වැදගත් සිදුවීම්
නාවික හමුදා සමාජීය මෙහෙවර ව්‍යාපෘතිය මඟින් පොලොන්නරුව දිස්ත්‍රික්කය තුළ ස්ථාපනය කළ ප්‍රති ආශ්‍රැතිකරන ජල පිරිපහදු මධ්‍යස්ථාන 02 ක් ජනතා අයිතියට

සෞඛ්‍ය අමාත්‍යාංශයේ මූලිකත්වයෙන් හා අවුට්රීව් ප්‍රොජෙක්ට්ස් ගැරන්ටි ලිමිටඩ් සමාගමේ මූල්‍ය ප්‍රතිපාදන මත, නාවික හමුදා පර්යේෂණ හා සංවර්ධන ඒකකයේ හා සමාජීය මෙහෙවර ව්‍යාපෘතිය මඟින් නිපදවන ලද 1074 සහ 1075 වන ප්‍රතිආශ්‍රැති ජල පිරිපහදු යන්ත්‍ර දෙකක් (02) පොලොන්නරුව දිස්ත්‍රික්කයේ ස්ථාන දෙකක (02) ස්ථාපනය කිරීමේ විශේෂ ව්‍යාපෘතිය යටතේ, ඇලහැර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ යාය 06, ඉහල කොටස, බෙදුම්ඇල ග්‍රාමයෙහි සහ ගල්මුල්ල, මළුවයාය, බකමූණ යන ස්ථානයන්හී ස්ථාපනය කර ජනතා අයිතියට පත් කිරීම, 2024 දෙසැම්බර් මස 31 වැනි දින සිදු කෙරිණි.
31 Dec 2024
අභිනව නාවික හමුදාධිපති ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් හමුවෙයි

ශ්‍රී ලංකා නාවික හමුදාවේ 26 වැනි නාවික හමුදාධිපතිවරයා වශයෙන් පත්වීම් ලද වයිස් අද්මිරාල් කාන්චන බානගොඩ අද (2024 දෙසැම්බර් 31) ආරක්ෂක අමාත්‍යාංශයේදී, ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්, එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) හමුවිය.
31 Dec 2024
නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් කාන්චන බානගොඩ නාවික හමුදා කළමනාකරණ මණ්ඩලය හා බටහිර නාවික විධානයේ නාවික හමුදා පුද්ගලයින් අමතයි

වයිස් අද්මිරාල් කාන්චන බානගොඩ ශ්‍රී ලංකා නාවික හමුදාවේ 26 වැනි නාවික හමුදාධිපතිවරයා ලෙස පත් වීමෙන් පසුව, ජාතික ආරක්ෂාව වෙනුවෙන් නාවික හමුදාවේ කාර්යය භාරය සහ ඉදිරි ගමන් මඟ පිළිබඳ නාවික හමුදා කළමණාකරන මණ්ඩලය ඇමතීම, අද (2024 දෙසැම්බර් 31) නාවික හමුදා මුලස්ථානයේදී සිදු කෙරිණි.
31 Dec 2024
නාවික හමුදා උත්තමාචාර මැද අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා නාවික හමුදා සේවයෙන් විශ්‍රාම ලබයි

ශ්‍රී ලංකා නාවික හමුදාවේ 25 වන නාවික හමුදාධිපති වශයෙන් 2022 වර්ෂයේ දෙසැම්බර් මස 18 වැනි දින සිට කටයුතු කල අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා සිය වසර 37 කට අධික සේවාකාලය අවසන් කරමින් අද (2024 දෙසැම්බර් 31 ) විශ්‍රාම ලැබීම සිදු කෙරිණි.
31 Dec 2024
වයිස් අද්මිරාල් කාන්චන බානගොඩ ශ්‍රී ලංකා නාවික හමුදාවේ 26 වන නාවික හමුදාධිපති ධූරයට

සන්නද්ධ හමුදා සේනාධිනායක සහ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපති ගරු අනුර කුමාර දිසානායක මැතිතුමා විසින් රියර් අද්මිරාල් කාන්චන බානගොඩ වයිස් අද්මිරාල් නිලයට උසස් කිරීමෙන් අනතුරුව, අද ( 2024 දෙසැම්බර් 31) ශ්‍රී ලංකා නාවික හමුදාවේ 26 වන නාවික හමුදාධිපතිවරයා ලෙස පත් කරන ලදි. ඒ අනුව, අද (2024 දෙසැම්බර් 31) උදෑසන, හිටපු නාවික හමුදාධිපති, අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා විසින් අභිනව නාවික හමුදාධිපති වෙත නාවික හමුදා සාම්ප්‍රදායානුකූලව නාවික හමුදාධිපති ගේ අසිපත පිරිනැමීම සහ රාජකාරී භාර දීම නාවික හමුදා මූලස්ථානයේදී සිදු කෙරුණු අතර, අභිනව නාවික හමුදාධිපති වෙත නාවික හමුදා සම්ප්‍රදායානුකූලව විශේෂ සම්මාන ආචාර මුරයක් මඟින් ආචාරය පිරිනැමීම නාවික හමුදා මූලස්ථානයේදී සිදු කෙරිණි.
31 Dec 2024
නාවික හමුදා පුද්ගලයන්ගේ සුභසාධනය වෙනුවෙන් වැලිසර නාවික පරිශ්‍රයේ පුළුල් කළ පහසුකම් නාවික හමුදාධිපති ගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරේ

නාවික හමුදා පුද්ගලයින්ගේ හා ඔවුන්ගේ පවුල් වල සාමාජිකයින්ගේ සුභසාධනය වෙනුවෙන් වැලිසර නාවික පරිශ්‍රයේ අභිනවයෙන් ඉදිකළ හොකී ක්‍රීඩා මණ්ඩපය, සේවා වනිතා උපයෝගීතා ගොඩනැගිල්ල සහ නාවික විවාහක නිවාස ඇතුළු පහසුකම්, අද (2024 දෙසැම්බර් මස 30) නාවික හමුදාධිපති, අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා ගේ සහ නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනී, මාලා ළමාහේවා මහත්මිය ගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරිණි.
30 Dec 2024
ඉන්දුනීසියානු නාවික හමුදාවට අයත් ‘KRI SULTAN ISKANDAR MUDA-367’ නෞකාව නිල සංචාරය සාර්ථකව අවසන් කරමින් දිවයිනෙන් පිටත් වෙයි

2024 දෙසැම්බර් මස 28 වැනි දින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණි ඉන්දුනීසියානු නාවික හමුදාවේ SIGMA - CORVETTE වර්ගයට අයත් නෞකාවක් වන ‘KRI SULTAN ISKANDAR MUDA-367’ නෞකාව, එම නිල සංචාරය සාර්ථකව අවසන් කරමින් අද (2024 දෙසැම්බර් 30) දිවයිනෙන් පිටත්ව යන ලද අතර, එම නෞකාව වෙත ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නාවික හමුදා සම්ප්‍රදායානුකූලව සමුදීම, කොළඹ වරායේදී සිදු කෙරිණි.
30 Dec 2024
‘සයුරුසර’ සඟරාවේ 49 වන කලාපය එළිදකී

නාවික හමුදා මාධ්‍ය අධ්යක්ෂ කාර්යාලය මඟින් ප්‍රකාශයට පත්කරනු ලබන ‘සයුරුසර’ සඟරාවේ 49 වන කලාපය නාවික හමුදාධිපති, අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා වෙත පිළිගැන්වීම, එහි ප්‍රධාන සංස්කාරක, කොමාණ්ඩර් (ස්වේ) සාලිය සුදුසිංහ විසින් අද දින (2024 දෙසැම්බර් 30) නාවික හමුදා මූලස්ථානයේදී සිදු කෙරිණි.
30 Dec 2024
ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී නාවික හමුදා මූලස්ථානයේ නිරීක්ෂණ සංචාරයක නිරත වෙයි

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී, ජෙනරාල් ෂවේන්ද්‍ර සිල්වා, නාවික හමුදාධිපති අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා ගේ ආරාධනයෙන් අද (2024 දෙසැම්බර් 30) නාවික හමුදා මූලස්ථානයේ නිරීක්ෂණ සංචාරයක නිරත විය.
30 Dec 2024
නාවික හමුදාධිපති අද්මිරාල් නිලයට උසස් කෙරේ

ශ්‍රී ලංකා ජනාධිපති හා සන්නද්ධ හමුදා සේනාධිනායක, ගරු අනුර කුමාර දිසානායක මැතිතුමා විසින් නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා අද (2024 දෙසැම්බර් 30) දින සිට ක්‍රියාත්මක වන පරිදි අද්මිරාල් නිලයට උසස් කර ඇත.
30 Dec 2024