වැදගත් සිදුවීම්
පාකිස්ථානු නාවික හමුදාවේ “ශම්ෂීර්” නෞකාවේ මෙහෙයුම් භාර අණදෙන නිලධාරී නාවික හමුදාධිපති හමුවෙයි

සුහද සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණි පාකිස්ථානු නාවික හමුදාවේ “ශම්ෂීර්” නෞකාවේ මෙහෙයුම් භාර අණදෙන නිලධාරී කොමදෝරු බිලාල් අබ්දුල් නසීර් මහතා සහ අණදෙන නිලධාරී සිද් රිස්වාන් කලීඩ් මහතා අද (01) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා හමුවිය.
01 Dec 2015
පාකිස්ථානු නාවික හමුදාවේ ‘ශම්ෂීර්’ නෞකාව කොළඹ වරායට පැමිණේ

පාකිස්ථානු නාවික හමුදාවේ ‘ශම්ෂීර්’ නෞකාව සුහද සංචාරයක් සඳහා අද (30) කොළඹ වරායට පැමිණි අතර, නාවික සම්ප්‍රදානුකූලව ශ්‍රී ලංකා නාවික හමුදාව එම නෞකාව පිළිගන්නා ලදී.
30 Nov 2015
නීති විරෝධී ධීවර දැල් 4ක් සමග පුද්ගලයින් දස දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට

නැගෙනහිර නාවික විධානයට අයත්, මඩකලපුව නාවික අනුඛණ්ඩයට අනුයුක්ත නාවිකයින් පිරිසක් විසින් නීති විරෝධී ධීවර දැල් (සුරුක්කු දැල්) 4ක් සමග පුද්ගලයින් සිව් දෙනෙකු හා ඩිංගි යාත්‍රා 4ක් නොවැම්බර් මස 28 වන දින දහවල් අත්අඩංගුවට ගන්නා ලදී.
30 Nov 2015
ශ්‍රී ලංකා මුහුදු සීමාවේ ධීවර කටයුතු වල නිරතව සිටි ඉන්දීය ධීවරයින් අට දෙනෙකු අත්අඩංගුවට ගැනේ

ඩෙල්ෆ් දූපතට ආසන්න ශ්‍රී ලංකාවට අයත් මුහුදු ප්‍රදේශයේ ධීවර කටයුතු වල නිරතව සිටි ඉන්දීය ධීවරයින් 8 දෙනෙකු සහ ට්‍රෝලර් යාත්‍රා 2ක් නාවික හමුදාවේ සහාය ඇතිව ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව විසින් අද (29) අළුයම අත්අඩංගුවට ගන්නා ලදී.
29 Nov 2015
ජපන් නාවික හමුදාවට අයත් නෞකා දෙකක් කොළඹ වරායට පැමිණේ

ජපාන නාවික හමුදාවට අයත් “අකිසුකි” හා “සවගිරි” යන නෞකාවන් සුහදතාවය වර්ධනය කරගැනීම හා සැපයුම් අවශ්‍යතා ලබා ගැනීම සඳහා අද (27) කොළඹ වරායට සේන්දු විය.
27 Nov 2015
නෙදර්ලන්ත තානාපතිනිය නාවික හමුදාධිපති හමුවෙයි

නෙදර්ලන්ත තානාපතිනී, අතිගරු ජොආන් ඩූන්වර්ඩ් මැතිණිය අද (26) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා හමුවිය.
26 Nov 2015
ඕමාන් රාජකීය නාවික හමුදාවේ පුහුණු හා උපාය මාර්ග පිළිබඳ මාණ්ඩලික නිලධාරී නාවික හමුදාධිපති හමුවෙයි

ඕමාන් රාජකීය නාවික හමුදාවේ පුහුණු හා උපාය මාර්ග පිළිබඳ මාණ්ඩලික නිලධාරී, කොමාණ්ඩර් අලි බින් සුලායිමන් බින් අබ්දුල්ලා අලි රාවහි මහතා අද (26) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා හමුවිය.
26 Nov 2015
ශ්‍රී ලංකා මුහුදු සීමාවේ ධීවර කටයුතු වල නිරතව සිටි ඉන්දීය ධීවරයින් පහලොස් දෙනෙකු අත්අඩංගුවට ගැනේ

තලෙයිමන්නාරම සහ ඩෙල්ෆ්ට් දූපතට ආසන්න ශ්‍රී ලංකාවට අයත් මුහුදු ප්‍රදේශයේ ධීවර කටයුතු වල නිරතව සිටි ඉන්දීය ධීවරයින් 15 දෙනෙකු සහ ට්‍රෝලර් යාත්‍රා 3ක් නාවික හමුදාවේ සහාය ඇතිව ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව විසින් ඊයේ (25) රාත්‍රී සහ අද උදෑසන අත්අඩංගුවට ගන්නා ලදී.
26 Nov 2015
පුළුල් සාගරික සබඳතාවයක් ගොඩනගමින් 2015 ගාලු කථිකාව සාර්ථකව නිමාවට පත්වෙයි

රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශය හා ශ්‍රී ලංකා නාවික හමුදාව එක්ව සයවන වසරටත් සංවිධානය කරනු ලැබූ 2015 ගාලු කථිකාව අන්තර්ජාතික සාගරික සම්මන්ත්‍රණය අද (24) ගාල්ල, ලයිට්හවුස් හෝටලයේදී සාර්ථකව නිමාවට පත්විය.
25 Nov 2015
2015 ගාලු කථිකාවට සහභාගීවීම සඳහා පැමිණි විදෙස් නියෝජිතයින් නාවික හමුදාධිපති හමුවෙයි

2015 ගාලු කථිකාව සම්මන්ත්‍රණයට සහභාගීවීම සඳහා පැමිණි විදෙස් නාවික හමුදාවන්හි සහ සංවිධානයන්හි ජ්‍යෙෂ්ඨ නියෝජිතයින් නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා හමුවී සුහද සාකච්ජාවන් හි නිරත විය.
24 Nov 2015