වැදගත් සිදුවීම්
අභිනව නාවික හමුදාධිපති තුමන් වැලිසර නාවික රණවිරු ස්මාරකය වෙත පුෂ්පෝපහාර පිරිනමයි.

ශ්‍රී ලංකා නාවික හමුදාවේ 24 වන නාවික හමුදාධිපති ලෙස පත් වූ වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න, නාවික හමුදාධිපති ලෙස රාජකාරි භාර ගැනීමෙන් පසු ප්‍රථම වරට අද (2020 ජූලි 31) වැලිසර, නාවික රණවිරු ස්මාරකය අභියසදි ත්‍රස්තවාදය පිටු දැකීමේ මෙහෙයුම් වලදී රට වෙනුවෙන් දිවිපිදූ සහ අතුරුදහන්වූ අභීත නාවික රණවිරුවන් අනුස්මරණය කරමින් පුෂ්පෝපහාර පිරිනමා ආචාරය පුද කරන ලදි.
31 Jul 2020
ශ්‍රී ලංකාවේ ජපාන තානාපති කාර්යාලයේ ආරක්ෂක උපදේශක නාවික හමුදාධිපති තුමන් හමුවෙයි

ශ්‍රී ලංකාවේ ජපාන තානාපති කාර්යාලයේ ආරක්ෂක උපදේශක, කපිතාන් ගකු ෆුකෝරා (Gaku Fukaura) 2020 ජූලි 30 වන දින නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න හමුවන ලදි.
31 Jul 2020
නාවික හමුදා නිරෝධායන මධ්‍යස්ථාන වෙතින් නිරෝධායනය වූ තවත් පුද්ගලයින් 21ක් පිටව යයි.

බූස්ස නාවික හමුදා නිරෝධායන මධ්‍යස්ථානයේ සහ කල්පිටිය නාවික නිරෝධායන මධ්‍යස්ථානයේ සාර්ථකව නිරෝධායනය වූ පුද්ගලයින් 21 ක් 2020 ජුලි මස 29 සහ 30 යන දිනයන්හි එම මධ්‍යස්ථානයන් වෙතින් පිටත්ව යන ලදි.
30 Jul 2020
ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ නව ආරක්ෂක උපදේශක අභිනව නාවික හමුදාධිපති තුමන් හමුවෙයි

ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ නව ආරක්ෂක උපදේශක ලෙස පත්වූ කපිතාන් විකාස් සූඩ් (Captain Vikas Sood) අද (2020 ජූලි 29) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න හමු විය.
29 Jul 2020
බූස්ස සහ කල්පිටිය නාවික හමුදා නිරෝධායන මධ්‍යස්ථානයන් වෙතින් තවත් පුද්ගලයින් 42ක් පිටව යයි.

බූස්ස නාවික හමුදා කඳවුරේ ස්ථාපිත නිරෝධායන මධ්‍යස්ථානය තුල සහ කල්පිටිය ප්‍රදේශයේ නාවික හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථානයන්හි සාර්ථකව නිරෝධායන කටයුතු අවසන් කරන ලද තවත් පුද්ගලයින් 42 ක් 2020 ජුලි මස 25 සහ 26 වන දින එම මධ්‍යස්ථානයන් වෙතින් පිටත්ව යන ලදි.
27 Jul 2020
කඩොලාන පරිසර පද්ධතිය සහ වෙරළ තීරයන් රැක ගැනීම වෙනුවෙන් නාවික හමුදා දායකත්වය

නාවික හමුදාව විසින් ක්‍රියාත්මක කඩොලාන පැල සිටුවීමේ වැඩසටහනක් සහ වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහනක් 2020 ජූලි මස 25 සහ 26 යන දිනයනහි උතුරු සහ දකුණු නාවික විධානයන් කේන්ද්‍ර කරගනිමින් සිදුකරන ලදී.
27 Jul 2020
ශ්‍රීලංනානෞ ‘ජගතා’ නෞකාවේ අණදෙන නිලධාරී වශයෙන් ලුතිනන් කොමාණ්ඩර් ක්‍රිෂාන්ත රණසිංහ වැඩ භාර ගනී

ශ්‍රී ලංකා නාවික හමුදාව සතු වේග ප්‍රහාරක මුර නෞකාවක් වන ශ්‍රී ලංකා නාවික නෞකා ‘ජගතා’ නෞකාවේ නව අණදෙන නිලධාරී වශයෙන් ලුතිනන් කොමාණ්ඩර් ක්‍රිෂාන්ත රණසිංහ 2020ජූලි 25 වන දින වැඩ භාර ගන්නා ලදී.
27 Jul 2020
මිරිසවැටිය වැඳපුදා ගනිමින් අභිනව නාවික හමුදාධිපතිතුමන් ඉදිරි වැඩකටයුතු සඳහා ආශිර්වාද ලබා ගනී.

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න 2020 ජූලි මස 25 වන දින අනුරාධපුර මිරිසවැටිය චෛත්‍ය වැඳ ආශිර්වාද ලබා ගන්නා ලදි. මෙම අවස්ථාව සඳහා නාවික හමුදාධිපති තුමන්ගේ දයාබර බිරිඳ වන නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනී චන්දිමා උළුගේතැන්න මැතිණිය ඇතුළු නාවික හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් සහභාගීවී විය.
25 Jul 2020
අභිනව නාවික හමුදාධිපතිතුමන් රුවන්වැලි මහා සෑ රදුන් වැඳ ආශිර්වාද ලබා ගනී.

24 වන නාවික හමුදාධිපති වශයෙන් වැඩ භාර ගැනීමෙන් පසු වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න 2020 ජූලි මස 25 වන දින අනුරාධපුර රුවන්වැලි මහා සෑ රදුන් වැඳ පුදා ගන්නා ලදි.
25 Jul 2020
නාවික හමුදාධිපති ජය ශ්‍රී මහා බෝ සමිඳුන් වැඳ ආශිර්වාද ලබා ගනී.

වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න 24 වන නාවික හමුදාධිපති වශයෙන් වැඩ භාර ගැනීමෙන් පසු 2020 ජූලි මස 25 වන දින අනුරාධපුර ජය ශ්‍රී මහා බෝ සමිඳුන් වැඳපුදාගෙන ආශිර්වාද ලබා ගන්නා ලදි. මෙම අවස්ථාව සඳහා නාවික හමුදාධිපති තුමන්ගේ දයාබර බිරිඳ වන නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනී චන්දිමා උළුගේතැන්න මැතිණිය ඇතුළු නාවික හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් සහභාගී විය.
25 Jul 2020