වැදගත් සිදුවීම්
නාවික හමුදා සහන සැළසීමේ කණ්ඩායම් සීරුවෙන්

මේ දිනවල විටින් විට ඇද හැලෙන වර්ෂාව සමඟ ඉදිරියේදී ඇතිවිය හැකි අවධානම් සහ ස්වාභාවික විපත් සඳහා පෙර සුදානමක් ලෙස හඳුනාගත් ස්ථාන වෙත සහන කණ්ඩායම් ස්ථාපිත කිරීමට නාවික හමුදාව මේවන විට කටයුතු කර ඇත.
15 Aug 2019
ශ්‍රීලංනානෞ ගජබාහු නෞකාවේ දෙවන මුදවා ගැනීමේ මෙහෙයුම

මුහුදේදී රෝගි වූ ධීවරයෙකු වෛද්‍ය ප්‍රථිකාර සදහා ගොඩබිම වෙත රැගෙන ඒමට අද (අගෝස්තු 15) ශ්‍රී ලංකා නාවික හමුදාවට අයත් නෞකාවක් වන ශ්‍රී ලංකා නාවික නෞකා ගජබාහු නෞකාව කටයුතු කරන ලදී.
15 Aug 2019
කේරළ ගංජා කිලෝග්‍රෑම් 8.7 ක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට

නාවික හමුදාව සහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය එක්ව අද (අගෝස්තු 15) අළුයම යාපනය, මුරුතන්කර්නි ප්‍රදේශයේ සිදු කළ මෙහෙයුමකදී කේරළ ගංජා කිලෝග්‍රෑම් 8.7 ක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත.
15 Aug 2019
වෙත්තලකර්නි ප්‍රදේශයෙන් අත් බෝම්බයක් නාවික හමුදාව විසින් සොයා ගැනේ

නාවික හමුදාව විසින් 2019 අගෝස්තු 14 වන දින වෙත්තලකර්නි ප්‍රදේශයේ සිදු කල සෝදිසි කිරීමකදී අත් බොම්බයක් සොයා ගන්නා ලදී.
15 Aug 2019
බීඩි කොළ කිලෝග්‍රෑම් 83.6 ක් නාවික හමුදාව සොයා ගැනේ

නාවික හමුදාව විසින් අද (අගෝස්තු 14) තලෙයිමන්නාරම, නඩුකුඩා ප්‍රදේශයේ සිදු කළ සෝදිසි කිරීමකදි බීඩි කොළ කිලෝග්‍රෑම් 83.6 ක් සොයා ගෙන ඇත.
14 Aug 2019
ශ්‍රී ලංකාවට අයත් උතුරු මුහුදු සීමාවේ ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවරයින් 07 දෙනෙකු නාවික හමුදා බාරයට

නීති විරෝධී ලෙස ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාවේ ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවරයින් හත්දෙනෙකු (07) සහ ඔවුන්ට අයත් ට්‍රෝලර් යාත්‍රාවක් 2019 අගෝස්තු 12 නාවික හමුදා බාරයට ගෙන ඇත.
13 Aug 2019
නාවික හමුදා මෙහෙයුම් මඟින් බීඩි කොළ කිලෝග්‍රෑම් 451.1 සොයා ගැනේ

නාවික හමුදාව විසින් අද (අගෝස්තු 13) අළුයම මන්නාරම සහ තලෙයිමන්නාරම ප්‍රදේශයන්හි සිදු කළ සෝදිසි කිරීම්වලදි බීඩිකොළ තොගයක් සොයා ගැනීමට සමත්ව ඇත.
13 Aug 2019
පුදුකුඩුඉරිප්පු ප්‍රදේශයෙන් පතොරම් තොගයක් සොයා ගැනේ

නාවික හමුදාව සහ පොලිස් විශේෂ කාර්යය බලකාය එක්ව මාන්කුලම්, පුදුකුඩුඉරිප්පු ප්‍රදේශයේ 2019 අගෝස්තු 12 වන දින සිදු කළ සෝදිසි මෙහෙයුමකදි පතොරම් තොගයක් සොයා ගෙන ඇත.
13 Aug 2019
මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දෙදෙනෙකු නීතියේ රැහැනට හසුකර දීමට නාවික හමුදා සහාය

නාවික හමුදාව සහ පොලිස් විශේෂ කාර්යය බලකාය එක්ව 2019 අගෝස්තු 12 මාතර, නූපේ ප්‍රදේශයේ සිදු කළ සෝදිසි කිරීමකදී කේරළ ගංජා සමඟ පුද්ගලයින් දෙදෙනෙකු (02) අත්අඩංගුවට ගෙන ඇත.
13 Aug 2019
මුහුදේ ගිලෙමින් සිටි විදේශිය ජාතිකයින් දෙදෙනෙකු නාවික හමුදා ජීවිතාරක්ෂකයින් විසින් බේරා ගනී

නාවික හමුදා ක්ෂණික ප්‍රතිචාර දැක්වීමේ, මුදවා ගැනීමේ සහ සහන සැළසීමේ ඒකකය (4RU) විසින් 2019 අගෝස්තු 12 දෙවුන්දර, තලල්ල මුහුදේ ගිලෙමින් සිටි විදේශිය ජාතිකයින් දෙදෙනෙකුගේ (02) දිවි බේරා ගැනීමට සමත් විය.
13 Aug 2019