලඝණයේ අණදෙන නිලධාරී ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විනි.

1993 නොවැම්බර් මස 06 වන දින ආරම්භ කෙරුණු නාවික හමුදා විශේෂ යාත්‍රා බලඝණයේ 32 වන සංවත්සරය වෙනුවෙන්, නාවික හමුදා සම්ප්‍රදායන්ට අනුකූලව වැඩසටහන් මාලාවක් සංවිධානය කෙරිණි.

ඒ අනුව, මව්බිමේ සවෛරීභාවය හා භෞමික අඛණ්ඩතාවය සුරැකීම වෙනුවෙන් දිවි පිදූ වීරෝධාර රණවිරුවන් අනුස්මරණය හා අණදෙන නිලධාරීගේ අංශ පිරික්සුම සිදු කෙරිණි.