වැදගත් සිදුවීම්
රියර් අද්මිරාල් සිසිර ජයකොඩි නාවික හමුදා සේවයෙන් විශ්‍රාම ලබයි

ශ්‍රී ලංකා නාවික හමුදාවේ අධ්යක්ෂ ජෙනරාල් (පුද්ගල) සහ ප්‍රධාන ජල මානක විද්‍යා නිලධාරී වශයෙන් රාජකාරී කළ රියර් අද්මිරාල් සිසිර ජයකොඩි මහතා සිය 35 වසරක නාවික සේවය නිමා කරමින් අද (අගෝස්තු 31) විශ්‍රාම යන ලදී.
31 Aug 2017
යුක්රේනියානු ආරක්ෂක උපදේශක නාවික හමුදාධිපති හමුවෙයි

ඉන්දියාවේ යුද, ගුවන් සහ නාවික කටයුතු පිළිබඳ යුක්රේන ආරක්ෂක උපදේශක ඔලෙ හුලැක් මහතා අද (අගෝස්තු 31) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ට්‍රැවිස් සින්නයියා මහතා හමු විය.
31 Aug 2017
සැම්බ්යානු යුද හමුදාධිපති නාවික හමුදාධිපතිතුමන් හමුවෙයි

සැම්බියානු යුද හමුදාධිපති, ලුතිනන් ජෙනරාල් පෝල් හිහෝවා මහතා අද (අගෝස්තු 31) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ට්‍රැවිස් සින්නයියා මහතා හමු විය.
31 Aug 2017
මුහුදේ ගිලෙමින් සිටි ඉන්දීය ධීවරයින් සිව් දෙනෙකු නාවික හමුදාව විසින් බේරා ගැනේ

උතුරු නාවික විධානයට අනුයුක්ත පී 494 වේග ප්‍රහාරක යාත්‍රාව මගින් අද අළුයම (අගෝස්තු 31) අනතුරකට ලක්ව මුහුදේ ගිලෙමින් සිටි ඉන්දීය ධීවරයින් 4 දෙනෙකුගේ දිවි බේරා ගැනීමට සමත් විය.
31 Aug 2017
මාරාන්තික නොවන අවි පිළිබඳ ක්ෂේත්‍ර පුහුණු අභ්‍යාස මාලාව (NOLES – 2017) වැලිසර නාවික පරිශ්‍රයේදී සාර්ථක ලෙස නිමාවට පත් වෙයි

ශ්‍රී ලංකා නාවික හමුදාව, ඇමරිකා එක්සත් ජනපද ශාන්තිකර කළාප මැරීන් බලකාය හා එක්ව පසුගිය අගෝස්තු 21 වන දින වැලිසර පිහිටි ශ්‍රී ලංකා නාවික නෞකා ගැමුණු ආයතනයේදී ආරම්භ කරන ලද මාරාන්තික නොවන ආයුධ භාවිතය සම්බන්ධයෙන් වු ප්‍රායෝගික ක්ෂේත්‍ර පුහුණු අභ්‍යාස මාලාව, අද (අගෝස්තු 30) දින සාර්ථක ලෙස නිමාවට පත් විය.
30 Aug 2017
බ්‍රිතාන්‍ය මහකොමසාරිස්තුමන් උතුරු මැද නාවික විධානය භාර ආඥාපතිතුමන් හමුවෙයි

ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහකොමසාරිස් අතිගරු ජේම්ස් ඩවුරිස් මහතා අද (අගෝස්තු 30) උතුරු මැද නාවික විධාන මූලස්ථානයේදී විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් මෙරිල් වික්‍රමසිංහ මහතා හමුවිය.
30 Aug 2017
නාවික හමුදා රුවල් යාත්‍රා සංචිතයට ජයග්‍රහණ රැසක්

කොළඹ රාජකීය රුවල් යාත්‍රා සංගමය මගින් සංවිධානය කරන ලද ‘RCYC Commodore’s Race Sailing Championship – 2017’ රුවල් යාත්‍රා තරඟාවලිය පසු ගිය අගෝස්තු මස 26 වන දින බොල්ගොඩ ජලාශයේ දී පැවැත්විණි.
29 Aug 2017
ඇමරිකා එක්සත් ජනපද නාවික හමුදාවේ අද්මිරාල් (විශ්‍රාමික) විලියම් ජේ ෆැලන් මහතා නාවික හමුදාධිපතිතුමන් හමුවෙයි

ඇමරිකා එක්සත් ජනපද නාවික හමුදාවේ අද්මිරාල් (විශ්‍රාමික) විලියම් ජේ ෆැලන් මහතා අද (අගෝස්තු 29) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ට්‍රැවිස් සින්නයියා මහතා හමුවිය.
29 Aug 2017
නාවික හමුදාධිපතිතුමන් ආරක්ෂක ලේකම් හමුවෙයි

නව නාවික හමුදාධිපතිවරයා වශයෙන් පත්වීම් ලද වයිස් අද්මිරාල් ට්‍රැවිස් සින්නයියා මහතා අද (අගෝස්තු 29) ආරක්ෂක අමාත්‍යාංශයේදී, ආරක්ෂක අමාත්‍යංශ ලේකම්, ජනාධිපති නීතීඥ කපිල වෛද්‍යරත්න මහතා හමුවිය.
29 Aug 2017
නාවික හමුදාධිපතිතුමන් ගුවන් හමුදාධිපතිතුමා හමුවෙයි

ශ්‍රී ලංකා නාවික හමුදාවේ 21 වන නාවික හමුදාධිපතිවරයා වශයෙන් පත්වීම් ලද වයිස් අද්මිරාල් ට්‍රැවිස් සින්නයියා මහතා අද (අගෝස්තු 29) ගුවන් හමුදා මූලස්ථානයේදී, ගුවන් හමුදාධිපති එයාර් මාෂල් කපිල ජයම්පති මහතා හමුවිය.
29 Aug 2017