වැදගත් සිදුවීම්
බංග්ලාදේශ ආරක්‍ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ නිලධාරීන් පිරිසක් නාවික හමුදාධිපති හමුවෙයි

ශ්‍රී ලංකාවේ අධ්‍යයන සංචාරයක නිරතවන බංග්ලාදේශ ආරක්‍ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ මාණ්ඩලික පාඨමාලාව හදාරනු ලබන බංග්ලාදේශ ත්‍රිවිධ හමුදා ශිෂ්‍ය නිලධාරීන් සහ අධ්‍යන කාර්ය මණ්ඩල සාමාජිකයින්ගෙන් සමන්විත, Group Captain Salahuddin Ahmed ගේ ප්‍රධානත්වයෙන් යුත් නිලධාරීන් කණ්ඩායමක්, 2025 සැප්තැම්බර් මස 08 වැනි දින නාවික හමුදා මූලස්ථානයේ දී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් කාන්චන බානගොඩ හමු විය.
09 Sep 2025
ක්‍ෂණික ක්‍රියාකාරී යාත්‍රා බළඝණ සුදුසුකම් ලැබීමේ පාඨමාලාව සම්පූර්ණ කල නාවික හමුදා පුද්ගලයින් 37ක් වෙත නාවික හමුදාධිපති ගේ ප්‍රධානත්වයෙන් ලාංඡන පැළඳවයි

නාවික හමුදා ක්‍ෂණික ක්‍රියාකාරී යාත්‍රා බළඝණයේ විසිනව වැනි (29) සුදුසුකම් ලැබීමේ පාඨමාලාව සම්පූර්ණ කල නිලධාරීන් තිදෙනෙකු (03) සහ නාවිකයන් තිස්හතර දෙනෙකු (34) වෙත ලාංඡන පැළඳවීමේ උත්සවය, 2025 සැප්තැම්බර් මස 06 වැනි දින පුත්තලම, ගඟේවාඩිය ක්‍ෂණික ක්‍රියාකාරී යාත්‍රා බළඝණ මූලස්ථාන ප්‍රධාන සරඹ පිටියේදී, ක්‍ෂණික ක්‍රියාකාරී යාත්‍රා බළඝණයේ අණදෙන නිලධාරී කපිතාන් සුදේෂ් චින්තක හා වයඹ නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් වරුණ ෆර්ඩිනැන්ඩස් ගේ ආරාධනයෙන්, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් කාන්චන බානගොඩ ගේ ප්‍රධානත්වයෙන් අභිමානවත් අයුරින් පැවැත්විණි.
07 Sep 2025
විෂ මත්ද්‍රව්‍ය හා අන්තරායකර ඖෂධ භාවිතය වැළැක්වීම හා පාලනය සඳහා වන ජනාධිපති කාර්යය සාධන බලකාය නාවික හමුදා මූලස්ථානයේදී රැස්වෙයි

ශ්‍රී ලංකාව තුල විෂ මත්ද්‍රව්‍ය හා අන්තරායකර ඖෂධ භාවිතය වැළැක්වීම හා පාලනය සඳහා ජාතික උපාය මාර්ගික සැලසුම් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමේ විශේෂ රැස්වීමක්, විෂ මත්ද්‍රව්‍ය හා අන්තරායකර ඖෂධ භාවිතය වැලැක්වීම හා පාලනය සඳහා වන ජනාධිපති කාර්යය සාධන බලකායේ සභාපති වශයෙන් කටයුතු කරනු ලබන, නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් කාන්චන බානගොඩගේ ප්‍රධානත්වයෙන්, 2025 සැප්තැම්බර් මස 03 වැනි දින නාවික හමුදා මූලස්ථානයේදී පැවැත්විණි.
05 Sep 2025
නාවික පරිපාලනය සහ සුභසාධනය සම්බන්ධයෙන් ජ්‍යෙෂ්ඨ නාවිකයන් දැනුවත් කිරීමේ එක්දින වැඩ මුළුවක් නාවික හමුදා මුලස්ථානයේදී

නාවික හමුදා විධාන ආවරණය වන පරිදි සිදුකරන ලද නිරීක්‍ෂණ වාරිකා වන්හීදී විශේෂ අවධානයට ලක් වු කරුණු සම්බන්ධයෙන් ජ්‍යෙෂ්ඨ නාවිකයින් දැනුවත් කිරීමේ එක් දින වැඩ මුළුවක් නාවික පාලක ප්‍රධාන සුළු නිලධාරී පීආර්එම්ජීබී පුස්සල්ලමංකඩ ජ්‍යෙෂ්ඨ නාවිකයා ඇතුළු අනෙකුත් ජ්‍යෙෂ්ඨ නාවිකයින්ගේ සහභාගීත්වයෙන් 2025 අගෝස්තු මස 25 වැනි දින නාවික හමුදා මූලස්ථානයේදී පැවැත්විණි.
03 Sep 2025
ඉන්දියානු ජාතික ආරක්ෂක විද්‍යායතනයේ නිලධාරීන් පිරිසක් නාවික හමුදාධිපති හමුවෙයි

ශ්‍රී ලංකාවේ අධ්‍යයන සංචාරයක නිරතවන ඉන්දියානු ජාතික ආරක්ෂක විද්‍යායතනයේ මාණ්ඩලික පාඨමාලාව හදාරනු ලබන ශිෂ්‍ය නිලධාරීන් ගෙන් සහ අධ්‍යන කාර්යමණ්ඩල සාමාජිකයින් ගෙන් සමන්විත, මේජර් ජෙනරල් Pawanpal Singh ගේ ප්‍රධානත්වයෙන් යුත් නිලධාරීන් කණ්ඩායමක් 2025 සැප්තැම්බර් මස 01 වැනි දින නාවික හමුදා මූලස්ථානයේ දී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් කාන්චන බානගොඩ හමු විය.
02 Sep 2025
ජනපති කච්චතිව් දූපතේ නිරීක්ෂණ චාරිකාවක

අද (01) යාපනයේ සංවර්ධන වැඩසටහන් කිහිපයක් ආරම්භ කිරීමේ සහ විවෘත කිරීමේ අවස්ථාවන්ට සහභාගී වු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉන් අනතුරුව යාපනය කච්චතිව් දූපතේ නිරීක්ෂණ චාරිකාවකද නිරත විය.
02 Sep 2025
ඉන්දුනීසියානු නාවික හමුදාවට අයත් ‘KRI BRAWIJAYA-320’ නෞකාව දිවයිනෙන් පිටත් වෙයි

ඉන්දුනීසියානු නාවික හමුදාවට අයත් ‘KRI BRAWIJAYA-320’ යුද නෞකාව, සැපයුම් හා සේවා අවශ්‍යතා සපුරාගැනීමෙන් අනතුරුව, 2025 අගෝස්තු මස 31 වැනි දින දිවයිනෙන් පිටත්ව යන ලද අතර, එම නෞකාව වෙත ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නාවික හමුදා සම්ප්‍රදායානුකූලව සමුදීම, කොළඹ වරායේදී සිදු කෙරිණි.
01 Sep 2025
ධීවර ප්‍රජාවගේ සුරක්‍ෂිතාවය වෙනුවෙන් නාවික හමුදාව මඟින් මූලික ජීවිත ආධාරක පුහුණු වැඩසටහනක්

ශ්‍රී ලංකා නාවික හමුදාව, ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව හා එක්ව ධීවර ප්‍රජාව වෙනුවෙන් මූලික ජීවිත ආධාරක පුහුණු (Basic Life Support - BLS) වැඩසටහනක්, 2025 අගෝස්තු මස 30 වැනි දින මන්නාරම, තාවුල්පාඩු සහ සවුත්බාර් ධීවර වරාය කේන්ද්‍ර කර ගනිමින් සාර්ථකව පැවැත්වීමට කටයුතු කෙරිණි.
01 Sep 2025