වැදගත් සිදුවීම්
ශ්‍රී ලංකා නාවික හමුදා කැස්බෑ සංරක්ෂණ ව්‍යාපෘතිය මගින් කැස්බෑ පැටවුන් 16 ක් සාගරයට මුදා හරියි

ශ්‍රී ලංකා නාවික හමුදාවේ කැස්බෑ සංරක්ෂණ ව්‍යාපෘතිය යටතේ ක්‍රියාත්මක ගිණිකොණ නාවික විධානයේ පානම කැස්බෑ සංරක්ෂණ මධ්‍යස්ථානය මගින් කැස්බෑ පැටවුන් 16 දෙනෙක් සයුරට මුදා හැරීම අද (2020 මාර්තු 16) සිදු කරන ලදි.
16 Mar 2020
නාවික හමුදා සහ පොලිස් ඒකාබද්ධ මෙයෙහුමක් මගින් හෙරොයින් සමඟ පුද්ගලයෙකු අත් අඩංගුවට

නාවික හමුදාව සහ ත්‍රිතුණාමලය, පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය එක්ව ත්‍රිකුණාමලය ප්‍රදේශය කේන්ද්‍ර කර ගනිමින් 2020 මාර්තු 15 වන දින ක්‍රියාත්මක කල ඒකාබද්ධ මෙහෙයුමක් මගින් හෙරොයින් සමඟ පුද්ගලයෙකු (01) අත් අඩංගුවට ගැනීමට සමත්විය.
16 Mar 2020
කේරළ ගංජා සමග දෙදෙනෙක් නාවික හමුදා භාරයට.

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් 2020 මාර්තු 15 වන දින කෝනේශ්වරම් වලට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේදී කේරළ ගංජා සමග පුද්ගලයින් දෙදෙනෙක් (02) නාවික භාරයට ගැනීමට සමත් විය.
16 Mar 2020
ශ්‍රී ලංකා නාවික නෞකා දක්ෂිණ ආයතනය සිය 28 වන සංවත්සරය අභිමානවත් ලෙස සමරයි

ගාල්ල, ශ්‍රී ලංකා නාවික නෞකා දක්ෂිණ ආයතනයේ 28 වන සංවත්සරය පසුගිය මාර්තු 09 දිනට යෙදී තිබූ අතර, එය නිමිති කර ගනිමින් එම ආයතනයේ අණදෙන නිලධාරී, කපිතාන් නදිත් වල්පොල ඇතුළු නැව් මුළුව විසින් පසුගිය දින කිහිපය තුළදී ආගමික සහ සමාජ සුභ සාධන වැඩසටහන් රාශියක් ක්‍රියාත්මක කරන ලදී.
16 Mar 2020
කාකතිව් දූපතෙන් කේරළ ගංජා තොගයක් අත්අඩංගුවට ගැනීමට නාවික හමුදා සහය.

ශ්‍රී ලංකා නාවික හමුදාව සහ සංකානෙයි සුරාබදු කාර්යාලය එක්ව අද (2020 මාර්තු 15) මන්නාරම, කිරන්චි ප්‍රදේශයේ කාකතිව් දූපතේ සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී කිලෝ 142 කට අධික කේරළ ගංජා තොගයක් අත්අඩංගුවට ගන්නා ලදි .
15 Mar 2020
ශ්‍රී ලංකා නාවික හමුදා කැස්බෑ සංරක්ෂණ ව්‍යාපෘතිය මගින් කැස්බෑ පැටවුන් 103 ක් සාගරයට මුදා හරියි

ශ්‍රී ලංකා නාවික හමුදාවේ කැස්බෑ සංරක්ෂණ ව්‍යාපෘතිය යටතේ ක්‍රියාත්මක ගිණිකොණ නාවික විධානයේ පානම කැස්බෑ සංරක්ෂණ මධ්‍යස්ථානය මගින් කැස්බෑ පැටවුන් 103 දෙනෙක් සයුරට මුදා හැරීම අද (2020 මාර්තු 15) සිදු කරන ලදි.
15 Mar 2020
තහනම් ධීවර කටයුතුවල නිරත වූ පුද්ගලයින් 17 දෙනෙක් නාවික භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් 2020 මාර්තු මස 14 වන දින නැගෙනහිර මුහුදේ සිදු කල සෝදිසි මෙහෙයුම් දෙකකදී නීති විරොධී ධීවර කටයුතු වල නිරත වූ පුද්ගලයින් 17 දෙනෙක්, ට්‍රෝලර් යාත්‍රා 03ක් සහ ඩිංගි යාත්‍රා 03ක් නාවික භාරයට ගැනීමට සමත්විය.
15 Mar 2020
මසුන් ඇල්ලීමට යොදා ගන්නා තහනම් දැලක් නාවික හමුදා භාරයට

නාවික හමුදාව විසින් 2020 මාර්තු 14 වන දින යාපනය කෝකිලායි වෙරළ තීරයේ සිදු කල පාමුර සංචාරයකදී වෙරළේ නවතා තිබූ රෝද තුනක් සහිත යතුරු පැදියක තිබී මසුන් ඇල්ලීමට යොදා ගන්නා තහනම් දැලක් නාවික හමුදා භාරයට ගන්නා ලදි.
15 Mar 2020
මුලතිව්, වඩ්ඩුවාකල් වෙරළ තීරයේ තිබී පැති බෝම්බයක් නාවික හමුදා භාරයට

මුලතිව්, වඩ්ඩුවාකල් වෙරළ තීරයේ තිබී 2020 මාර්තු 14 වන දින පැති බෝම්බයක් නාවික හමුදාව විසින් තම භාරයට ගැනීමට කටයුතු කරන ලදි.
15 Mar 2020
එංගලන්ත ත්‍රිවිධ හමුදා කණ්ඩායම සහ ශ්‍රීලංකා නාවික හමුදාව අතර සුහද ක්‍රිකට් තරගයක්

මෙම මස 10 වන දින සංචාරයක් සඳහා දිවයිනට පැමිණි එංගලන්ත ත්‍රිවිධ හමුදා කණ්ඩායම සහ නාවික හමුදා ක්‍රිකට් කණ්ඩායම අතර සුහද ක්‍රිකට් තරඟයක් 2020 මාර්තු 14 වන දින වැලිසර නාවික හමුදා ක්‍රීඩාංගනයේදී පවත්වන ලදි.
15 Mar 2020