වැදගත් සිදුවීම්
රට වෙනුවෙන් දිවිපිදු රණවිරුවන් අනුස්මරණ උත්සවයක් ගාල්ල රණවිරු ස්මාරකය අභියසදී

මව්බිම වෙනුවෙන් සිය ජීවිත පුජා කළ විරෝධාර රණවිරුවන් අනුස්මරණය කිරීමේ උත්සවයක් අද (ජූලි 02) ගාල්ල, රණවිරු ස්මාරකය අභියසදී පැවැත්විණි.
02 Jul 2019
අයිස් මත්ද්‍රව්‍ය සමඟ පුද්ගලයෙකු නාවික හමුදා අත්අඩංගුවට

නාවික හමුදා පුද්ගලයින් පිරිසක් විසින් අද (ජුලි 02) අළුයම නොරොච්චෝලේ, කොයියාවඩි ප්‍රදේශයේ සිදු කළ සෝදිසි කිරීමකදි අයිස් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 690 ක් සමඟ පුද්ගලයෙකු (01) අත්අඩංගුවට ගෙන ඇත.
02 Jul 2019
මුහුදේදී ආපදාවට ලක් වූ ධීවරයින් හට නාවික හමුදාවෙන් සහාය

ශ්‍රී ලංකා නාවික නෞකා ‘සාගර’ නෞකාවට අනුයුක්ත නාවික පුද්ගලයින් විසින් 2019 ජුලි 01 වන දින මුහුදේදී අනතුරට පත් ධීවර යාත්‍රාවක් ගොඩබිම වෙත නිරුපද්‍රිතව ඇදගෙන ඒමට සහාය වෙයි.
02 Jul 2019
කේරළ ගංජා කිලෝග්‍රෑම් 29.8 ක් සමඟ පුද්ගලයෙකු නාවික හමුදා අත්අඩංගුවට

නාවික හමුදා පුද්ගලයින් පිරිසක් සහ මන්නාරම, පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට අනුයුක්ත නිලධාරින් එක්ව අද (2019 ජුලි 02) අළුයම මන්නාරම, පේසාලේ ප්‍රදේශයේ සිදුකළ විශේෂ මෙහෙයුමකදී සඟවා තිබූ කේරළ ගංජා කිලෝග්‍රෑම් 29.8 ක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත.
02 Jul 2019
හෙරොයින් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු (02) නාවික හමුදා අත්අඩංගුවට

නාවික හමුදා පුද්ගලයින් පිරිසක් විසින් 2019 ජුලි 01 වන දින හම්බන්තොට ප්‍රදේශයේදී හෙරෙයින් මිලිග්‍රෑම් 310 ක් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු (02) අත්අඩංගුවට ගෙන ඇත.
02 Jul 2019
තවත් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු තංගල්ලේදී නාවික හමුදා අත්අඩංගුවට

නාවික හමුදාව සහ පොලිස් විශේෂ කාර්ය බලකායට අනුයුක්ත නිලධාරින් එක්ව 2019 ජුලි 01 වන දින තංගල්ල, කඳුරුපොකුණ ප්‍රදේශයේ සිදු කළ සෝදිසි කිරීමකදි මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් අත්අඩංගුවට ගෙන ඇත.
02 Jul 2019
ධජ නිළධාරී නාවික දියත් විධානය වශයෙන් රියර් අද්මිරාල් උපුල් ද සිල්වා වැඩ භාර ගනී

රියර් අද්මිරාල් උපුල් ද සිල්වා 2019 ජුලි 01 වන දින නාවික දියත් විධාන කාර්යාලයේදී ධජ නිළධාරී නාවික දියත් විධානය වශයෙන් වැඩ භාර ගන්නා ලදී.
02 Jul 2019
ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ සතිය නිමිත්තෙන් දකුණු නාවික විධානයේ වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කෙරේ

අතිගරු ජනාධිපති, මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා විසින් 2019 ජුනි මස 23 වන දින සිට ජුලි 01 වන දින දක්වා ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ සතියක් ප්‍රකාශයට පත් කළ අතර, එයට සමගාමීව දකුණු නාවික විධානය තුල වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කරන ලදි.
02 Jul 2019
නැගෙනහිර නාවික විධානය ලේ දන්දීමේ වැඩසටහනක් පවත්වයි

නැගෙනහිර නාවික විධානය විසින් සංවිධානය කළ ලේ දන්දීමේ වැඩසටහනක් අද (ජුලි 01) ත්‍රිකුණාමලය මහ රෝහලේ පරිශ්‍රයේදී සිදු කෙරිණි.
01 Jul 2019
“හරිත කඳවුර - එක් නාවිකයෙකු සඳහා එක් පැලයක්” යන ව්‍යාපෘතිය උතුරු නාවික විධානයේදී ආරම්භ කෙරේ

නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වාගේ සංකල්පයක් වන “හරිත කඳවුර - එක් නාවිකයෙකු සඳහා එක් පැලයක්” ව්‍යාපෘතිය අද (ජුලි 01) උතුරු නාවික විධාන මූලස්ථානයේදී ආරම්භ කරන ලදී.
01 Jul 2019