වැදගත් සිදුවීම්
කේරළ ගංජා කිලෝග්‍රෑම් 9.3 ක් සමග පුද්ගලයින් සිව්දෙනෙකු අත්අඩංගුවට ගැනීමට නාවික හමුදාව සහාය වෙයි

කේරළ ගංජා කිලෝග්‍රෑම් 9.3 සමග පුද්ගලයන් සිව් දෙනෙකු ස්ථාන 3 කදී අත්අඩංගුවට ගැනීමට නාවික හමුදාව ඊයේ (26) සමත් විය.
27 Jul 2016
රුසියානු නාවික හමුදාවේ "ඉගෝර් බෙලොසෝව්" නෞකාව කොළඹ වරායට පැමිණෙයි

රුසීයානු නාවික හමුදාවට අයත් සෝදිසි කිරීමේ හා මුදවාගැනීමේ නෞකාවක් වන ඉගෝර් බෙලොසෝව් නෞකාව සුහද සංචාරයක් සඳහා අද (27) කොළඹ වරායට පැමිණි අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නාවික සම්ප්‍රදානුකූලව එම නෞකාව පිළිගන්නා ලදී.
27 Jul 2016
ඇමරිකානු නාවික හමුදාවේ නිව් ඔර්ලීන්ස් නෞකාවේ කාර්යය මණ්ඩලය සහ ශ්‍රී ලංකා නාවික හමුදාව අතර සුහද ක්‍රීඩා තරාගාවලියක් කොළඹදී

සුහද සංචාරයක් සඳහා පසුගිය 24 වන දින දිවයිනට පැමිණි ඇමරිකානු නාවික හමුදාවට අයත් නිව් ඔර්ලීන්ස් යුද නෞකාවේ කාර්යය මණ්ඩලය සහ ශ්‍රී ලංකා නාවික හමුදා ක්‍රීඩා කණ්ඩායම් එක්ව ඊයේ (25) සහ අද (26) වැලිසර නාවික හමුදා ක්‍රීඩාපිටියේදී සුහද ක්‍රීඩා තරඟ කීපයක් පවත්වන ලදී.
26 Jul 2016
ජපන් නාවික හමුදා “ඉනසුමා” සහ “සුසුට්සුකි” යන නෞකාවන්ගේ අණදෙන නිලධාරීන් නාවික හමුදාධිපති හමුවෙයි

ජපාන නාවික හමුදාවට අයත් “ඉනසුමා” සහ “සුසුට්සුකි” යන නෞකාවන් සුහද සංචාරයක් සඳහා ඊයේ (24) කොළඹ වරායට සේන්දු විය.
25 Jul 2016
ඇමරිකානු නාවික හමුදාවේ "නිව් ඔර්ලීන්ස්" යුද නෞකාව කොළඹ වරායට පැමිණෙයි

ඇමරිකානු නාවික හමුදාවට අයත් නිව් ඔර්ලීන්ස් යුද නෞකාව සුහද සංචාරයක් සඳහා අද (24) කොළඹ වරායට පැමිණි අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නාවික සම්ප්‍රදානුකූලව එම නෞකාව පිළිගන්නා ලදී.
24 Jul 2016
රාජකීය ඕමාන් නාවික හමුදාවේ 'ඛාසබ්' නෞකාව කොළඹ වරායට පැමිණේ

රාජකීය ඕමාන් නාවික හමුදාවේ 'ඛාසබ්' නෞකාව අද (24) සැපයුම් අවශ්‍යතා ලබා ගැනීම සඳහා කොළඹ වරායට පැමිණි අතර, නාවික සම්ප්‍රදායන්ට අනුකූලව ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාව පිළිගන්නා ලදී.
24 Jul 2016
ජපන් නාවික හමුදාවට අයත් නෞකා දෙකක් කොළඹ වරායට පැමිණේ

ජපාන නාවික හමුදාවට අයත් “ඉනසුමා” සහ “සුසුට්සුකි” යන නෞකාවන් සුහදතාවය වර්ධනය කරගැනීම හා සැපයුම් අවශ්‍යතා ලබා ගැනීම සඳහා අද (24) කොළඹ වරායට සේන්දු විය.
24 Jul 2016
කේරළ ගංජා කිලෝ ග්‍රෑම් 156 ක් නාවික හමුදා අත්අඩංගුවට

වයඹ නාවික විධානයට අයත් සිලාවතුර හි පිහිටි ශ්‍රී ලංකා නාවික නෞකා ථේරපුත්ත ආයතනයේ රේඩාර් මැදිරියේ රාජකාරී නියුතු නාවිකයන් පිරිසක් විසින් ඊයේ (22) අරිප්පු ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු තීරයේදී සැක කටයුතු යාත්‍රාවක් නිරීක්ෂණයට ලක් කර ඇත.
23 Jul 2016
නීති විරෝධී ධීවර කටයුතුවල නිරත ලාංකික ධීවරයින් 3 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට

උතුරුමැද නාවික විධානයට අයත් මන්නාරම, ශ්‍රී ලංකා නාවික නෞකා ගජබා ආයතනයට අනුයුක්ත නාවිකයින් පිරිසක් විසින් ඊයේ (22) සවුත්බාර් ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු සීමාවේදී තහනම් දැල් භාවිතා කරමින් නීති විරෝධී ලෙස ධීවර කටයුතු වල නිරත වූ ලාංකික ධීවරයින් 3 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට සමත් විය.
23 Jul 2016
පොලිස්පතිතුමා නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපතිතුමන් හමුවෙයි

පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා අද (22) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා හමුවිය.
22 Jul 2016