වැදගත් සිදුවීම්
වයඹ නාවික විධානයේ අභිනව ආඥාපති ලෙස රියර් අද්මිරාල් නිශාන්ත පීරිස් වැඩ භාර ගනී

රියර් අද්මිරාල් නිශාන්ත පීරිස් වයඹ නාවික විධානයේ අභිනව ආඥාපති වශයෙන් අද දින (2023 ජනවාරි 05) වයඹ නාවික විධාන මූලස්ථානයේදී වැඩ භාර ගන්නා ලදී.
05 Jan 2023
නාවික හමුදාධිපති සහ ශ්‍රී ලංකා පොලිස්පති අතර හමුවක්

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා අද දින (2023 ජනවාරි 05) කොළඹ, පොලිස් මූලස්ථානයේදී, ශ්‍රී ලංකා පොලිස්පති සීඩී වික්‍රමරත්න මහතා හමුවිය.
05 Jan 2023
නව නාවික හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී ලෙස රියර් අද්මිරාල් ප්‍රදීප් රත්නායක පත් කෙරේ

ශ්‍රී ලංකා නාවික හමුදාවේ නව නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී ලෙස රියර් අද්මිරාල් ප්‍රදීප් රත්නායක 2022 දෙසැම්බර් මස 23 වන දින පත් කෙරුණු අතර, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා විසින් ඊට අදාළ පත්වීම් ලිපිය නාවික හමුදා මූලස්ථානයේදී ඔහු වෙත නිල වශයෙන් අද දින (2023 ජනවාරි 03) ප්රදානය කර සිය සුභපැතුම් පිරිනැමීමට කටයුතු කෙරිණි.
03 Jan 2023
රියර් අද්මිරාල් ජයන්ත කුලරත්න නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී ලෙස පත් කෙරේ

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපති සහ සන්නද්ධ හමුදා සේනාධිනායක ගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමා විසින් ශ්‍රී ලංකා නාවික හමුදාවේ නව මාණ්ඩලික ප්‍රධානී ලෙස රියර් අද්මිරාල් ජයන්ත කුලරත්න 2022 දෙසැම්බර් මස 23 වන දින සිට පත්කෙරුණු අතර, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා විසින් ඊට අදාළ පත්වීම් ලිපිය රියර් අද්මිරාල් ජයන්ත කුලරත්න වෙත නිල වශයෙන් අද දින (2023 ජනවාරි 03) නාවික හමුදා මූලස්ථානයේදී ප්රදානය කර, සිය සුභපැතුම් පිරිනැමීමට කටයුතු කෙරිණි.
03 Jan 2023
නැගෙනහිර නාවික විධානයේ අභිනව ආඥාපති ලෙස රියර් අද්මිරාල් ධම්මික කුමාර වැඩ භාර ගනී

රියර් අද්මිරාල් ධම්මික කුමාර නැගෙනහිර නාවික විධානයේ අභිනව ආඥාපති වශයෙන් අද දින (2023 ජනවාරි 02) නැගෙනහිර නාවික විධාන මූලස්ථානයේදී වැඩ භාර ගන්නා ලදී.
02 Jan 2023
ශ්‍රී ලංකා නාවික හමුදාව රාජ්‍ය සේවයේ ප්‍රතිඥාව ලබා දී නව වසරේ රාජකාරි අරඹයි

ශ්‍රී ලංකා නාවික හමුදාව උදා වූ 2023 නව වර්ෂයේ රාජකාරී ආරම්භ කිරීමට පෙර, නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා ගේ ප්‍රධානත්වයෙන් අද දින (2023 ජනවාරි 02) උදෑසන නාවික හමුදා මූලස්ථානයේදී, රාජ්‍ය සේවයේ ප්‍රතිඥාව ලබාදීම සිදු කෙරිණි.
02 Jan 2023
ගාලු මුවදොර ජාතික ධජය එසවීම සහ ජනාධිපති මන්දිරයේ විශේෂ චාරිත්‍ර සම්මාන මුරය නාවික හමුදාව භාර ගනී

ගාලු මුවදොර ජාතික ධජය එසවීම හා කොළඹ ජනාධිපති මන්දිරයේ විශේෂ චාරිත්‍ර සම්මාන මුරය සම්බන්ධ රාජකාරීන් ශ්‍රී ලංකා යුද්ධ හමුදාව වෙතින් නාවික හමුදාව වෙත භාර ගැනීම 2022 දෙසැම්බර් මස 31 වන දින සහ අද දින (2023 ජනවාරි 01) කොළඹ ගාලු මුවදොරදී සහ නාවික හමුදා මූලස්ථානයේදී සිදු කෙරිණි.
01 Jan 2023
නාවික හමුදාධිපති ගේ අළුත් අවුරුදු සුභ පැතුම් පණිවුඩය

නැවුම් අභිප්රායන් සමඟින් පා තබන 2023 නව වසර නාවික, නාවික සිවිල් ඔබ සැමටත්, ඔබගේ පවුල්වල සියලු දෙනාටත් තම ප්‍රාර්ථනාවන්, අභිප්රායන් ඉටුවන සෞභාග්‍යමත් සුභ නව වසරක් වේවායි නාවික හමුදාධිපති වශයෙන් මා ඉත සිතින් ප්‍රාර්ථනා කරමි.
01 Jan 2023