වැදගත් සිදුවීම්
නාවික හමුදාව මඟින් අනුරාධපුර දිස්ත්‍රික්කය තුළ ස්ථාපනය කළ ප්‍රති ආශ්‍රැතිකරන ජල පිරිපහදු මධ්‍යස්ථාන 02ක් ජනතා අයිතියට

නාවික හමුදා සමාජීය මෙහෙවර ව්‍යාපෘතිය යටතේ, නාවික හමුදාවේ තාක්‍ෂණික හා ශිල්පීය දායකත්වයෙන් සහ ජනාධිපති ලේකම් කාර්යාලයේ මූල්‍ය දායකත්වයෙන්, අනුරාධපුර දිස්ත්‍රික්කයේ තඹුත්තේගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ තෙල්හිරියාව සහ කෝන්වැව යන ප්‍රදේශයන්හි ස්ථාපනය කල ප්‍රතිආශ්‍රැති ජල පිරිපහදු මධ්‍යස්ථාන දෙකක් (02) ජනතා අයිතියට පත්කිරීම, 2025 ජුනි මස 20වැනි දින සිදු කෙරිණි.
21 Jun 2025
නාවික හමුදාව මඟින් තීරණාත්මක සෞඛ්‍ය සහ හදිසි රෝගී අවස්ථා කළමනාකරණය සම්බන්ධයෙන් උතුරේ ධීවර ප්‍රජාව බලගැන්වීමේ වැඩසටහනක්

ශ්‍රී ලංකා නාවික හමුදාව, වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුව සහ ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව හා එක්ව, මුහුදේදී තීරණාත්මක සෞඛ්‍ය සහ හදිසි රෝගී අවස්ථා කළමනාකරණය සම්බන්ධයෙන් ධීවර ප්‍රජාව දැනුවත් කර බල ගැන්වීමේ පුහුණු වැඩසටහනක් 2025 ජුනි මස 11 සහ 18 යන දෙදින තුල යාපනය කයිට්ස් දූපතේ ශ්‍රී ලංකා නාවික නෞකා කණ්චදේව ආයතනයේදී සහ පුන්ගුඩුතිව් ශ්‍රී ලංකා නාවික නෞකා ගෝඨයිම්බර ආයතනයේදී සාර්ථකව පැවැත්වීමට කටයුතු කෙරිණි.
21 Jun 2025
නාවික හමුදාව මඟින් විශේෂ ජංගම දන්ත වෛද්‍ය සායන මාලාවක්

ශ්‍රී ලංකා නාවික හමුදාවේ තවත් සමාජීය මෙහෙවරක් ලෙස සංවිධානය කළ විශේෂ ජංගම දන්ත සායන මාලාවක් 2025 ජුනි මස 03 වැනි දින සිට 07 වැනි දින දක්වා කුරුණෑගල දිස්ත්‍රීක්කයේ මහව, කුඹුක්ගැටේ සහ පුත්තලම දිස්ත්‍රීක්කයේ මුන්දලම, කොට්ටුකච්චිය හා ගගේ වාඩිය යන ප්‍රදේශ ආශ්‍රිතව සාර්ථකව පැවැත්විණි.
21 Jun 2025
නාවික හමුදාවේ දායකත්වයෙන් රසායනික, ජීව විද්‍යාත්මක, විකිරණ සහ න්‍යෂ්ටික උපද්‍රව පිළිබඳ පුහුණු අභ්‍යාසයක් ත්‍රිකුණාමලය අෂ්රොෆ් ජැටියේදී සාර්ථකව පවත්වයි

ශ්‍රී ලංකා නාවික හමුදාව මඟින්; හදිසි රසායනික, ජීව විද්‍යාත්මක, විකිරණ සහ න්‍යෂ්ටික උපද්‍රව අවස්ථාවකදී ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳව දැනුවත් කිරීමේ පුහුණු අභ්‍යාසයක්, 2025 ජුනි මස 17 වන දින ත්‍රීකුණාමලය අෂ්රොෆ් ජැටියේදී සාර්ථකව පැවැත්වීමට කටයුතු කෙරිණි.
20 Jun 2025
ශ්‍රී ලංකා රෝහල් සේවා මණ්ඩලයේ මූලිකත්වයෙන් වැලිසර නාවික මහ රෝහල වෙත වෛද්‍ය උපකරණ ප්‍රදානයක්

ශ්‍රී ලංකා රෝහල් සේවා මණ්ඩලයේ අධ්‍යක්ෂ, පූජ්‍ය ශාස්ත්‍රපති පණ්ඩිත රජවැල්ලේ සුභූති හිමියන්ගේ මූලිකත්වයෙන් සිදු කෙරෙන සමාජ මෙහෙවර ව්‍යාපෘතිය යටතේ රෝහල් උපකරණ තොගයක් වැලිසර ශ්‍රී ලංකා නාවික හමුදා මහ රෝහල වෙත ප්‍රදානය කිරීම, 2025 ජුනි මස 17 වැනි දින එම රෝහල් පරිශ්‍රයේදී සිදු කෙරිණි.
20 Jun 2025
ශ්‍රී ලංකා නාවික හමුදාධිපති ඉන්දු - ශාන්තිකර කලාපීය සමුද්‍රීය ආරක්‍ෂාව සම්බන්ධයෙන් 12 වන බහුපාර්ශවීය සමුද්‍රීය නායකත්ව සැසිය සඳහා සහභාගී වෙමින් අදහස් දක්වයි

ඇමෙරිකා එක්සත් ජනපද නාවික හමුදාවේ, ශාන්තිකර කලාපීය බළඇණියේ අණදෙන නිලධාරී අද්මිරාල් ST Koehler ගේ සත්කාරකත්වයෙන්, දොලොස්වන (12) බහුපාර්ශවීය සමුද්‍රීය නායකත්ව සැසිය (12th Multilateral Maritime Virtual Key Leadership Engagement) 2025 ජුනි මස 18 වැනි දින හවායි හී සිට මාර්ගගත තාක්‍ෂණය ඔස්සේ සාර්ථකව පැවැත්වුනු අතර, එම නායකත්ව සැසිය සඳහා නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් කාන්චන බානගොඩ කොළඹ නාවික හමුදා මූලස්ථානයේ සිට එක්වෙමින් ඉන්දු - ශාන්තිකර කලාපීය සමුද්‍රීය ආරක්‍ෂාව සම්බන්ධයෙන් උපායමාර්ගික වශයෙන් වැදගත් කරුණු පිළිබඳ අදහස් දැක්වීමට කටයුතු කෙරිණි.
19 Jun 2025
තුර්කි ජනරජ නාවික හමුදාවට අයත් ‘TCG BÜYÜKADA’ නිල සංචාරය සාර්ථකව අවසන් කරමින් දිවයිනෙන් පිටත් වෙයි

නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණි තුර්කි ජනරජ නාවික හමුදාවේ ‘TCG BÜYÜKADA’ නෞකාව නිල සංචාරය සාර්ථකව අවසන් කරමින්, ශ්‍රී ලංකා නාවික නෞකා ගජබාහු නෞකාව සමඟ පැවති ඒකාබද්ධ නාවික අභ්‍යාසයකින් පසුව, 2025 ජුනි 18 වැනි දින දිවයිනෙන් පිටත්ව යන ලද අතර, එම නෞකාව වෙත ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නාවික හමුදා සම්ප්‍රදායානුකූලව සමුදීම, කොළඹ වරායේදී සිදු කෙරිණි.
19 Jun 2025
Culinary Art Food Expo 2025 ප්‍රදර්ශණයේදී නාවික හමුදා නියෝජනය රන් හා රිදී පදක්කම් වලින් පිදුම් ලබයි

කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවති, Culinary Art Food Expo 2025 ප්‍රදර්ශනයෙන් පලතුරු හා එළවළු කැටයම් අංශයෙන් (Fruits and Vegetable Carving) රන් පදක්කමක් සහ අයිස් කැටයම් (Ice carving) අංශයෙන් රදී පදක්කමක් දිනාගැනීමට ප්‍රධාන සුළු නිලධාරී (නාපා) ඩබ්පීඒ සුබසිංහ සමත් විය.
18 Jun 2025
නාවික හමුදාධිපතිගේ දකුණු නාවික විධාන සංචාරයේදී මෙහෙයුම් අභිප්‍රාය පිළිබඳ දැනුවත් කරයි

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් කාන්චන බානගොඩ 2025 ජුනි මස 15 වැනි දින දකුණු නාවික විධානයේ නිල සංචාරයක නිරත වෙමින්, එම විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා කාවන්තිස්ස ආයතනයේ මෙහෙයුම් සූදානම, පරිපාලන කටයුතු මෙන්ම, සුභසාධන කටයුතු නිසිලෙස ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය පියවර ගැනීම සම්බන්ධයෙන් සමාලෝචනයක නිරතවිය.
17 Jun 2025
නීති විරෝධී ධිවර කටයුතු මැඩලීමට නාවික හමුදාව, රාජ්‍ය ආයතන සහ ත්‍රීකුණාමලය ධිවර ප්‍රජාව පෙරමුණ ගනී

නිති විරෝධී ධීවර කටයුතු හේතුවෙන් සමුද්‍රීය පරිසරයට, සංචාරක කර්මාන්තයට සහ අනාගත පරපුරට සිදුවන අහිතකර බලපෑම පිළිබඳව නැගෙනහිර පළාතේ ධීවර ප්‍රජාව දැනුවත් කිරීමේ විශේෂ වැඩසටහනක්, නැගෙනහිර නාවික විධානයේ ආඥාපතිගේ ප්‍රධානත්වයෙන් සහ ප්‍රදේශයේ නීතිය ක්‍රියාත්මක කරනු ලබන ආයතනයන්ගේ හා නැගෙනහිර පළාත් ධීවර සංගම් නියෝජිතයින්ගේ සහභාගීත්වයෙන්, 2025 ජුනි මස 13 වැනි දින ත්‍රීකුණාමලය නාවික තඨාකාංගනයේදී පැවැත්විණි.
16 Jun 2025