වැදගත් සිදුවීම්
දේශීය නිෂ්පාදිත ගිණි අවියක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට

නාවික හමුදාව විසින් අද (2020 මාර්තු 14) චාවකච්චේරිය, වෙඩ්ඩුකාඩු ප්‍රදේශයේ සිදුකල පාමුර සංචාරයකදී කොටන තුවක්කුවක් සමඟ සැකකරුවෙකු සිය භාරයට ගන්නා ලදි.
14 Mar 2020
මුහුදු මාර්ගයෙන් ගෙන ඒමට තැත්කල කේරළ ගංජා කිලෝ 485ක් නාවික හමුදා අත්අඩංගුවට.

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් අද (2020 මාර්තු 14) උතුරු මුහුදේ ක්‍රියාත්මක කල විශේෂ සෝදිසි මෙහෙයුම් දෙකකදී කේරළ ගංජා කිලෝ 485 ක් අත් අඩංගුවට ගැනීමට සමත් විය. ඒ අනුව ගත වූ දින 75 කාලය තුළදී දිවයින වටා මුහුදු තීරයේදී සහ රට අභ්‍යත්තරයේ සිදුකරන ලද සෝදිසි මෙහෙයුම් මගින් කේරළ ගංජා ටොන් දෙකකට (02) ආසන්න තොගයක් නීතියේ රැහැනට හසු කර දීමට නාවික හමුදාව සමත්වී ඇත.
14 Mar 2020
පලෙයිතිව් ශාන්ත අන්තෝනි දේවස්ථානයේ වාර්ෂික මංගල්‍යය පැවැත්වීමට නාවික හමුදා සහාය

පලෙයිතිව් ශාන්ත අන්තෝනි දේවස්ථානයේ වාර්ෂික දේව මංගල්‍යය 2020 මාර්තු 13 සහ 14 යන දිනයන්හි උත්කර්ශවත් අයුරින් පවත්වන ලද අතර, ඒ සඳහා යාපනය සහ කිලිනොච්චි යන දිස්ත්‍රික්කයන් හි වෙසෙන කතෝලික බැතිමතුන් විශාල පිරිසක් සහභාගී විය.
14 Mar 2020
ශ්‍රී ලංකා නාවික හමුදා කැස්බෑ සංරක්ෂණ ව්‍යාපෘතිය මගින් කැස්බෑ පැටවුන් 25 ක් සාගරයට මුදා හරියි

ශ්‍රී ලංකා නාවික හමුදාවේ කැස්බෑ සංරක්ෂණ ව්‍යාපෘතිය යටතේ ක්‍රියාත්මක ගිණිකොණ නාවික විධානයේ පානම කැස්බෑ සංරක්ෂණ මධ්‍යස්ථානය මගින් කැස්බෑ පැටවුන් 25 දෙනෙක් සයුරට මුදා හැරීම අද (2020 මාර්තු 14) සිදු කරන ලදි.
14 Mar 2020
‘නව කොරෝනා’ හෙවත් ‘කොවිඩ් 19’ වෛරසය පාලනයට නාවික හමුදාවේ සූදානම

ශ්‍රී ලංකා නාවික හමුදාව, සුව සැරිය ගිලන් සේවය, වරාය ගිණි නිවීමේ අංශය හා වරාය අධිකාරියේ සෞඛ්‍ය නිලධාරීන්, ජාතික නිරෝධායන ඒකකයේ වෛද්‍යවරු පිරිසක් එක්ව 2020 මාර්තු 13 වන දිනකොළඹ වරාය පරිශ්‍රයේදී ‘නව කොරෝනා’ හෙවත් ‘කොවිඩ් 19’ වෛරසය ආදනය වූ බවට සැක සහිත පුද්ගලයෙකු නෞකා මගින් පැමිණියහොත් එම රෝගියා නෞකාවේ
14 Mar 2020
බලපත්‍ර රහිතව හක් බෙල්ලන් ළඟ තබා ගෙන සිටි පුද්ගලයෙක් (01) නාවික හමුදා සහයෙන් අත්අඩංගුවට

ශ්‍රී ලංකා නාවික හමුදාව සහ මන්නාරම, සහකාර ධීවර පරීක්ෂක කාර්යාලය හා එක්ව 2020 මාර්තු 13 වන දින තලෙයිමන්නාරම, ඌරුමලෙයි ප්‍රදේශයේ සිදු කළ සෝදිසි මෙහෙයුමෙකදී නීති විරෝධි ලෙස හක් බෙල්ලන් ලඟ තබාගෙන සිටි සැකකරුවෙක් (01) අත්අඩංගුවට ගන්නා ලදි.
14 Mar 2020
කසළ තේ කොළ කිලෝග්‍රෑම් 224 ක් සමග සැකකරුවන් තිදෙනෙක් (03) නාවික හමුදා සහයෙන් නීතියේ රැහැනට

නාවික හමුදාව සහ වන්කාලේ පොලිසිය එක්ව 2020 මාර්තු 13 වන දින වන්කාලේ ප්‍රදේශයේදී කසළ තේ කොළ කිලෝග්‍රෑම් 224 ක් සමග සැකකරුවන් තිදෙනෙක් (03) අත්අඩංගුවට ගන්නා ලදි.
14 Mar 2020
නාවික හමුදාව පොලිසිය හා එක්ව සිදුකල මෙහෙයුමකින් කේරළ ගංජා සමඟ පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට.

ශ්‍රී ලංකා නාවික හමුදාව පොලිසිය හා එක්ව 2020 මාර්තු 13 වන දින රාගම ප්‍රදේශයේ සිදු කල සෝදිසි මෙහෙයුමකදී කේරළ ගංජා කිලෝ 01කට ආසන්න තොගයක් සමග පුද්ගලයින් දෙදෙනෙක් (02) අත් අඩංගුවට ගැනීමට සමත් විය.
14 Mar 2020
ශ්‍රී ලංකා හමුදා වෛද්‍ය සංගමයේ සිව්වැනි (04) වාර්ෂික ශාස්ත්‍රිය සැසිය සාර්ථකව නිමාවට පත්වේ

ශ්‍රී ලංකා හමුදා වෛද්‍ය සංගමයේ සිව්වැනි (04) වාර්ෂික ශාස්ත්‍රිය සැසිය 2020 මාර්තු 13 වන දින දෙහිවල, අත්තිඩිය, ඊගල්ස් ලේක් සයිඩ් උත්සව සහ සම්මන්ත්රණ ශාලාවේදී ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්, මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්නගේ ප්‍රදානත්වයෙන් පැවැත්විණි.
14 Mar 2020
ජ්‍යෙෂ්ඨ නාවිකයින් 50 දෙනෙකු සඳහා පොලී රහිත ණය මුදල් ප්රදානය කෙරේ

ශ්‍රී ලංකා නාවික හමුදාවේ රාජකාරී නියුතු ජ්‍යෙෂ්ඨ නාවිකයින් 50 දෙනෙකු සඳහා රුපියල් ලක්ෂ පහක් (05) බැගින් වූ පොලී රහිත ණය මුදල් ලබා දීම අද (2020 මාර්තු 13) නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා ගේ ප්‍රධානත්වයෙන් නාවික හමුදාධිපති කාර්යාලයේදී සිදු කෙරුණි.
13 Mar 2020