වැදගත් සිදුවීම්
නාවික පවුල්වල විශ්ව විද්‍යාල වරම් ලද දූදරුවන් හට ශිෂ්‍යත්ව ප්රදානය කෙරේ

2018 වසරේ දෙසැම්බර් මස පැවති අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට පෙනීසිට ඉතා විශිෂ්ඨ ලෙස සමත්ව විශ්ව විද්‍යාල වරම් ලද නාවික පුද්ගලයින්ගේ දූ දරුවන් වෙත ප්‍රථම වරට ශිෂ්‍යත්ව ඇගයීම් ප්රදානය කිරීම නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා ගේ ප්‍රධානත්වයෙන් 2019 නොවැම්බර් මස 20 වන දින ශ්‍රී ලංකා නාවික නෞකා පරාක්‍රම ආයතනයේ අද්මිරාල් සෝමතිලක දිසානායක ශ්‍රවණාගාරයේදී සිදු කෙරුණි.
22 Nov 2019
සාර්ථක සංචාරයකින් අනතුරුව රුසියානු නාවික හමුදාවට අයත් ‘පෙරේකොප්’ නෞකාව දිවයිනෙන් පිටත් වෙයි

2019 නොවැම්බර් 19 වන දින ශ්‍රී ලංකාවට සේන්දු වූ රුසියානු නාවික හමුදාවට අයත් ‘පෙරේකොප්’ නෞකාව සිය සංචාරය සාර්ථක ලෙස නිමා කරමින් අද (2019 නොවැම්බර් 21) වන දින හම්බන්තොට වරායෙන් පිටත් විය. එහිදී, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නාවික සම්ප්‍රදායානුකූලව එම නෞකාව වෙත සමුදීම සිදු කරන ලදී.
21 Nov 2019
තහනම් දැල් භාවිතා කර මසුන් ඇල්ලූ පුද්ගලයින් පස්දෙනෙකු නාවික හමුදා බාරයට

නාවික හමුදාව විසින් 2019 නොවැම්බර් 20 වන දින මොල්ලිකුලම් ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ සිදු කළ මුර සංචාරයක් අතරතුරදී නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරත වූ පුද්ගලයින් පස්දෙනෙකු නාවික හමුදා බාරයට ගෙන ඇත.
21 Nov 2019
නාවික හමුදාව තහනම් දැල් තොගයක් සොයා ගැනේ

නාවික හමුදාව, ධීවර පරික්ෂක කාර්යාලය සහ පොලිසිය එක්ව 2019 නොවැම්බර් 20 වන දින යාපනය, මඩිත්තවේලි ප්‍රදේශයේ සිදු කල සෝදිසි කිරීමකදී තහනම් දැල් තොගයක් සොයා ගැනීමට සමත්ව ඇත.
21 Nov 2019
නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරත වූ පුද්ගලයින් දෙදෙනෙකු (02) නාවික හමුදා බාරයට

නාවික හමුදාව විසින් 2019 නොවැම්බර් 19 වන දින වාකරේ, සල්ලතිව් වෙරළ තීරයේ සිදු කල සෝදිසි කිරීමකදී නීති විරෝධී ලෙස මසුන් ඇල්ලීමට උත්සාහ කල පුද්ගලයින් දෙදෙනෙකු (02) නාවික හමුදා බාරයට ගෙන ඇත.
21 Nov 2019
නව ආරක්ෂක ලේකම් සිය ධූරයේ රාජකාරී අරඹයි

නව ආරක්ෂක ලේකම් වශයෙන් පත් වූ මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න මහතා ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් කාර්යාලයේදී අද (2019 නොවැම්බර් 20) මහා සංඝරත්නයේ සෙත්පිරිත් සඡ්ඣායනා මධ්‍යයේ සිය ධූරයේ රාජකාරී අරඹන ලදී.
20 Nov 2019
කැස්බෑ මස් තොගයක් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු (02) නාවික හමුදා බාරයට

නාවික හමුදාව විසින් අද (2019 නොවැම්බර් 20) මන්නාරම, සවුත්බාර් වෙරළ තීරයේ සිදු කළ සෝදිසි කිරීමකදී කැස්බෑ මස් කිලෝග්‍රෑම් 14.5 ක් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු (02) නාවික හමුදා බාරයට ගෙන ඇත.
20 Nov 2019
රුසියානු නාවික හමුදාවට අයත් පෙරේකොප් නෞකාවේ අණදෙන නිලධාරී දකුණු නාවික විධානය භාර ආඥාපති හමුවෙයි

2019 නොවැම්බර් 19 වන දින සුහද සංචාරයක් සඳහා හම්බන්තොට වරායට සේන්දු වූ රුසියානු නාවික හමුදාවට අයත් පුහුණු නෞකාවක් වන ‘පෙරේකොප්’ නෞකාවේ අණදෙන නිලධාරී, කොමාණ්ඩර් රෝමන් පැකොමෝව් ඇතුළු නියෝජිත පිරිස අද (2019 නොවැම්බර් 20) දකුණු නාවික විධානයේ සංචාරයක නිරත වීය.
20 Nov 2019
චීන නාවික හමුදාවට අයත් ‘ෂු කේ ෂෙන්’ නෞකාව සාර්ථක සංචාරයකින් පසු කොළඹ වරායෙන් පිටත්වෙයි

නිල සංචාරයක් සඳහා 2019 නොවැම්බර් 14 වන දින මෙරටට පැමිණි චීන නාවික හමුදාවට අයත් ‘ෂු කේ ෂෙන්’ නෞකාව 2019 නොවැම්බර් 19 වන දින කොළඹ වරායෙන් පිටත් විය. එහිදී, නාවික හමුදා සම්ප්‍රදායානුකූලව ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාවට සමුදෙන ලදී.
20 Nov 2019
ජා ඇල, දඬුගම පාලම අසල අතහැර දමා තිබූ යතුරු පැදියක් ගොඩට ගැනීමට නාවික හමුදා සහාය

ජා ඇල, දඬුගම පාලම අසල දිය යට තිබූ යතුරු පැදියක් ගොඩට ගැනීමට අද (නොවැම්බර් 19) නාවික හමුදාව සිය දායකත්වය ලබා දෙන ලදී.
19 Nov 2019