වැදගත් සිදුවීම්
රියර් අද්මිරාල් උදේනි සේරසිංහ නාවික හමුදා සේවයෙන් විශ්‍රාම ලබයි

නාවික හමුදා ආඥාපති නාවික පාබල, රියර් අද්මිරාල් උදේනි සේරසිංහ සිය වසර 32 ක නාවික සේවය නිමා කරමින් අද දින (අප්‍රේල් 06) විශ්‍රාම යන ලදී.
06 Apr 2019
රුසියානු නාවික හමුදාවට අයත් ‘අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් ඔෆ් ද සොවියට් යූනියන් ගෝෂ්කෝ’ නෞකාව දිවයිනෙන් පිටත් වෙයි

සුහද සංචාරයක් සඳහා පසුගිය අප්‍රේල් 03 වන දින කොළඹ වරායට සේන්දු වූ රුසියානු නාවික හමුදාවට අයත් ‘අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් ඔෆ් ද සොවියට් යූනියන් ගෝෂ්කෝ’ නෞකාව අද (අප්‍රේල් 06) සිය නිල සංචාරය සාර්ථක ලෙස නිමා කරමින් කොළඹ වරායෙන් පිටත් විය.
06 Apr 2019
උල්ලක්කලෙයි කළපු ප්‍රදේශයේ එලාතිබූ තහනම් ධීවර දැල් නාවික හමුදා භාරයට

නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් ඊයේ (අප්‍රේල් 05) උල්ලක්කලෙයි, කළපු ප්‍රදේශයේ දී නිතිවිරෝධි ලෙස මසුන් ඇල්ලීම සඳහා එලා තිබූ අඩි 150 ක දිගකින් යුත් තහනම් දැල් 15 ක් නාවික හමුදාභාරයට ගෙන ඇත.
06 Apr 2019
‘සාගර’ නෞකාව සාර්ථක පුහුණු සංචාරයකින් පසු යලි දිවයිනට

මැලේසියාවේ ලන්කාවි දූපතේ පවත්වනු ලැබූ ජාත්‍යන්තර සාගරික හා ගුවන් ප්‍රදර්ශණයට (ලීමා - 2019) සහභාගී වීම සඳහා පසුගිය මාර්තු 19 වන දින ත්‍රිකුණාමලය වරායෙන් මැලේසියාව බලා පිටත් වූ ශ්‍රී ලංකා නාවික නෞකා ‘සාගර’ නෞකාව සාර්ථක ලෙස සිය පුහුණු සංචාරය නිම කිරීමෙන් පසු අද (අප්‍රේල් 05) දිවයිනට ලඟා විය.
05 Apr 2019
කොමාණ්ඩර් මොහොමඩ් අර්සාද් ශ්‍රිලංනානෞ එඩිතර II නෞකාවේ අණදෙන නිලධාරී වශයෙන් වැඩ භාර ගනී

ශ්‍රී ලංකා නාවික හමුදාව සතු වේග ප්‍රහාරක මුර යාත්‍රාවක් වන ශ්‍රී ලංකා නාවික නෞකා එඩිතර II නෞකාවේ නව අණදෙන නිලධාරී වශයෙන් කොමාණ්ඩර් මොහොමඩ් අර්සාද් අද (අප්‍රේල් 05) වැඩ භාර ගන්නා ලදී.
05 Apr 2019
235 වන බඳවා ගැනීමට අයත් ආධුනික නාවිකයින් 188 දෙනෙකු විසිර යති

ශ්‍රී ලංකා නිත්‍ය හා ස්වේච්ඡා නාවික හමුදාවේ 235 වන බඳවා ගැනීමට අයත් නාවිකයන් 188 දෙනෙකු සිය මුලික පුහුණුව නිමකොට අද (අප්‍රේල් 05) විසිර යන ලදී.
05 Apr 2019
නීති විරෝධී විදේශිය දුම්වැටි තොගයක් සමඟ පුද්ගලයෙකු නාවික හමුදාව භාරයට

ගිණිකොන නාවික විධානයට අනුයුක්ත නාවික පුද්ගලයින් සහ මරදමුනේයි, පොලිස් විශේෂ කාර්ය බලකායට අනුයුක්ත නිලධාරින් එක්ව ඊයේ (අප්‍රේල් 04) නින්දවූර් ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදී නීති විරෝධී විදේශිය දුම්වැටි පැකට් 50 ක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගන්නා ලදි.
05 Apr 2019
ශ්‍රී ලංකාවට අයත් උතුරු මුහුදු සීමාවේ මසුන් ඇල්ලූ ඉන්දීය ධීවරයින් 18 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට

නීති විරෝධී ලෙස ශ්‍රී ලංකාවට අයත් උතුරු මුහුදේ ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවරයින් දහඅටදෙනෙකු (18) අද (අප්‍රේල් 04) නාවික හමුදාව අත්අඩංගුවට ගෙන ඇත.
04 Apr 2019
නාවික හෙද හෙදියන්ගේ හිස් වැසුම් පැලදීමේ හා සේවය ප්‍රතිඥා දීමේ උත්සවය උත්කර්ෂවත් අයුරින් පැවැත්වෙයි

ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයට අනුබද්ධිත වැලිසර ශ්‍රී ලංකා නාවික නෞකා තක්ෂිලා ආයතනයේ ස්ථාපිත නාවික හෙද විදුහලේ 2018 වර්ෂයේ බඳවා ගැනීමට අයත් හෙද සිසුන්ගේ හිස් වැසුම් පැලදීමේ හා සේවයට ප්‍රතිඥා දීමේ උත්සවය අද (අප්‍රේල් 04) කොළඹ, ශ්‍රී ලංකා නාවික නෞකා පරාක්‍රම ආයතනයේ අද්මිරාල් සෝමතිලක දිසානායක ශ්‍රවණාගාරයේදී උත්කර්ෂවත් අයුරින් පැවැත්විණි.
04 Apr 2019
නාගදීප පුරාණ රජමහා විහාර පිංකම් මාලාවට නාවික හමුදා දායකත්වය

නාගදීප පුරාණ රජමහා විහාරයේ හිටපු විහාරාධිපති, බ්‍රාහ්මණ වත්තේ ධම්මකිත්ති තිස්ස හිමියන්ගේ ගුණානුස්මරණය සහ වර්තමාන විහාරාධිපති, උතුරු පළාතේ ප්‍රධාන සංඝනායක ප්රවීනාචාර්ය අතිපුජ්‍ය නවදගල පදුමකිත්ති තිස්ස හිමියන්ගේ 59 වන ජන්ම දිනය නිමිතිකර ගනිමින් පසුගිය අප්‍රේල් 02 සහ 03 යන දෙදින නාගදීප පුරාණ විහාර පරිශ්‍රයේදී පිංකම් මාලාවක් පැවැත්විණි.
04 Apr 2019