උතුරු ප්‍රදේශයේ සමුද්‍රීය ආරක්‍ෂාව සහ ප්‍රාදේශීය ගැටළු සඳහා අන්තර් සම්බන්ධීකරණ ප්‍රවිශ්ඨයක්
උතුරු ප්‍රදේශයේ සමුද්‍රීය ආරක්‍ෂක මෙහෙයුම් සහ පවත්නා කාලගුණික තත්වය පිළිබඳව සාකච්ඡා කිරීමේ විශේෂ බහු ආයතන සම්බන්ධීකරන රැස්වීමක්, 2025 දෙසැම්බර් මස 10 වැනි දින උතුරු නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් බුද්ධික ලියනගමගේ ගේ ප්‍රධානත්වයෙන් සහ යාපනය දිස්ත්‍රීක් ලේකම් එම් පිරතීපන් මහතා, උතුරු පලාතේ ප්‍රාදේශීය ලේකම්වරුන් සහ පලාත් මාර්ග සංවර්ධන, ආපදා කළමනාකරණ, ධීවර හා ජලජ සම්පත්, විදුලිබල, රේගු සහ පොලිස් දෙපාර්තමේන්තුවේ නියෝජිතයන්ගේ සහභාගීත්වයෙන් උතුරු නාවික විධාන මූලස්ථානයේදී පැවැත්විණි.
ඒ අනුව, මෙම විශේෂ බහු ආයතන සම්බන්ධීකරන රැස්වීමේදී, උතුරු මුහුදු ප්‍රදේශයේ දේශීය හා විදේශීය ධීවර ප්‍රජාව විසින් සිදුකරනු ලබන නීති විරෝධී ධීවර කටයුතු, විවිධ ජාවාරම් කටයුතු සහ පවත්නා අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් ආපදාවට පත් ජනතාව වෙත සහන සැලසීම ඇතුළු මෙහෙයුම් කටයුතු අන්තර් ආයතන සහයෝගීත්වයෙන් සිදුකිරීම සම්බන්ධයෙන් අවධානය යොමු කෙරිණි.
එමෙන්ම, පරිසරයට බලපෑමක් නොවන ලෙස උතුරු ප්‍රදේශයේ කසල කළමනාකරණය කිරීම, ප්‍රවේශ මාර්ග, ඉඩම් අතපත්කර ගැනීම්, කන්කසන්තුරය වරායේ දිය කඩනයේ තත්වය, රාජසන්තක කර ඇති ධීවර යාත්‍රා සම්බන්ධව, වෙරළ පවිත්‍ර කිරීම හා ඩෙංගු මර්දන වැඩසටහන් ක්‍රියාත්මක කිරීම, මගී ප්‍රවාහන ෆෙරි යාත්‍රාවන්ගේ සුරක්‍ෂිතතාවය, වඩතාරකී සහ එළුතාරකී මගී ප්‍රවාහන ෆෙරි යාත්‍රාවන්ගේ අළුත්වැඩියා කටයුතු සහ එළඹෙන කච්චතිව් මංගල්‍ය සඳහා සූදානම පිළිබඳවද මෙම සාකච්ඡාවේදී අවධානය යොමු කෙරිණි.
තවද, මෙම රැස්වීමේදී උතුරු නාවික විධානයේ ආඥාපති විසින්, උතුරු ප්‍රදේශයේ සමුද්‍රීය ආරක්‍ෂාව සහ ප්‍රාදේශීය සංවර්ධන කටයුතු වෙනුවෙන් ප්‍රදේශයේ රාජ්‍ය ආයතනයන්ගේ දායකත්වය ඇගයීමට ලක්කරන ලදි.







