78 වැනි ජාතික නිදහස් දින සැමරුම් උළෙල සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව මහත් අභිමානයෙන් යුතුව සහභාගී වෙයි
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපති හා සන්නද්ධ හමුදා සේනාධිනායක, ගරු අනුර කුමාර දිසානායක මැතිතුමා ගේ ප්‍රධානත්වයෙන් “ගොඩනගමු ශ්‍රී ලංකා” යන තේමාව පෙරදැරිව, කොළඹ නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේදී අද (2026 පෙබරවාරි 04) පෙරවරුවේ පැවති 78 වැනි ජාතික නිදහස් සැමරුම් උළෙල සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව මහත් අභිමානයෙන් යුතුව සහභාගී විය.
ත්‍රිවිධ හමුදාධිපති වරුන් සහ පොලිස්පති විසින් නිදහස් උත්සව පරිශ්‍රය වෙත පැමිණි ගරු ජනාධිපතිතුමන් ජාතික ධජය එසවීම සඳහා කොඩි කණුව සහිත පීඨිකාව වෙත කැටුව යාමෙන් පසු, ගරු ජනාධිපතිතුමා විසින් ජාතික ධජය එසවීමත් සමග 78 වැනි ජාතික නිදහස් දින සැමරුම් උත්සවයේ කටයුතු ආරම්භ විය.
78 වැනි නිදහස් සමරු උළෙලේ ආචාර පෙළපාලිය සඳහා නාවික හමුදාවේ නිලධාරීන් 57ක් සහ නාවිකයින් 636 දෙනෙක් අංශ අටකින් (08) යුතුව සහභාගී විය. ශ්‍රී ලංකා නාවික හමුදාව නියෝජනය කරමින් සපුගස්කන්ද ආරක්ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යායතනයේ, නාවික හමුදා ප්‍රධාන උපදේශක සහ නියෝජ්‍ය ජල ශාස්ත්‍ර ප්‍රධානී, කොමදෝරු නලින්ද දිසානායක ආචාර පෙළපාලියේ පෙර ගමන් රථයේ සිට ගරු ජනාධිපතිතුමා වෙත ආචාරය පිරිණමන ලද අතර, නාවික හමුදා ආචාර පෙළපාලියේ අණදීම කොමාණ්ඩර් හේමන්ත පෙරේරා විසින් සහ එහි ප්‍රධාන සරඹ උපදේශක ලෙස පාලක ප්‍රධාන සුළු නිලධාරී ජේඒආර් ආනන්ද කටයුතු කෙරිණි.
78 වැනි ජාතික නිදහස් දින ආචාර පෙළපාලියේ නාවික හමුදා ධජය රැගෙන ලුතිනන් කොමාණ්ඩර් රන්දීප් නිරෝෂන් ගමන් කළ අතර, පාලක ප්‍රධාන සුළු නිලධාරි ඩබ්ඒයූආර් ප්රියදර්ශණගේ නායකත්වයෙන් නාවික හමුදා සමූහ තූර්ය වාදක කණ්ඩායම පෙළපාලියට එක්විය. ශ්‍රී ලංකා නාවික හමුදාව සහ නාවික හමුදාවේ, නාවික හා සාගරික විද්‍යාපීඨය, උතුරු හා නැගෙනහිර නාවික විධානය, දියත් විධානය, හතරවන වේග ප්‍රහාරක යාත්‍රා සමූහය, ස්වෙච්ඡා නාවික හමුදාව සහ විශේෂ යාත්‍රා බළඝණය වෙත පිරිනමන ලද ජනාධිපති වර්ණ ධජ රැගෙන ගමන්ගත් නිලධාරින්ගෙන් අනතුරුව, ලුතිනන් කොමාණ්ඩර් ප්‍රභාත් දැරණියගල අණදුන් හා සුළු නිලධාරී එස්එන්ආර් සෝමසිරි සරඹ උපදේශක ලෙස කටයුතු කළ නාවික හමුදා මුලස්ථාන අංශය ආචාර පෙළපාලියට එක් විය.
නාවික හමුදා ආචාර පෙළපාලියේ දෙවන අංශය ලෙස ලුතිනන් කොමාණ්ඩර් කවිඳු ජයසූරිය ගේ අණදීමෙන් හා සමූහ ප්‍රධාන සුළු නිලධාරී ඩීකේඑස්ඩී චතුරංග සරඹ උපදේශක ලෙස කටයුතු කළ ජනාධිපති වර්ණයෙන් පිදුම් ලද නාවික හමුදා දියත් විධානයේ අංශය පෙළපාලියේ ගමන් කෙරිණි.
ජනාධිපති වර්ණයෙන් පිදුම් ලද, නාවික හමුදා හතරවන වේග ප්‍රහාරක යාත්‍රා සමුහයේ අංශය, තෙවන අංශය ලෙස ආචාර පෙළපාලියට එක්වු අතර, ඒ සඳහා අණදීම ලුතිනන් කොමාණ්ඩර් සංක පීරිස් විසින් සහ සරඹ උපදේශක ලෙස සුළු නිලධාරී ජේඒසීකේ ජයසිංහ විසින් කටයුතු කරන ලදි.
ආචාර පෙළපාලියේ සිව්වන අංශය ලෙස නාවික හමුදාවේ සියලුම අංශයන් නියෝජනය කරනු ලබන, කාන්තා නාවික අංශය ගමන් කළ අතර, ඒ සඳහා අණදීම, ලුතිනන් කොමාණ්ඩර් උදානි පෙරේරා විසින් සහ සරඹ උපදේශක ලෙස බල කාන්තා නැවි ජේටී රුවන්දනී විසින් කටයුතු කෙරිණි.
ජනාධිපති වර්ණයෙන් පිදුම් ලද නාවික හමුදා විශේෂ යාත්‍රා බලඝණ අංශය පස්වන අංශය ලෙස පෙළපාලියේ ගමන් කළ අතර, ඒ සඳහා අණදීම ලුතිනන් කොමාණ්ඩර් ධනුක රංගන විසින්ද සරඹ උපදේශකත්වය ප්‍රධාන සුළු නිලධාරී ඩීජීඒකේ රාජපක්ෂ විසින්ද සිදු කෙරිණි.
ආචාර පෙළපාලියේ හයවන අංශය ලෙස ක්ෂණික ක්‍රියාකාරී යාත්‍රා බලඝණ අංශයත් හත්වන අංශය ලෙස මැරින් බළකායේ අංශයත් ගමන් කළ අතර, ක්ෂණික ක්‍රියාකාරි යාත්‍රා බළඝණ අංශයට අණදීම ලුතිනන් කොමාණ්ඩර් චානක අමරසිරි විසින් සහ එහි සරඹ උපදේශක ලෙස ප්‍රධාන සුළු නිලධාරී බීඩබ්එස්ඒකේ වීරසේන ද, මැරීන් බළකා අංශයට අණදීම ලුතිනන් කොමාණ්ඩර් ගිහාන් වීරසිංහ සහ එහි සරඹ උපදේශක ලෙස නායක නැවි එස්එස් කොහුනුවත්ත ද කටයුතු කෙරිණි.
නාවික හමුදා ආචාර පෙළපාලීයේ අවසාන අංශය ලෙස ශ්‍රී ලංකා වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අංශය පෙළපාලියට එක්විය. ලුතිනන් කොමාණ්ඩර් සඳුන් නාවලගේ විසින් වෙරළ ආරක්ෂක ධජය රැගෙන ගමන් ගත් වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තු අංශය සඳහා අණදීම ලුතිනන් කොමාණ්ඩර් මාධව වික්‍රමසිංහ විසින් ද, එහි සරඹ උපදේශක ලෙස ප්‍රධාන සුළු නිලධාරී ඩීකේ විජේරත්න විසින්ද කටයුතු කෙරිණි.
එමෙන්ම, 78 වැනි ජාතික නිදහස් උත්සවයේදී ජාතික ධජය එසවීමේ අවස්ථාව සඳහා සම්ප්‍රදායානුකූලව ජාතික ධජය සූදානම් කිරීම හා ඒ හා සම්බන්ධ කටයුතු නාවික හමුදාවේ දායකත්වයෙන් සිදු කෙරුණු අතර, ජාතික ගීය ගායනයේදී සහ 78 වැනි ජාතික නිදහස් දිනයට ආශිර්වාද පතා ජයමංගල ගාථා ගායනයේදී සංගීතය සැපයීම නාවික හමුදාවේ දායකත්වයෙන් සිදු කෙරිණි. තවද, නිදහස් උත්සවය අවසානයේ පැවති සංස්කෘතික සන්දර්ශණය සඳහාද නාවික හමුදා නර්ථන ශිල්පීන්ගේ දායකත්වය ලබාදීමට නාවික හමුදාව විසින් කටයුතු කෙරිණි.
නාවික හමුදාව නියෝජනය කරමින්, 78 වැනි ජාතික නිදහස් සැමරුම් උළෙල සඳහා නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් කාන්චන බානගොඩ හා නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනී අනූෂා බානගොඩ මැතිණිය, නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී රියර් අද්මිරාල් ඩේමියන් ප්‍රනාන්දු ඇතුළු නාවික හමුදාවේ ජ්‍යේෂ්ඨ නිලධාරීන් පිරිසක් සහභාගී වී සිටියහ.


