වැදගත් සිදුවීම්
75 වන නාවික හමුදා දිනය වෙනුවෙන් නාවික හමුදාවට ආශිර්වාද පතා ඒකාබද්ධ ක්‍රිස්තියානි සැමරුම් හා තුති පුද කිරීමේ දේව මෙහෙයක්
2025 දෙසැම්බර් මස 09 වන දිනට යෙදී තිබෙන ශ්‍රී ලංකා නාවික හමුදාවේ අභිමානවත් 75 වන සංවත්සරය නිමිත්තෙන් නාවික හමුදාවට ආශිර්වාද පතා පැවැත්වෙන ආගමික වැඩසටහන් මාලාවේ ඒකාබද්ධ ක්‍රිස්තියානි සැමරුම් හා තුති පුද කිරීමේ දේව මෙහෙය, නාවික හමුදා ක්‍රිස්තියානි සංගමයේ මූලිකත්වයෙන්, 2025 නොවැම්බර් මස 21 වන දින නාවික හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී හා අධ්යක්ෂ ජෙනරාල් සැපයුම් හා සේවා රියර් අද්මිරාල් රුවන් කළුබෝවිල ගේ ප්‍රධානත්වයෙන් කොටහේන, ශාන්ත ලුසියා ආසන දෙව්මැදුරේදී පැවැත්විණි.
25 Nov 2025
නාවික හමුදාවේ 75 වැනි සංවත්සරයට සමඟාමීව පැවැත්වෙන ජාත්‍යන්තර යුද නෞකා නිරීක්ෂණය - 2025 පිළිබඳ මාධ්‍ය දැනුවත් කිරීමේ සාකච්ඡාවක් රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේදී
ශ්‍රී ලංකා නාවික හමුදාවේ අභිමානවත් 75 වැනි සංවත්සරයට සමඟාමීව සමාජ, සදාචාරාත්මක සහ පාරිසරික මුල පිරීම් ආවරණය වන පරිදි, නාවික හමුදා සම්ප්‍රදායන්ට මුල් තැනක් දෙමින් වැඩසටහන් මාලාවක් පැවැත්වීමට නාවික හමුදාව කටයුතු සූදානම් කර ඇති අතර, ඒ යටතේ “Sailing Strong Together” යන තේමාව පෙරදැරිව පවත්වනු ලබන “ජාත්‍යන්තර යුද නෞකා නිරීක්ෂණය - 2025” පිලිබඳ මාධ්‍ය දැනුවත් කිරීමේ සාකච්ඡාවක් 2025 නොවැම්බර් මස 24 වැනි දින නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් කාන්චන බානගොඩගේ ප්‍රධානත්වයෙන්, රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තු පරිශ්‍රයේදී පැවැත්විණි.
25 Nov 2025
දිවිපිදූ සන්නද්ධ හමුදා සාමාජිකයන් සිහිපත් කිරීම සංකේතවත් කරමින් නාවික හමුදා සංගමය විසින් නාවික හමුදාධිපති වෙත පොපි මලක් පළඳවයි
මාතෘ භූමියේ ආරක්ෂාව වෙනුවෙන් පළමු ලෝක යුද සමයේ සිට මේ දක්වා දිවි පිදූ සන්නද්ධ හමුදා සාමාජිකයන් අනුස්මරණය කිරිම සහ ඔවුන්ගේ උදාර කැපවීමට ගෞරව දැක්වීම සංකේතවත් කරමින් පැවැත්වෙන පොපි මල් සැමරුමට සමගාමීව ශ්‍රී ලංකා නාවික හමුදා සංගමයේ සභාපති, රියර් අද්මිරාල් මනිල් මෙන්ඩිස් (විශ්‍රාමික) විසින් නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් කාන්චන බානගොඩ වෙත පොපි මලක් පැළඳවීම 2025 නොවැම්බර් මස 19 වැනි දින නාවික හමුදා මූලස්ථානයේදී සිදු කෙරිණි.
25 Nov 2025


