ජපාන ස්වයං ආරක්‍ෂක සමුද්‍රීය බලකායට අයත් “JMSDF OONAMI” නෞකාව සුහද සංචාරයක් සඳහා 2026 මාර්තු මස 09 වැනි දින දිවයිනට පැමිණි අතර, සුහද සංචාරය අවසන් කරමින්, සේවා අවශ්‍යතා සපුරා ගැනීමෙන් පසුව 2026 මාර්තු මස 11 වැනි දින දිවයිනෙන් පිටත් විය. “JMSDF OONAMI” නෞකාව වෙත ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නාවික හමුදා සම්ප්‍රදායානුකූලව සමුදීම කොළඹ වරායේදී සිදු කෙරිණි.