වැදගත් සිදුවීම්
විදේශීය ආරක්ෂක නිලධාරීන් වෙනුවෙන් ශ්‍රී ලංකා නාවික හමුදාව පවත්වනු ලබන තවත් පාඨමාලාවක් ත්‍රීකුණාමලයේදී

එක්සත් ජාතීන්ගේ මත්ද්‍රව්‍ය සහ අපරාධ පිළිබඳ ආයතනයේ පාර්ශවකරුවන් වෙනුවෙන් පවත්වනු ලබන නෞකා හා යාත්‍රාවලට ප්රවිශ්ඨ වීමත්, ඒවා සෝදිසි කිරීමේ ක්‍රියාපටිපාටීන් හා ක්රමෝපායන් පිළිබඳ තවත් එක් පාඨමාලාවක් 2019 නොවැම්බර් 18 වන දින ත්‍රිකුණාමලය, විශේෂ යාත්‍රා බලඝණ මුලස්ථානයේ පුහුණු පාසලේදී ආරම්භ කෙරුණි.
19 Nov 2019
නාවික හමුදාධිපතිතුමන් අතිගරු ජනාධිපති, ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා හමුවෙයි

නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා අභිනව සන්නද්ධ හමුදා සේනාධිනායක, ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අතිගරු ජනාධිපති, ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අද (2019 නොවැම්බර් 19) ජනාධිපති ලේකම් කාර්යාලයේදී හමුවිය.
19 Nov 2019
රුසියානු නාවික හමුදාවට අයත් ‘පෙරේකොප්’ නෞකාව හම්බන්තොට වරායට සේන්දු වෙයි

රුසියානු නාවික හමුදාවට අයත් පුහුණු නෞකාවක් වන ‘පෙරේකොප්’ නෞකාව සුහද සංචාරයක් සඳහා අද (2019 නොවැම්බර් 19) හම්බන්තොට වරායට සේන්දු විය. එහිදී ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නාවික සම්ප්‍රදායානුකූලව එම නෞකාව පිළිගන්නා ලදී.
19 Nov 2019
නීති විරෝධි ලෙස ධීවර කටයුතුවල නිරත වූ පුද්ගලයින් දෙදෙනෙකු (02) නාවික හමුදා බාරයට

නාවික හමුදාව විසින් 2019 නොවැම්බර් 19 වන දින ත්‍රිකුණාමලය, ඉලන්තට්ටුනු තුඩුව ප්‍රදේශයේදී නීති විරෝධි ලෙස ධීවර කටයුතුවල නිරත වූ පුද්ගලයින් දෙදෙනෙකු (02) නාවික හමුදා බාරයට ගෙන ඇත.
19 Nov 2019
නාවික සංග්‍රාමික කටයුතු වලදි ජාත්‍යන්තර නීති වල ඇති වැදගත්කම සම්බන්ධයෙන් නාවික හමුදාධිපති අවධාරණය කෙරේ

ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ජාත්‍යන්තර රතු කුරුස කමිටුව එක්ව සංවිධානය කරනු ලබන 06 වන ආසියා - පැසිෆික් සම්මන්ත්‍රණය 2019, අද (නොවැම්බර් 19) නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා ගේ ප්‍රදානත්වයෙන් කොළඹ, ගාලු මුවදොර හෝටලයේදී ආරම්භ විය.
19 Nov 2019
නාවික හමුදාව විසින් නැවත සවිගන්වන ලද සීජී 410 යාත්‍රාව වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව වෙත බාර දෙයි

ත්‍රිකුණාමලය, නාවික තඨාකාංගණය තුල පිහිටි නාවික දියත්මග මඟින් නැවත සවිගන්වන ලද ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවට අයත් සීජී 410 යාත්‍රාව 2019 නොවැම්බර් 17 වන දින ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවට නැවත භාර දෙන ලදී.
19 Nov 2019
අවසරපත් නොමැතිව පොකිරිස්සන් ඇල්ලූ පුද්ගලයින් දෙදෙනෙකු (02) නාවික හමුදා බාරයට

නාවික හමුදාව විසින් 2019 නොවැම්බර් 18 වන දින කොළඹ, ගාලු මුවදොර ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේදී අවසරපත් නොමැතිව පොකිරිස්සන් ඇල්ලූ පුද්ගලයින් දෙදෙනෙකු (02) නාවික හමුදා බාරයට ගෙන ඇත.
19 Nov 2019
නාවික හමුදාව පොල් පැල සිටුවීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරයි

නාවික හමුදාව විසින් වයඹ නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා ‘භරණ’ ආයතන පරිශ්‍රය තුල පොල් පැල 150 ක් සිටුවීමේ වැඩසටහනක් 2019 නොවැම්බර් 18 වන දින කටයුතු කරන ලදී.
19 Nov 2019
බීඩි කොළ කිලෝග්‍රෑම් 1620 ක් සමඟ පුද්ගලයින් සිව්දෙනෙකු නීතියේ රැහැනට

නාවික හමුදාව සහ පොලීසිය එක්ව අද (2019 නොවැම්බර් 18) අළුයම මීගමුවට ඔබ්බෙන් වු මුහුදු ප්‍රදේශයේ සිදුකල විශේෂ මෙහෙයුමක් මඟින් බීඩි කොළ කිලෝග්‍රෑම් 1620 ක් සමඟ පුද්ගලයින් සිව්දෙනෙකු (04) අත් අඩංගුවට ගෙන ඇත.
18 Nov 2019
ශ්‍රී දළදා මාලිගාවේ ඉදිරිපස ඇති නුවර වැවේ නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරත වු පුද්ගලයෙකු නාවික හමුදා බාරයට

නාවික හමුදාව විසින් 2019 නොවැම්බර් 17 වන දින ශ්‍රී දළදා මාලිගාවේ ඉදිරිපස ඇති නුවර වැවේ නිතී විරෝධී ලෙස ධීවර කටයුතු වල නිරත වු පුද්ගලයෙකු නාවික හමුදා බාරයට ගෙන ඇත.
18 Nov 2019