රජයේ විද්‍යුත් ප්‍රසම්පාදන (Electronic Government Procurement - e-GP) පද්ධතිය ක්‍රියාත්මක කිරීමේ මුලපිරීම් හා සමගාමීව, ශ්‍රී ලංකා නාවික හමුදාව, නාවික හමුදා සැපයුම් හා සේවා හා සම්බන්ධ විද්‍යුත් ප්‍රසම්පාදන පද්ධතිය සක්‍රීය කිරීම සනිටුහන් කරමින් ක්‍රියාවට නංවන ලද නියමු ව්‍යාපෘතිය පිලිබඳ විශේෂ සාකච්ඡාවක්, 2026 මාර්තු මස 13 වැනි දින නාවික හමුදා අධ්‍යක්ෂ ජෙනරාල් සැපයුම් හා සේවා ගේ ප්‍රධානත්වයෙන්, නාවික හමුදා මූලස්ථානයේදී පැවැත්විණි.