වැදගත් සිදුවීම්
නීති විරෝධී ධීවර කටයුතුවල නිරත ධීවරයින් 13 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට

නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් ඊයේ (16) පුල්මුඩේ, කොඩුවකට්ටුමලේ ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු සීමාවේදී තහනම් දැල් භාවිතා කරමින් නීති විරෝධී ලෙස ධීවර කටයුතු වල නිරත වූ ලාංකික ධීවරයින් 13 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.
17 Apr 2017
තවත් ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍රයක් විවෘත කෙරේ

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතාගේ මගපෙන්වීම යටතේ නාවික හමුදාව විසින් සිවිල් ජනතාව වෙනුවෙන් ප්‍රජා සත්කාරක සේවාවන් කීපයක් සිදු කරගෙන යනු ලබයි.
16 Apr 2017
මිරිස්ස ධීවර වරායේ නැංගුරම්ලා තිබු යාත්‍රා දෙකෙහි ඇති වු ගින්න මැඩ පැවැත්වීමට ශ්‍රී ලංකා වෙරළ ආරක්ෂක බළකායේ සහය

ශ්‍රී ලංකා වෙරළාරක්ෂක බළකාය සහ මාතර මහ නගර සභාව එක් සිදු කළ එකාබද්ධ මෙහෙයුමකින් ඊයේ (14) මිරිස්ස ධීවර වරායේ නැංගුරම්ලා තිබු Ceylon Speed Liner පුද්ගලික සමාගමට අයත් ' ඩීප් බ්ලූ ' සහ 'ස්පීඩ් ලයින් ' යන තල්මසුන් නැරඹීමේ යාත්‍රා දෙකෙහි ඇති වු ගින්න මැඩ පවත්වන ලදී.
15 Apr 2017
ගෝපාල්පුරම් මුහුදු ප්‍රදේශයේ දියේ ගිලෙමින් සිටි කාන්තාවක් බේරා ගැනේ

ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවට අනුයුක්ත ජීවිතාරක්ෂක කණ්ඩායමේ නාවිකයන් පිරිසක් විසින් ඊයේ (14) ගෝපාල්පුරම් ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු සීමාවේදී දියේ ගිලෙමින් සිටි කාන්තාවක් බේරා ගැනීමට සමත් විය.
15 Apr 2017
වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව විසින් දියේ ගිලෙමින් සිටි විදේශිකයින් දෙදෙනෙකු සහ ශ්‍රීලාංකිකයෙකු බේරා ගැනේ

මිරිස්ස සහ හික්කඩුව වෙරළ තීරයන්ට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ දිය නෑමට ගොස් ජල පහරකට හසු වී ගිලෙමින් සිටි විදේශිකයෙකු සහ ශ්‍රී ලාංකික පුද්ගලයෙකු අවස්ථා දෙකකදී බේරා ගැනීමට වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවට අනුයුක්ත ජීවිතාරක්ෂක කණ්ඩායමේ නාවිකයන් පිරිසක් ඊයේ (13) සමත් විය.
14 Apr 2017
කේරළ ගංජා කිලෝග්‍රෑම් 20 ක් සොයා ගැනේ

උතුරු නාවික විධානයට ලද බුද්ධි තොරතුරක් මත එම නාවික විධානයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් ඊයේ (12) ඩෙල්ෆ්ට් දූපතේ වල්ලියාර් වෙරළ තීරයේ තිබී අතහැර දමා ගොස් තිබූ කේරළ ගංජා කිලෝග්‍රෑම් 20 ක් සොයා ගන්නා ලදී.
13 Apr 2017
ශ්‍රී ලංකා සහ ඉන්දියානු නාවික හමුදාවන් ඒකාබද්ධ ජල මානක සමීක්ෂණයක නිරත වෙයි

ශ්‍රී ලංකා සහ ඉන්දියානු නාවික හමුදාවන් ඒකාබද්ධව මේ වන විටත් ජල මානක සමීක්ෂණ කටයුතු ක්‍රියාත්මක කරනු ලබන අතර, ඒ සඳහා ඉන්දියානු නාවික හමුදාවට අයත් සමීක්ෂණ නෞකාවන් වන දර්ශක් නෞකාව ද එක්වී ඇත.
12 Apr 2017
ලුතිනන් ගුණවර්ධන විසින් රචනා කරන ලද කෘති 2 ක් එළි දැක්වේ

ලුතිනන් විශන්ක ගුණවර්ධන මහතා විසින් රචනා කරන ලද ‘පවුල ලොවේ උතුම්ම සම්පතයි’ සහ ‘ප්‍රායෝගික මනෝ චිකිත්සා’ නමැති කෘති දෙකක් එළිදැක්වීමේ උළෙල අද (12) ශ්‍රී ලංකා නාවික නෞකා පරාක්‍රම ආයතනයේ අද්මිරාල් සෝමතිලක දිසානායක ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.
12 Apr 2017
රෝගියෙකු කඩිනම් ප්‍රථිකාර සඳහා රෝහල් ගත කිරීමට නාවික හමුදාවේ සහාය

පූක්කුලම් පිහිටි වෙරළ නිරීක්ෂණ ස්ථානයට ලද තොරතුරක් මත හදිසි අනතුරකට පත් එම ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු (45) කඩිනමින් වෛද්‍ය ප්‍රථිකාර සඳහා සිලාවතුර රෝහල වෙත ඇතුළත් කිරීමට නාවික හමුදාව අද (12) සහාය විය.
12 Apr 2017
සාර්ථක පුහුණු සංචාරයක් නිම කරමින් ශ්‍රීලංනානෞ සමුදුර සහ සුරනිමිල නෞකාවන් දිවයිනට පැමිණෙයි

පසුගිය 4 වන දින කොළඹ වරායෙන් ඉන්දියාව බලා පිටත්ව ගිය ශ්‍රී ලංකා නාවික හමුදාවට අයත් ශ්‍රීලංනානෞ සමුදුර සහ සුරනිමිල යන නෞකාවන් සාර්ථක සංචාරයකින් අනතුරුව අද (11) නැවත දිවයිනට ලඟා විය.
11 Apr 2017