වැදගත් සිදුවීම්
නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ට්‍රැවිස් සින්නයියා මහතා අද්මිරාල් ධූරයට උසස් කෙරේ

අතිගරු ජනාධිපති හා ත්‍රිවිධ හමුදා සේනාධිනායක මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා විසින් නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ට්‍රැවිස් සින්නයියා මහතා අද (ඔක්තෝබර් 25) දින සිට ක්‍රියාත්මක වන පරිදි අද්මිරාල් ධූරයට උසස් කර ඇත.
25 Oct 2017
අතිගරු ජනාධිපතිතුමන්ගේ උපදෙස් මත ශිෂ්‍යත්ව කඩඉම ඉහලින් ජයගත් දියණියගේ ගමට ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍රයක්

නාවික සමාජීය මෙහෙවර මඟින් ගලේවෙල පහල දිග්ගල ගම්මානයේ ස්ථාපනය කරන ලද ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍රය අද (ඔක්තෝබර් 23) ජනතා අයිතියට පත් කෙරිණි.
23 Oct 2017
නීති විරෝධී කටයුතුවල නිරත පුද්ගලයින් 11 දෙනෙකු අත්අඩංගුවට

පසුගිය දිනයන් හිදී ප්‍රදේශ කිහිපයක නීති විරෝධී කටයුතු වල නිරත පුද්ගලයින් 11 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට නාවික හමුදාව සමත් විය.
23 Oct 2017
ජ්‍යෙෂ්ඨ නාවිකයින් 40 දෙනෙකුට පොලී රහිත ණය මුදල් ප්රදානය නාවික හමුදාධිපතිතුමා අතින්

ශ්‍රී ලංකා නාවික හමුදාවේ සේවය කරන ජ්‍යෙෂඨ නාවිකයින් 40 දෙනෙකු වෙත ලක්ෂ පහක් (05) බැගින් වූ පොලි රහිත ණය මුදල් ලබා දීම අද (ඔක්තෝබර් 23) නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ට්‍රැවිස් සින්නයියා අතින් නාවික හමුදා මුලස්ථානයේදී සිදු කෙරුණි.
23 Oct 2017
බංග්ලාදේශ නාවික නෞකා සොමුද්‍රා අවිජාන් කොළඹ වරායට සේන්දු වෙයි

බංග්ලාදේශ නාවික හමුදාවට අයත් සොමුද්‍රා අවිජාන් නෞකාව සුහද සංචාරයක් සඳහා අද (ඔක්තෝබර් 23) කොළඹ වරායට සේන්දු විය.
23 Oct 2017
ශ්‍රීලංනානෞ රණරිසි නෞකාවේ අණදෙන නිලධාරී වශයෙන් කොමාණ්ඩර් යසන්ත ද සිල්වා වැඩ භාර ගනී

ශ්‍රී ලංකා නාවික හමුදාව සතු මුර සංචාරක නෞකාවක් වන ශ්‍රී ලංකා නාවික නෞකා රණරිසි නෞකාවේ නව අණදෙන නිලධාරී වශයෙන් කොමාණ්ඩර් යසන්ත ද සිල්වා අද (ඔක්තෝම්බර් 23) වැඩ භාර ගන්නා ලදී.
23 Oct 2017
සීජී 60 නෞකාව වෙරළාරක්ෂක නෞකා සුරක්ෂා නමින් අධිකාරියට පත් කෙරේ

ඉන්දියානු වෙරළාරක්ෂක බලකාය විසින් ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව වෙත ලබා දුන් සීජී 60 නෞකාව අද (ඔක්තෝබර් 21) රාජ්‍ය ආරක්ෂක අමාත්‍ය, රුවන් විජයවර්ධන මැතිතුමා අතින් ශ්‍රී ලංකා වෙරළාරක්ෂක නෞකා “සුරක්ෂා” නමින් අධිකාරියට පත් කෙරිණි.
21 Oct 2017
ඉන්දීය නාවිකයින් හත් දෙනෙකුගේ දිවි බේරා ගැනීම සඳහා නාවික හමුදාවේ සහය

ඉන්දියාවේ සිට මාලදිවයින දක්වා භාණ්ඩ ප්‍රවාහනය කරමින් තිබූ ඉන්දියාවට අයත් මධ්‍යම ප්‍රමාණයේ නෞකාවක් (Merchant Sailing Vessel) ශ්‍රී ලංකාවට දකුණු දිගින් වූ මුහුදු ප්‍රදේශයේදී ඇති වූ හදිසි කාර්මික දෝශයක් හේතුවෙන් සම්පූර්ණයෙන් මුහුදුබත් වී ඇත.
21 Oct 2017
නාවික හමුදාධිපතිතුමන් උතුරු නාවික විධානයේ සංචාරයක

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ට්‍රැවිස් සින්නයියා මහතා අද (ඔක්තෝබර් 20) උතුරු නාවික විධානයේ සංචාරයක නිරත විය.
20 Oct 2017
ඉන්දීය ධීවරයින්ට අයත් ට්‍රෝලර් යාත්‍රා 6 ක් ආපසු භාර දෙයි

ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාව තුළට අනවසරයෙන් ඇතුළු වී නීති විරෝධී ලෙස ධීවර කටයුතු වල නිරත වීම හේතුවෙන් නාවික හමුදා අත්අඩංගුවට පත් තවත් ඉන්දියානු ට්‍රෝලර් යාත්‍රා 6 ක්, අළුත් වැඩියාවන් සිදු කිරීමෙන් අනතුරුව නැවත ඉන්දියාවට භාර දීම අද (ඔක්තෝබර් 20) සිදු කෙරිණි.
20 Oct 2017