වැදගත් සිදුවීම්
ශ්‍රී ලංකා නාවික හමුදාව සහ පාකිස්ථාන නාවික හමුදා නියෝජිතයන් අතර පළමු මාණ්ඩලික සාකච්ඡාව කොළඹදී

ශ්‍රී ලංකා නාවික හමුදා සහ පාකිස්ථාන නාවික හමුදා නියෝජිතයින් අතර පවත්වනු ලැබූ ප්‍රථම මාණ්ඩලික සාකච්ඡාව ඊයේ (සැප්තැම්බර් 18) කොළඹ නාවික හමුදා මූලස්ථානයේදී පැවැත්විණි.
19 Sep 2017
සූඩාන් සන්නද්ධ හමුදා ඒකාබද්ධ පුහුණු අධ්යක්ෂ ජෙනරාල්, නාවික හමුදාධිපතිතුමන් හමුවෙයි

සූඩාන සන්නද්ධ හමුදා ඒකාබද්ධ පුහුණු අධ්යක්ෂ ජෙනරාල්, මේජර් ජෙනරාල් ඉසාම් මොහොමඩ් හසන් කරර් මහතා අද (සැප්තැම්බර් 19) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ට්‍රැවිස් සින්නයියා මහතා හමු විය.
19 Sep 2017
ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාවේ ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවරයින් 08 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් අද (සැප්තැම්බර් 19) අළුයම ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාවේ නීතී විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරත ඉන්දීය ධීවරයින් 8 දෙනෙකු සහ ඔවුන්ට අයත් ට්‍රෝලර් යාත්‍රා 2 ක් අත්අඩංගුවට ගෙන ඇත.
19 Sep 2017
නාවික හමුදාධිපතිතුමන් ඉන්දියානු නාවික යුද පාසලේ විශේෂ දේශණයක් පවත්වයි 

සිය ප්‍රථම නිළ සංචාරය සනිටුහන් කරමින් නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ට්‍රැවිස් සින්නයියා මහතා පසුගිය සැප්තැම්බර් 14 ඉන්දියාවේ සංචාරයක නිරත විය.
18 Sep 2017
නාවික හමුදාධිපතිතුමන් නව වෙරළාරක්ෂක නෞකාවේ සංචාරයක

නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ට්‍රැවිස් සින්නයියා මහතා අද (සැප්තැම්බර් 18) ඉන්දියානු රජය මගින් ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව වෙත ප්රදානය කරන ලදගැඹුරු මුහුදු නිරීක්ෂණ නෞකාවේ චාරිකාවාරයක නිරත විය.
18 Sep 2017
නාවික හමුදා සිවිල් සේවක සාමාජිකයින් නාවික හමුදාධිපතිතුමන් පිළිගනී

ශ්‍රී ලංකා නාවික හමුදාවේ 21 වන නාවික හමුදාධිපතිවරයා වශයෙන් පත් වූ වයිස් අද්මිරාල් ට්‍රැවිස් සින්නයියා මහතා පිළිගැනීමේ උත්සවයක් අද (සැප්තැම්බර් 18) නාවික හමුදා සිවිල් සේවක මහත්ම මහත්මීන් විසින් සංවිධානය කොට තිබිණි.
18 Sep 2017
නීති විරෝධී කටයුතුවල නිරත පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමට නාවික හමුදා සහාය

පසුගිය දිනයන් හිදී දිවයිනේ ප්‍රදේශ කිහිපයක නීති විරෝධී ක්‍රියාවන් වල නිරත වූ කාන්තාවක් ඇතුළු පුද්ගලයින් විසි දෙදෙනෙකු (22) අත්අඩංගුවට ගැනීමට නාවික හමුදාව සමත් විය.
17 Sep 2017
සාර්ථක නාවික පුහුණු අභ්‍යාසයකින් පසු සයුර සහ සාගර නෞකාවන් යලි දිවයිනට

ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ඉන්දීය නාවික හමුදාව අතර වසර දෙකකට වරක් පැවැත්වෙන ඉන්දු-ලංකා ඒකාබද්ධ නාවික පුහුණු අභ්‍යාසයට (Sri Lanka India Naval Exercise - SLINEX 2017) සහභාගී වීම සඳහා පසුගිය සැප්තැම්බර් මස 04 වන දින ශ්‍රී ලංකාවෙන් පිටත් වූ ශ්‍රී ලංකා නාවික නෞකා සයුර සහ සාගර යන නෞකාවන් අද (සැප්තැම්බර් 17) එම පුහුණු සංචාරය සාර්ථක ලෙස නිමා කරමින් දිවයිනට ලඟා විය.
17 Sep 2017
නාවික හා සාගරික විද්‍යාපිඨයේ 19 වන උප ලුතිනන් තාක්ෂණික පාඨමාලාව සාර්ථකව නිමා වේ

නාවික හා සාගරික විද්‍යාපිඨයේ 19 වන උප ලුතිනන් තාක්ෂණික පාඨමාලාව සාර්ථකව හැදැරු නිලධාරින් 30 දෙනෙකු හට සහතික ප්රදානය කිරීම ඊයේ (සැප්තැම්බර් 15) ත්‍රිකුණාමලය, නාවික හා සාගරික විද්‍යාපිඨයේ අද්මිරාල් වසන්ත කරන්නාගොඩ ශ්‍රවණාගාරයේදි පැවැත්විණි.
16 Sep 2017
ඉන්දියානු රජයෙන් ශ්‍රී ලංකාව වෙත ප්රදානය කරන ලද නෞකාව අද කොළඹ වරායට පැමිණේ

ශ්‍රී ලංකා නාවික හමුදාවේ මෙහෙයුම් කටයුතු පුළුල් කිරීම වෙනුවෙන් ඉන්දියානු රජය මගින් ප්රදානය කරන ලද ගැඹුරු මුහුදු නිරීක්ෂණ නෞකාව අද (සැප්තැම්බර් 16) උදෑසන 0900 පමණ කොළඹ වරායට සේන්දු විය.
16 Sep 2017