වැදගත් සිදුවීම්
සිංහල සහ හින්දු අලුත් අවුරුද්ද නාවික හමුදා සම්ප්‍රදායානුකූලව ශ්‍රී ලංකා නාවික නෞකා පරාක්‍රම ආයතනයේදී සමරයි

සිංහල සහ හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් ශ්‍රී ලංකා නාවික නෞකා පරාක්‍රම ආයතනය විසින් සුදානම් කර තිබූ නාවික සම්ප්‍රදායානුකූල උත්සවය අද (අප්‍රේල් 16) නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් එම ආයතනයේ පොදු භොජනාගාරයේදී පවත්වන ලදී.
16 Apr 2018
නීති විරෝධී කටයුතුවල නිරත පුද්ගලයින් 36 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට නාවික හමුදා සහාය

පසුගිය දිනයන් හිදී ප්‍රදේශ කිහිපයක නීති විරෝධී කටයුතුවල නිරත පුද්ගලයින් 36 දෙනෙකු නාවික හමුදා භාරයට පත් විය.
16 Apr 2018
විපතට පත්ව තිබූ විදේශිය රුවල් යාත්‍රාවකට නාවික හමුදාවේ සහාය

නාවික හමුදාවට අයත් ගැඹුරු නිරීක්ෂණ නෞකාවක් වන ශ්‍රී ලංකා නාවික නෞකා සයුරළ නෞකාව මඟින් ඊයේ (අප්‍රේල් 14) ගාල්ල ප්‍රදීපාගාරයට නාවික සැතපුම් 72 කට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේදී විපතට පත්ව තිබූ සැන්ඩ්ටී (SANDETIE) නැමති විදේශිය රුවල් යාත්‍රාව ගොඩබිමට රැගෙන ඒමට සමත් විය.
15 Apr 2018
රියර් අද්මිරාල් නිමල් සරත්සේන මහතා නාවික හමුදා සේවයෙන් විශ්‍රාම ලබයි

නැගෙනහිර නාවික විධානය භාර ආඥාපති වශයෙන් රාජකාරී කළ රියර් අද්මිරාල් නිමල් සරත්සේන මහතා සිය 34 වසරක නාවික සේවය නිමා කරමින් අද දින (අප්‍රේල් 12) විශ්‍රාම යන ලදී.
12 Apr 2018
පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ බර ඉසිලීමෙන් ශ්‍රී ලංකාවට රිදී පදක්කමක් හිමි කර දුන් ඉන්දික දිසානායක ඇතුළු පිරිස හරසරින් පිළිගැනේ

21 වෙනි පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් බර ඉසිලීමෙන් ලක් මවට අභිමානයක් ගෙන දුන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඊයේ (අප්‍රේල් 11) දිවයිනට පැමිණි අතර, එහිදි ඔවුන් කටුනායක බණ්ඩාරනායක අන්නර්ජාතික ගුවන්තොටුපොළේදී උණුසුම් අයුරින් පිළි ගනු ලැබිණි.
12 Apr 2018
නීති විරෝධී ලෙස මෙරටින් රැගෙන යමින් තිබූ රත්‍රං කිලෝග්‍රෑම් 24.2 ක් සමග පුද්ගලයින් තිදෙනෙකු අත්අඩංගුවට

නාවික හමුදාවට ලද තොරතුරකට අනුව උතුරු මැද නාවික විධානයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් ඊයේ (අප්‍රේල් 11) මන්නාරමට උතුරින් වූ මුහුදු ප්‍රදේශයේදී නීති විරෝධී ලෙස මුහුදු මාර්ග ඔස්සේ මෙරටින් රැගෙන යමින් තිබූ රත්‍රං කිලෝග්‍රෑම් 24.2 ක් සමඟ ලාංකික පුද්ගලයින් තිදෙනෙකු අත්අඩංගුවට ගැනීමට සමත් විය.
12 Apr 2018
ඉන්දීය ධීවරයින් 27 දෙනෙකු නැවතත් ඉන්දියාව බලා පිටත් වෙයි

ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාව තුළට අනවසරයෙන් ඇතුළු වී නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නියැලීම හේතුවෙන් අත්අඩංගුවට පත්ව සිටි ඉන්දීය ධීවරයින් 27 දෙනෙකු යලි එරටට භාර දීම අද (අප්‍රේල් 11) ශ්‍රී ලංකා නාවික හමුදාවේ සහාය ඇතිව සිදු කෙරිණි.
11 Apr 2018
ජ්‍යෙෂ්ඨ නාවිකයින් 70 දෙනෙකු සඳහා පොලී රහිත ණය මුදල් ප්රදානය කෙරේ

ශ්‍රී ලංකා නාවික හමුදාවේ රාජකාරී නියුතු ජ්‍යෙෂ්ඨ නාවිකයින් 70 දෙනෙකු සඳහා රුපියල් ලක්ෂ පහක් (5) බැගින් වූ පොලි රහිත ණය මුදල් ලබා දීම අද (අප්‍රේල් 11) නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රීලංනානෞ ගැමුණු ආයතනයේ සිංහල හා හින්දු අළුත් අවුරුදු උත්සව භූමියේදී සිදු කෙරුණි.
11 Apr 2018
ගාල්ලේ ඇගළුම් ගබඩාවක ඇති වූ ගින්න නිවා දැමීම සඳහා නාවික හමුදා සහාය

ගාල්ල, දංගෙදර ප්‍රදේශයේ ඇගළුම් ගබඩාවක හටගත් ගින්න මුළුමනින්ම නිවා දැමීමේ කටයුතු සඳහා නාවික හමුදා ගිණි නිවීමේ කණ්ඩායම ඊයේ (අප්‍රේල් 10) සහාය දැක්වීය.
11 Apr 2018
නාවික හමුදාවේ 401 වන ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍රය තිඹිරියාව ගම්මනායට

නාවික හමුදාව විසින් සිවිල් ජනතාව වෙනුවෙන් සිදු කරනු ලබන ප්‍රජා සත්කාරක සේවාවන්හි තවත් එක් පියවරක් පසුගිය අප්‍රේල් 07 වන දින නිමාවට පත් විය.
11 Apr 2018