වැදගත් සිදුවීම්
ශ්‍රී ලංකා නාවික හමුදාව 75 වැනි සංවත්සරය වෙනුවෙන් නාවික හමුදා පුද්ගලයින් 2086 ක් වෙත උසස්වීම්
ප්‍රෞඩ ඉතිහාසයකට උරුමකම් කියනු ලබන ශ්‍රී ලංකා නාවික හමුදාවේ 75 වැනි සංවත්සරය, නාවික සම්ප්‍රදායන් සහ ආගමික කටයුතු සඳහා මුල්තැනක් දෙමින් සමාජ, පාරිසරික හා සදාචාරාත්මක මුලපිරීම් ආවරණය වන පරිදි 2025 දෙසැම්බර් මස 09 වැනි දින අභිමානවත්ව සමරන ලද අතර, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් කාන්චන බානගොඩගේ නිර්දේශය මත නිලධාරීන් 17 දෙනෙකු ඊළඟ නිලය වෙතත්, ජ්‍යෙෂ්ඨ හා කණිෂ්ඨ නාවිකයින් 2069 දෙනෙකු ඊළඟ තරාතිරම් වෙතත් උසස් කිරීමට නාවික හමුදාව විසින් කටයුතු කෙරිණි.
09 Dec 2025
අයහපත් කාලගුණය හේතුවෙන් ආපදාවට පත් ජනතාවගේ ජන ජීවිතය යතාවත් කිරීම වෙනුවෙන් නාවික හමුදාවේ අඛණ්ඩ සහය
අයහපත් කාලගුණය හේතුවෙන් ආපදාවට පත් ජනතාවගේ ජන ජීවිතය යතාවත් කිරීම වෙනුවෙන් මානුෂීය ආධාර සහ ආපදා සහන සැලසීම ඇතුළු අත්‍යාවශ්‍ය සේවා සැපයීම වෙනුවෙන් නාවික හමුදාව වෙතින් ක්‍රියාවට නංවා ඇති විශේෂ වැඩ පිළිවෙල යටතේ, අද දිනයේ (2025 දෙසැම්බර් 06) පුත්තලම, අනුරාධපුරය, මහනුවර, නුවරඑළිය, ත්‍රිකුණාමලය සහ මුලතිව් දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි ආපදා සහන සැලසීම හා මානුෂිය ආධාර මෙහෙයුම් සඳහා නාවික හමුදාව දායක විය.
06 Dec 2025
අයහපත් කාලගුණය හේතුවෙන් ආපදාවට පත් ජනතාවගේ ජන ජීවිතය යතාතත්වයට පත් කිරීම වෙනුවෙන් නාවික හමුදාවේ අඛණ්ඩ සහය
අයහපත් කාලගුණය හේතුවෙන් ආපදාවට පත් ජනතාව වෙනුවෙන් මානුෂීය ආධාර සහ ආපදා සහන සැලසීම ඇතුළු අත්‍යාවශ්‍ය සේවා සැපයීම සහ ජන ජීවිතය යතාතත්වයට පත්කිරීම වෙනුවෙන් දිවයිනම ආවරණය වන නාවික හමුදාව වෙතින් ක්‍රියාවට නංවා ඇති විශේෂ වැඩ පිළිවෙල යටතේ, අද දිනයේ (2025 දෙසැම්බර් 05) පුත්තලම, අනුරාධපුරය, මහනුවර, නුවරඑළිය, ත්‍රිකුණාමලය, බදුල්ල සහ මුලතිව් දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි ආපදා සහ සැලසීම හා මානුෂිය ආධාර මෙහෙයුම් සඳහා නාවික හමුදාව දායක විය.
05 Dec 2025
කොත්මලේ ප්‍රදේශයේ මානුෂීය ආධාර සහ ආපදා සහන සැලසීමට නාවික හමුදාවේ අඛණ්ඩ සහය
ගංවතුරෙන් ආපදාවට පත් ජනතාව වෙනුවෙන් මානුෂීය ආධාර සහ ආපදා සහන සැලසීම ඇතුළු අත්‍යාවශ්‍ය සේවා සැපයීම වෙනුවෙන් දිවයිනම ආවරණය වන පරිදි නාවික හමුදාව ක්‍රියාවට නංවා ඇති විශේෂ වැඩ පිළිවෙල යටතේ, අයහපත් කාළගුණයෙන් ආපදාවට පත් කොත්මලේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාෂයේ, සංගිලි පාලම, පාළුවත්ත, කොන්ඩාගල සහ නියන්ගන්දර ජනතාව වෙත වියලි ආහාර ඇතුළු අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය, කොත්මලේ ජලාශය ඔස්සේ ප්‍රවාහනය කිරීම සඳහා නාවික හමුදාව අද (2025 දෙසැම්බර් 05) සහය විය.
05 Dec 2025
අයහපත් කාලගුණික තත්වය හමුවේ ආපදාවට පත් මාදම්පේ ප්‍රදේශයේ ජල නල පද්ධතිය යතාතත්වයට පත්කිරීමට නාවික හමුදා සහය
අයහපත් කාලගුණික තත්වය හමුවේ ආපදාවට පත් පොදු ස්ථාන යතාතත්වයට පත්කිරීම වෙනුවෙන්, දිවයිනම ආවරණය වන පරිදි නාවික හමුදාව ක්‍රියාවට නංවා ඇති විශේෂ වැඩ පිළිවෙල යටතේ, ජල ගැලීමෙන් හානියට පත්, මාදම්පේ නෙලුම්පොකුන ජල පවිත්‍රාගාරයේ සිට ජලය බෙදාහරිනු ලබන ජල නල පද්ධතිය පිළිසකර කර නැවත යතාතත්වයට පත් කිරීම අද (2025 දෙසැම්බර් 05) නාවික හමුදා දායකත්වයෙන් සිදුකෙරිණි.
05 Dec 2025
අයහපත් කාලගුණික තත්වය හමුවේ ආපදාවට පත් මාර්ග පිළිසකර කිරීමට නාවික හමුදා සහය
අයහපත් කාලගුණික තත්වය හමුවේ ආපදාවට පත් මාර්ග ඇතුළු පොදු ස්ථාන යතාතත්වයට පත්කිරීම වෙනුවෙන්, දිවයිනම ආවරණය වන පරිදි නාවික හමුදාව ක්‍රියාවට නංවා ඇති විශේෂ වැඩ පිළිවෙල යටතේ, ආපදාවට පත් මහනුවර හන්තාන මාර්ගය සහ වත්තේගම හාතලේ මාර්ගය පිළිසකර කිරීම අද (2025 දෙසැම්බර් 05) නාවික හමුදා දායකත්වයෙන් සිදුකෙරිණි.
05 Dec 2025
ඇමෙරිකානු වෙරළාරක්ෂක නෞකා ‘DECICIVE ’ නෞකාව ශ්‍රී ලංකා නාවික හමුදාව නිල වශයෙන් භාර ගනියි
ඇමෙරිකා එක්සත් ජනපදය මඟින් ශ්‍රී ලංකා නාවික හමුදාව වෙත ලබා දෙන ලද, ඇමෙරිකානු වෙරළාරක්ෂක නෞකා ‘DECICIVE’ නෞකාව (EX USCGC DECICIVE) ශ්‍රි ලංකා නාවික හමුදාව වෙත නිල වශයෙන් භාර ගැනීම 2025 දෙසැම්බර් 02 වැනි දින ඇමෙරිකා එක්සත් ජනපදයේ මේරිලෑන්ඩ් ප්‍රාන්තයේ, ‘බැල්ටිමෝර්’ හි පිහිටි ඇමෙරිකා එක්සත් ජනපද වෙරළාරක්ෂක නෞකා අංගනයේදී සිදු කෙරුණු අතර, මේ අවස්ථාව සඳහා නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් කාන්චන බානගොඩ සහභාගී විය. ඒ අනුව, ශ්‍රී ලංකා නාවික හමුදා නෞකා බලඇණියට පී 628 ධජ අංකය යටතේ 2025 දෙසැම්බර් 02 වැනි දින සිට එක්වන මෙම නෞකාවේ ප්‍රධාන කුඹ ගසෙහි එදින සිට ශ්‍රී ලංකා ජාතික ධජය අභිමානවත්ව ඔසවනු ලබයි.
05 Dec 2025
75 වන නාවික හමුදා සංවත්සරයට සමඟාමීව ලේ දන්දීමේ වැඩසටහනක් සංවිධානය කරයි
ශ්‍රී ලංකා නාවික හමුදාවේ අභිමානවත් 75 වෙනි සංවත්සරය වෙනුවෙන්, සමාජමය, පාරසරික හා සදාචාරාත්මක මුලපිරීම් ආවරණය වන පරිදි නාවික හමුදාව ආගමික, පාරසරික හා සමාජ සත්කාරක වැඩසටහන් මාලාවක් පවත්වනු ලබයි. ඒ යටතේ නාවික හමුදාවේ තවත් සමාජ සත්කාර්යයක් ලෙස සංවිධානය කළ ලේ දන්දීමේ වැඩසටහනක්, කොළඹ නාවික මහ රෝහල් පරිශ්‍රයේදී සහ උතුරු මැද නාවික රෝහල් පරිශ්‍රයේදී 2025 දෙසැම්බර් මස 02 වැනි දින පැවැත්විණි.
05 Dec 2025
ජන ජීවිතය යතාතත්වයට පත් කිරීම වෙනුවෙන් දිවයින පුරා මානුෂීය ආධාර සහ ආපදා සහන සැලසීමට නාවික හමුදාවේ අඛණ්ඩ සහය
ගංවතුරෙන් ආපදාවට පත් ජනතාව වෙනුවෙන් මානුෂීය ආධාර සහ ආපදා සහන සැලසීම ඇතුළු අත්‍යාවශ්‍ය සේවා සැපයීම වෙනුවෙන් දිවයිනම ආවරණය වන නාවික හමුදාව වෙතින් ක්‍රියාවට නංවා ඇති විශේෂ වැඩ පිළිවෙල යටතේ, අද දිනයේ (2025 දෙසැම්බර් 04) කොළඹ, ගම්පහ, පුත්තලම, අනුරාධපුරය, මන්නාරම, මහනුවර, නුවරඑළිය සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි ආපදා සහ සැලසීම හා මානුෂිය ආධාර මෙහෙයුම් සඳහා නාවික හමුදාව දායක විය.
04 Dec 2025
කොත්මලේ රම්බොඩගල, පාළුවත්ත සහ පනන්ගම්මන ගම්මාන වෙත මානුෂීය ආධාර සහ ආපදා සහන සැලසීමට නාවික හමුදාවේ සහය
ගංවතුරෙන් ආපදාවට පත් ජනතාව වෙනුවෙන් මානුෂීය ආධාර සහ ආපදා සහන සැලසීම ඇතුළු අත්‍යාවශ්‍ය සේවා සැපයීම වෙනුවෙන් දිවයිනම ආවරණය වන පරිදි නාවික හමුදාව ක්‍රියාවට නංවා ඇති විශේෂ වැඩ පිළිවෙල යටතේ, අයහපත් කාළගුණයෙන් ආපදාවට පත් කොත්මලේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාෂයේ, රම්බොඩගල, පාළුවත්ත සහ පනන්ගම්මන ජනතාව වෙත වියලි ආහාර ඇතුළු අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය, කොත්මලේ ජලාශය ඔස්සේ ප්‍රවාහනය කිරීම සඳහා නාවික හමුදාව අද (2025 දෙසැම්බර් 04) සහය විය.
04 Dec 2025


