වැදගත් සිදුවීම්
රුසියානු තානාපතිතුමන් නාවික හමුදාධිපතිතුමා හමුවෙයි

ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති, යූරි මෙටේරි මහතා අද (නොවැම්බර් 16) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතා හමුවිය.
16 Nov 2017
ජ්‍යෙෂ්ඨ නාවිකයින් 50 දෙනෙකු සඳහා පොලී රහිත ණය මුදල් ප්රදානය කෙරේ

ශ්‍රී ලංකා නාවික හමුදාවේ සේවය කරන ජ්‍යෙෂඨ නාවිකයින් 50 දෙනෙකු සඳහා රුපියල් ලක්ෂ පහක් (05) බැගින් වූ පොලි රහිත ණය මුදල් ලබා දීම අද (නොවැම්බර් 16) නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතා අතින් නාවික හමුදා මුලස්ථානයේදී සිදු කෙරුණි.
16 Nov 2017
සුළු නිලධාරී ඩබ්එම්එස් තිලකරත්න ජ්‍යෙෂ්ඨ නාවිකයාගේ පවුලේ සාමාජිකයින් වෙත ‘නැවිරු සවියෙන්’ රුපියල් මිලියනයක රක්ෂණ වන්දියක්

ශ්‍රී ලංකා නාවික හමුදා රාජකාරියේ නිරතව සිටියදී හදිසි අනතුරකින් වියෝ වූ සුළු නිලධාරී ඩබ්එම්එස් තිලකරත්න ජ්‍යෙෂ්ඨ නාවිකයා වෙනුවෙන් ˝නැවිරු සවිය˝ නාවික සුවසහන රක්ෂණ අරමුදල මගින් රුපියල් මිලියනයක රක්ෂණ වන්දි මුදලක් ප්රදානය කරන ලදී.
16 Nov 2017
ශ්‍රීලංනානෞ සයුරළ තායිලන්තයේ පතායා වරායට සේන්දු වෙයි

අග්නිදිග ආසියාතික රාජ්‍යයන්ගේ අන්තර්ජාතික නෞකා පිරික්සුම (ASEAN IFR 2017) සහ නාවික අභ්‍යාසයන්ට සහභාගී වීම සඳහා පසුගිය නොවැමිබර් මස 09 වන දින දිවයිනෙන් පිටත් වූ ශ්‍රීලංනානෞ සයුරළ නෞකාව අද (නොවැම්බර් 16) තායිලන්තයේ පතායා වරායට සේන්දු විය.
16 Nov 2017
ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාවේ අනවසරයෙන් ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවරයින් 10 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට

උතුරු නාවික විධානයට අයත් වේග ප්‍රහාරක යාත්‍රාවන් මඟින් ඊයේ (නොවැම්බර් 15) රාත්‍රී පේදුරුතුඩුව ප්‍රදීපාගාරයට උතුරු දෙසින් වු ශ්‍රී ලංකාවට අයත් මුහුදු ප්‍රදේශයේ නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවරයින් 10 දෙනෙකු සහ ඔවුන්ට අයත් ට්‍රෝලර් යාත්‍රාවක් අත්අඩංගුවට ගෙන ඇත.
16 Nov 2017
ශ්‍රී ලංකාවේ දකුණු කොරියානු ආරක්ෂක උපදේශක නාවික හමුදාධිපතිතුමන් හමුවෙයි

ශ්‍රී ලංකාවේ දකුණු කොරියානු ආරක්ෂක උපදේශක වශයෙන් කටයුතු කරන කර්නල් ඉන් ලී මහතා අද (නොවැම්බර් 15) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතා හමුවිය.
15 Nov 2017
නාවික හමුදාධිපතිතුමන් ගරු කතානායකතුමා හමුවෙයි

නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතා අද (නොවැම්බර් 14) පාර්ලිමේන්තු කතානායක නිල කාර්යාලයේදී ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කතානායක ගරු, කරූ ජයසූරිය මහතා හමු විය.
14 Nov 2017
අනුරාධපුර ශාන්ත ජෝසෆ්, මධ්‍ය විද්‍යාලීය සහ ස්වර්ණපාලී බාලිකා ආදී සිසුන් නාවික හමුදාධිපතිතුමන්ට හරසර දක්වයි

නාවික හමුදාධිපති, වියිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතා වෙත හරසර දැක්වීමේ උත්සව මාලාවක් ඊයේ (නොවැම්බර් 13) අනුරාධපුරයේදී පැවැත්විණි.
14 Nov 2017
ඕස්ට්‍රේලියානු නාවික නෞකා නිව්කාසල් කොළඹ වරායට

ඕස්ට්‍රේලියානු නාවික හමුදාවට අයත් නිව්කාසල් නෞකාව අද (නොවැම්බර් 14) සුහද සංචාරයක් සඳහා කොළඹ වරායට සේන්දු විය.
14 Nov 2017
චීන නාවික නෞකා කී ජි ගුආන්ග් කොළඹ වරායෙන් පිටත් වෙයි

සුහද සංචාරයක් සඳහා පසුගිය නොවැම්බර් 10 වන දින කොළඹ වරායට සේන්දු වූ චීන නාවික හමුදාවට අයත් කී ජී ගුආන්ග් පුහුණු නෞකාව සාර්ථක සංචාරයක් නිමා කරමින් අද (නොවැම්බර් 14) දිවයිනෙන් පිටත් විය.
14 Nov 2017