වැදගත් සිදුවීම්
බීඩිකොළ කිලෝග්‍රෑම් 287.3 ක් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු (02) නාවික හමුදා අත්අඩංගුවට

නාවික හමුදා පුද්ගලයින් පිරිසක් විසින් අද (ජුනි 07) සිලාවතුර, හුනෙස් නගර් වෙරළ තීරයේ සිදු කළ පා මුර සංචාරයකදි බීඩි කොළ කිලෝග්‍රෑම් 287.3 ක් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු (02) අත්අඩංගුවට ගෙන ඇත.
07 Jun 2019
පී 626 නෞකාව ශ්‍රී ලංකා නාවික නෞකා ‘ගජබාහු’ නමින් අධිකාරියට පත් කෙරේ

ශ්‍රී ලංකා නාවික හමුදාවේ මෙහෙයුම් කටයුතු පුළුල් කිරීම වෙනුවෙන් ඇමෙරිකා එක්සත් ජනපදය වෙතින් ශ්‍රී ලංකා නාවික හමුදාව වෙත ලබා ගන්නා ලද පී 626 නෞකාව අද (ජුනි 06) කොළඹ වරාය පරිශ්‍රයේදී සන්නද්ධ හමුදා සේනාධිනායක, අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ සුරතින් ශ්‍රී ලංකා නාවික නෞකා ‘ගජබාහු’ නමින් අධිකාරියට පත් කෙරිණි.
06 Jun 2019
කේරළ ගංජා කිලෝග්‍රෑම් 140.760 ක් නාවික හමුදාව සොයා ගැනේ

නාවික හමුදා පුද්ගලයින් පිරිසක් විසින් 2019 ජුනි 05 වන දින මන්නාරම මුහුදේ සිදු කළ මුර සංචාරයක් අතරතුරදි අතහැර දමා ගොස් තිබූ කේරළ ගංජා කිලෝග්‍රෑම් 140.760 ක් සමඟ ට්‍රෝලර් යාත්‍රාවක් සොයා ගෙන ඇත.
06 Jun 2019
නීති විරෝධී ලෙස මසුන් ඇල්ලූ පුද්ගලයින් 16 ක් නාවික හමුදා අත්අඩංගුවට

නාවික හමුදා පුද්ගලයින් පිරිසක් විසින් 2019 ජූනි 05 වන දින මුලතිව්, අලම්පිල් ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේදී නීති විරෝධි ලෙස ධීවර කටයුතුවල නිරත වූ පුද්ගලයින් 16 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.
06 Jun 2019
බීඩිකොළ කිලෝග්‍රෑම් 60.7 ක් නාවික හමුදාව සොයා ගනී

නාවික හමුදා පුද්ගලයින් පිරිසක් විසින් 2019 ජුනි 05 වන දින පලෙයිතිව් වෙරළ තීරයේ සිදු කළ පා මුර සංචාරයකදි බීඩි කෙළ කිලෝග්‍රෑම් 60.7 සොයා ගෙන ඇත.
06 Jun 2019
ලෝක පරිසර දිනයට සමගාමීව වෙරළ පිරිසිඳු කිරිමේ වැඩ සටහනක් නාවික හමුදාව විසින් සිදුකරයි.

2019 ජුනි 05 වන දිනට යෙදි ඇති ලෝක පරිසර දිනයට සමගාමීව අද (ජූනි 05) දකුණු නාවික විධානයේ නිලධාරින් හා නාවිකයින් එක්ව ගාල්ල කොටුව අවට වෙරළ තීරය පිරිසිදු කිරිමේ වැඩසටහනක් සිදු කරන ලදි.
05 Jun 2019
ඇමරිකානු නියෝජිතයින් පිරිසක් නැගෙනහිර නාවික විධාන ආඥාපති හමුවිය

එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ සහ ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපති කාර්යාලයේ නියෝජිතයින් පිරිසක් 2019 ජූනි 04 වන දින නැගෙනහිර නාවික විධාන මුලස්ථානයේදී නැගෙනහිර නාවික විධාන ආඥාපති, රියර් අද්මිරාල් මෙරිල් වික්‍රමසිංහ හමුවිය.
05 Jun 2019
නාවික හමුදාව තහනම් ධීවර දැල් 239 ක් සොයා ගැනේ

නාවික හමුදා සහ පොලිස් විශේෂ කාර්ය බලකාය එක්ව 2019 ජූනී 04 වන දින මහරුප් නගර් ප්‍රදේශයේ සිදුකළ සෝදිසි මෙහෙයුමකින් නීති විරෝධි ධීවර දැල් 239 ක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත.
05 Jun 2019
වෙළඳ නෞකාවක රෝගීව සිටි පුද්ගලයෙකු වෛද්‍ය ප්‍රථිකාර සඳහා ගොඩබිම වෙත රැගෙන ඒමට නාවික හමුදාව සහය වෙයි.

“කේප් වයලට්” නැමැති වෙළඳ නෞකාවේ සිටි උදරාබාදයකින් පීඩාවට පත් රෝගියෙකු වෛද්‍ය ප්‍රථිකාර සදහා ගොඩබිම වෙත රැගෙන ඒමට අද (ජූනි 04) ශ්‍රී ලංකා නාවික හමුදාව කටයුතු කරන ලදී.
04 Jun 2019
නාවික හමුදාව විසින් නිවසක් පිටුපස වලදමා තිබූ කේරළ ගංජා ග්‍රෑම් 700 ක ප්‍රමාණයක් සොයාගනී

නාවික හමුදා පුද්ගලයින් පිරිසක් සහ පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් එක්ව අද (ජූනි 04) අළුයම ඉලුප්පුකඩවෛ ප්‍රදේශයේ සිදුකළ විශේෂ මෙහෙයුමකින් නිවසක් පිටුපස වලදමා තිබූ කේරළ ගංජා ග්‍රෑම් 700 ක් සොයාගැනීමට සමත්ව ඇත.
04 Jun 2019