වැදගත් සිදුවීම්
රුපියල් මිලියන 2.1 ක් වටිනා හෂීෂ් මත්ද්‍රව්‍ය තොගයක් සමග සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට

නාවික හමුදාවට ලද බුද්ධි තොරතුරක් මත ක්‍රියාත්මක වූ බටහිර නාවික විධානයට අනුයුක්ත නාවිකයන් පිරිසක් සහ පෑලියගොඩ පොලීසියේ නිලධාරීන් පිරිසක් එක්ව අද (19) සිදු කළ වැටලීමකදී කොළඹ ඉගුරුකඩේ මංසන්දියේදී අන්තරාදායක මත්ද්‍රව්‍යයක් වන හෂීෂ් මත්කුඩු කිලෝග්‍රෑම් 3 ක් සමග පුද්ගලයන් දෙදෙනෙකු (2) අත්අඩංගුවට ගෙන ඇත.
19 Jun 2017
සහන සැළසීමෙන් පසු ඇමරිකානු නාවික හමුදා ‘ලේක් ඊරි’ නෞකාව කොළඹ වරායෙන් නික්ම යයි

පසුගිය 11 වන දින පශ්චාත් සහන සැලසීමේ මෙහෙයුම් සඳහා මෙරටට පැමිණි ඇමරිකානු නාවික හමුදාවට අයත් ‘ලේක් ඊරි’ යුද නෞකාව අද (ජුනි 19) සිය සංචාරය සාර්ථක ලෙස නිමා කරමින් කොළඹ වරායෙන් පිටත් විය.
19 Jun 2017
ඉන්දියානු දුම්කොළ නිෂ්පාදන තොගයක් සොයාගැනේ

නාවික හමුදාවට ලැබුණු බුද්ධි තොරතුරක් මත ක්‍රියාත්මක වූ උතුරු නාවික විධානයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් ඊයේ (18) පුන්ගුඩුතිව් ප්‍රදේශයේ තිබී ඉන්දියානු දුම්කොළ නිෂ්පාදන තොගයක් සොයා ගෙන ඇත.
19 Jun 2017
ඩයලොග් අන්තර් ක්‍රීඩා සමාජ රග්බි ශුරතා තරඟාවලියේ දෙවන අධියරේ ශූරතාවය දිනා ගැනීමට නාවික හමුදාව සමත් වෙයි

ඩයලොග් අන්තර් සමාජ සත් සාමාජික රග්බි තරඟාවලියේ 2017 දෙවන අධියරේ තරඟ ඊයේ (17) සහ අද (18) යන දෙදින වැලිසර ශ්‍රී ලංකා නාවික හමුදා ක්‍රීඩා පිටියේදී පැවැත්වූ අතර, එහි ශූරතාවය දිනා ගැනීමට නාවික හමුදාව සමත් විය.
18 Jun 2017
ඉන්දියාවේ සිට මෙරටට රැගෙන එමින් තිබූ තාරකා ඉබ්බන් 2089 ක් සමග සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට

නාවික හමුදාවට ලද බුද්ධි තොරතුරක් මත ක්‍රියාත්මක වූ වයඹ නාවික විධානයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් ඊයේ (17) කල්පිටිය, ඉප්පන්තිව් සහ සින්න අරිච්චාල් අතර මුහුදු ප්‍රදේශයේදී නීති විරෝධී ලෙස ඩිංගි යාත්‍රාවක් මගින් ඉන්දියාවේ සිට මෙරටට රැගෙන එමින් තිබූ ජීවී තාරකා ඉබ්බන් 2089 ක් සමග සැකකරුවන් දෙදෙනෙකු (2) අත්අඩංගුවට ගෙන ඇත.
18 Jun 2017
මුහුදට වැටී ගල් දෙබොක්කාවක සිරවී සිටි පුද්ගලයෙකුගේ මෘත දේහය ගොඩ ගැනීමට නාවික හමුදා සහාය

හබරාදූව පොලිස් ස්ථානයෙන් ලද තොරතුරකට අනුව, උණවටුන ප්‍රදේශයේ වැඩිහිටි නේවාසිකාගාරයක් ආසන්නයේ කන්දක් අසල සිට මුහුදට වැටී ගල් දෙබොක්කාවක සිරවී තිබූ වැඩිහිටි පුද්ගලයෙකුගේ මෘත දේහයක් ගොඩ ගැනීමට දකුණු නාවික විධානයට අනුයුක්ත කිමිදුම් අංශයේ නාවිකයන් පිරිසක් අද (18) සමත් විය.
18 Jun 2017
නීති විරෝධී ධීවර කටයුතුවල නිරත ලාංකික ධීවරයින් 38 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට

නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් ඊයේ (ජුනි 17) තහනම් දැල් භාවිතා කරමින් නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරත වූ ලාංකික ධීවරයින් 38 දෙනෙකු නෝර්වේ දූපත අසල මුහුදු ප්‍රදේශයේදී සහ සාම්පූර් මුහුදු සීමාවේ දී අත්අඩංගුවට ගන්නා ලදී.
18 Jun 2017
ශ්‍රී ලංකාවට අයත් මුහුදු සිමාවේ නීති විරෝධී ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවරයින් 5 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට සහ ආපදාවට පත් ඉන්දීය ට්‍රෝලර් යාත්‍රාවක් සඳහා නාවික හමුදා සහාය

උතුරු නාවික විධානයට අයත් වේග ප්‍රහාරක යාත්‍රාවකට අනුයුක්ත නාවිකයින් පිරිසක් විසින් අද (18) උදෑසන කච්චතිව් දූපතට උතුරින් වූ මුහුදු ප්‍රදේශයේ නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවරයින් 5 දෙනෙකු සහ ඔවුන්ට අයත් ට්‍රෝලර් යාත්‍රාවක් අත්අඩංගුවට ගන්නා ලදී.
18 Jun 2017
රුසියානු රුවල් නෞකාව කොළඹ වරායෙන් පිටත්ව යයි

පසුගිය ජූනි 14 දින ශ්‍රී ලංකාවට සේන්දු වූ රුසියානු නාවික හමුදාවට අයත් ‘නඩේස්ඩා’ යන නෞකාව අද (ජුනි 17) දින කොළඹ වරායෙන් පිටත්ව යන ලදි.
17 Jun 2017
නීතිවිරෝධී ධීවර කටයුතුවල නිරත ලාංකික ධීවරයින් 15 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට

නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් ඊයේ (ජූනි 16), ත්‍රිකුණාමලයේ නොර්වේ දූපත හා පරවි දූපතට ඔබ්බෙන් වූ නිලාවේලි මුහුදු ප්‍රදේශයේ දී තහනම් දැල් යොදා ගනිමින් නීති විරෝධී ධීවර කටයුතුවල නිරතව සිටි ධීවරයින් 15 දෙනෙකු අත්අඩංගුවට ගන්නා ලදී.
17 Jun 2017