මානුෂිය ආධාර සහ ආපදා සහන පුහුණු සැසිය 2025 ක්‍ෂණික ක්‍රියාකාරි යාත්‍රා බලඝන මුලස්ථානයේදි ආරම්භ වෙයි.
මානුෂිය ආධාර සහ ආපදා සහන පුහුණු සැසිය 2025 නොවැම්බර් මස 12 වැනි දින පුත්තලම ඟගේ වාඩිය පිහිටි නාවික හමුදා ක්‍ෂණික ක්‍රියාකාරි යාත්‍රා බලඝන මූලස්ථානයේ, ආපදා කළමණාකරන පුහුණු පාසලේදි ආරම්භ විය.
“ All hands on deck” යන තේමාව යටතේ තෙදිනක් (03) පුරා පැවැත්වෙන මෙම පුහුණු සැසිය න්‍යායික සහ ප්‍රායෝගික අභ්‍යාසයන්ගෙන් සමන්විත වේ.
ඒ අනුව, පළමු දිනයේදී සමුළුව වෙත ආපදා සූදානම, සම්බන්ධිකරණය සහ ප්‍රතිචාර දැක්වීම සම්බන්ධයෙන් විෂය ප්‍රමානිත නිබන්ධන ඉදිරිපත් කිරිම වෘතීය වේදීන් විසින් සිදු කෙරිණී.
































