වැදගත් සිදුවීම්
මාරාන්තික නොවන ආයුධ භාවිතය පිළිබඳ විධායක සම්මන්ත්‍රණයට සමගාමීව පුහුණු අභ්‍යාස සාර්ථකව පැවැත්වේ

මාරාන්තික නොවන ආයුධ භාවිතය පිළිබඳ විධායක සම්මන්ත්‍රණයට (NOLES) සමගාමීව පැවැත්වෙන ක්ෂේත්‍ර අභ්‍යාස සාර්ථකව 8 වැනි දිනටත් වැලිසර නාවික පරිශ්‍රයේදී පැවැත්වේ.
29 Aug 2017
නව පත්වීම් ලද ශ්‍රී ලංකාවේ නයිජිරියානු ආරක්ෂක උපදේශක නාවික හමුදාධිපතිතුමා හමු වෙයි

ශ්‍රී ලංකාවේ නයිජිරියානු මහකොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශක වශයෙන් නව පත්වීම් ලද කොමදෝරු ඊ.ඕ. ෆෙරේයිරා මහතා අද දින (2017 අගෝස්තු 28) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ට්‍රැවිස් සින්නයියා මහතා හමු විය.
28 Aug 2017
නව නාවික හමුදාධිපතිතුමන් ගරු ආරක්ෂක රාජ්‍ය අමාත්‍යතුමා හමුවෙයි

ශ්‍රී ලංකා නාවික හමුදාවේ 21 වන නාවික හමුදාධිපතිවරයා වශයෙන් පත්වීම් ලද වයිස් අද්මිරාල් ට්‍රැවිස් සින්නයියා මහතා අද (අගෝස්තු 28) ආරක්ෂක රාජ්‍ය අමාත්‍යාංශයේ දී ගරු ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා හමුවිය.
28 Aug 2017
නාවික හමුදාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් නැගෙනහිර නාවික විධාන මූලස්ථානයේ දානමය පිංකමක්

නව නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ට්‍රැවිස් සින්නයියා මහතාගේ ප්‍රධානත්වයෙන් අද (අගෝස්තු 27) නැගෙනහිර නාවික විධාන නිලධාරි නිවස්නයේදී ගරුතර මහා සංඝරත්නය උදෙසා දානමය පිංකමක් පැවැත්වීය.
27 Aug 2017
රෝගාතුර ධීවරයෙකු වෛද්‍ය ප්‍රථිකාර සඳහා කඩිනමින් ගොඩබිමට රැගෙන ඒමට නාවික හමුදාවේ සහාය

ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවෙන් ලද තොරතුරකට අනුව බහුදින ධීවර යාත්‍රාවක සිටි රෝගාතුර වූ ධීවරයෙකු වෛද්‍ය ප්‍රථිකාර සඳහා කඩිනමින් ගොඩබිමට රැගෙන ඒමට නාවික හමුදාව ඊයේ (අගෝස්තු 26) කටයුතු කරන ලදී.
27 Aug 2017
නාවික හමුදාධිපතිතුමා නැගෙනහිර නාවික විධානයේ සංචාරයක නිරත වෙයි

නව නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ට්‍රැවිස් සින්නයියා මහතා, නාවික හමුදාධිපති ධූරයේ වැඩභාර ගැනීමෙන් පසු අද දින (අගෝස්තු 26) නැගෙනහිර නාවික විධානයේ සංචාරයක නිරත විය.
26 Aug 2017
නව නාවික හමුදාපති තුමන් දළදා සමිඳුන් වැඳපුදා ගනී

නව නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ට්‍රැවිස් සින්නයියා මහතා, නාවික හමුදාධිපති ධූරයේ වැඩභාර ගැනීමෙන් පසු අද දින (අගෝස්තු 25) මහනුවර ශ්‍රී දළදා මාලිගාවේදී දළදා සමිඳුන් වැඳපුදා ගත් අතර, අනතුරුව මල්වතු හා අස්ගිරි මහා නායක හිමිවරුන් බැහැදැක ආශිර්වාද ලබා ගත්තේය.
25 Aug 2017
ශ්‍රී ලංකාවේ ප්‍රථම පාරිසරික සංවේදී දර්ශක ව්‍යාපෘතිය සඳහා නාවික හමුදා සහාය

ශ්‍රී ලංකාව සඳහා වූ ප්‍රථම පරිසර සංවේදී දර්ශක ව්‍යාපෘතිය සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාවේ සහාය ලබා දී ඇත.
25 Aug 2017
නව නාවික හමුදාධිපතිතුමා මාධ්‍යවේදීන් අමතයි

21 වන නාවික හමුදාධිපතිවරයා වශයෙන් සිය ධූරයේ රාජකාරී භාර ගැනීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් ඇමතීමට හැකිවීම පිළිබඳව තමා අතිශයින් සතුටු වන බව අද දින (අගෝස්තු 23) නාවික හමුදා මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවේදී වයිස් අද්මිරාල් ට්‍රැවිස් සින්නයියා මහතා ඔවුන් සුහදව පිළිගනිමින් පැවසීය.
23 Aug 2017
නව නාවික හමුදාධිපතිතුමන් ගරු අග්‍රාමාත්‍යතුමා හමුවෙයි

ශ්‍රී ලංකා නාවික හමුදාවේ 21 වන නාවික හමුදාධිපතිවරයා වශයෙන් පත්වීම් ලද වයිස් අද්මිරාල් ට්‍රැවිස් සින්නයියා මහතා අද (අගෝස්තු 23) අරලිය ගහ මන්දිරයේ දී ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා හමුවිය.
23 Aug 2017