වැදගත් සිදුවීම්
‘විරුසිසු ප්‍රදීප’ ශිෂ්‍යත්ව ප්රදානය නාවික හමුදා මූලස්ථානයේදී

ජාතික ආරක්ෂක අරමුදල මඟින් ක්‍රියාත්මක කරනු ලබන ‘විරුසිසු ප්‍රදීප’ ශිෂ්‍යත්ව ප්රදානය කිරීමේ වැඩසටහන යටතේ ‘විරුසිසු ප්‍රදීප’ ශිෂ්‍යත්ව සංකේතාත්මකව ප්රදානය කිරීම අධ්යක්ෂ ජෙනරාල් සේවා රියර් අද්මිරාල් ලෂාන්ත් එන් හේවාවිතාරණ ගේ ප්‍රධානත්වයෙන් අද දින (2024 නොවැම්බර් 07) නාවික හමුදා මූලස්ථානයේදී සිදු කෙරිණි.
07 Nov 2024
ශ්‍රී ලංකා සහ ඉන්දීය නාවික හමුදාවන් අතර පැවැත්වූ 34 වන අන්තර්ජාතික මුහුදු සීමා රැස්වීම සාර්ථකව නිමාවට පත්වෙයි

ශ්‍රී ලංකා සහ ඉන්දීය නාවික හමුදාවන් අතර පැවැත්වූ 34 වන අන්තර්ජාතික මුහුදු සීමා රැස්වීම, 2024 නොවැම්බර් 06 වන දින කන්කසන්තුරයට උතුරින් වූ ඉන්දු ශ්‍රී ලංකා මුහුදු සීමාවේදී, ශ්‍රී ලංකා නාවික නෞකා විජයබාහු නෞකාවේදී සාර්ථකව නිමාවට පත්විය.
06 Nov 2024
ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්වරයා නාවික හමුදා මූලස්ථානයේ නිරීක්ෂණ සංචාරයක නිරත වෙයි

ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික), නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා ගේ ආරාධනයෙන් අද දින (2024 නොවැම්බර් 06) නාවික හමුදා මූලස්ථානයේ නිරීක්ෂණ සංචාරයක නිරත විය. එහිදී, නාවික හමුදාධිපති හමුවීමෙන් අනතුරුව, නාවික හමුදා මූලස්ථානයේ ස්ථාපිත කොළඹ සමුද්‍රීය සෙවීම් හා මුදවාගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේ (Maritime Rescue Coordinating Centre, Colombo - MRCC) සහ තොරතුරු විලායන මධ්‍යස්ථානයේ (Information Fusion Centre - IFC) කටයුතු නිරීක්ෂණය කළ ආරක්ෂක ලේකම්වරයා, නිලධාරීන් සහ නාවිකයන් වෙනුවෙන් දේශනයක් පැවැත්වීමද නාවික හමුදා මූලස්ථානයේදී සිදු කෙරිණි.
06 Nov 2024
නාවික හමුදා උත්තමාචාර මැද රියර් අද්මිරාල් ප්‍රියාල් විතානගේ නාවික හමුදා සේවයෙන් විශ්‍රාම ලබයි

ශ්‍රී ලංකා නාවික හමුදාවේ වසර 34 කට අධික සේවා කාලය නිම කරමින් රියර් අද්මිරාල් ප්‍රියාල් විතානගේ අද දින (2024 නොවැම්බර් 05) නාවික හමුදා සේවයෙන් විශ්‍රාම ලැබීම සිදු කෙරිණි.
05 Nov 2024
නාවික හමුදා උත්තමාචාර මැද රියර් අද්මිරාල් නිශාන්ත පීරිස් නාවික හමුදා සේවයෙන් විශ්‍රාම ලබයි

ශ්‍රී ලංකා නාවික හමුදාවේ වසර 34 කට අධික සේවා කාලය නිම කරමින් රියර් අද්මිරාල් නිශාන්ත පීරිස් අද දින (2024 නොවැම්බර් 05) නාවික හමුදා සේවයෙන් විශ්‍රාම ලැබීම සිදු කෙරිණි.
05 Nov 2024
වයඹ නාවික විධානයේ අභිනව ආඥාපති ලෙස රියර් අද්මිරාල් වරුණ ෆර්ඩිනැන්ඩස් වැඩ භාර ගනියි

රියර් අද්මිරාල් වරුණ ෆර්ඩිනැන්ඩස් වයඹ නාවික විධානයේ අභිනව ආඥාපති වශයෙන් අද දින (2024 නොවැම්බර් 04) එම විධාන මූලස්ථානයේදී වැඩ භාර ගැනීම සිදු කෙරිණි.
04 Nov 2024
නාවික හමුදාවේ දායකත්වයෙන් තණමල්විල කිතුල්කොටේ රතන සදහම් භාවනා මධ්‍යස්ථානයේ වාර්ෂික කඨින පුන්‍යකර්මය උත්කර්ෂවත් අයුරින් පවත්වයි

තණමල්විල කිතුල්කොටේ රතන සදහම් භාවනා මධ්‍යස්ථානයේ වාර්ෂික කඨින පුණ්‍ය මහෝත්සවය මෙවරත් ශ්‍රී ලංකා නාවික හමුදාවේ බැති බර දායකත්වයෙන් 2024 නොවැම්බර් මස 02 සහ 03 දෙදින උත්කර්ෂවත් අයුරින් පැවැත්වීමට කටයුතු කෙරිණි.
04 Nov 2024
උතුරු නාවික විධානයේ අභිනව ආඥාපති ලෙස රියර් අද්මිරාල් තුෂාර කරුණාතුංග වැඩ භාර ගනී

උතුරු නාවික විධානයේ අභිනව ආඥාපති වශයෙන් පත් කෙරුණු රියර් අද්මිරාල් තුෂාර කරුණාතුංග අද දින (2024 නොවැම්බර් 03) උතුරු නාවික විධාන මූලස්ථානයේදී, එම නාවික විධානයේ ආඥාපති වශයෙන් වැඩ භාර ගැනීම සිදු කෙරිණි.
03 Nov 2024
ශ්‍රී ලංකා නාවික හමුදාවේ අභිමානවත් 74 වන සංවත්සරය වෙනුවෙන් ධජ ආශිර්වාද පූජා සහ කඤ්චුක පූජා පුණ්‍ය මහෝත්සවය අනුරාධපුර පුද බිමේදී

2024 දෙසැම්බර් මස 09 වන දිනට යෙදී තිබෙන ශ්‍රී ලංකා නාවික හමුදාවේ අභිමානවත් 74 වන සංවත්සරය නිමිත්තෙන් නාවික ධජයන් වෙත සෙත් පැතීමේ ධජ ආශිර්වාද පූජා පුණ්‍ය මහෝත්සවය සහ කඤ්චුක පූජා පුණ්‍ය මහෝත්සවය මෙවරත් නාවික හමුදා බෞද්ධ සංගමයේ මූලිකත්වයෙන් 2024 නොවැම්බර් මස 02 වන දින ජය ශ්‍රී මහා බෝ සමිඳුන් අබියසදී සහ රුවන්වැලි මහා සෑ රදුන් අබියස දී, නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා ගේ ප්‍රධානත්වයෙන් හා නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනි, මාලා ලමාහේවා මැතිණියගේ සහභාගීත්වයෙන් සිදු කෙරිණි.
03 Nov 2024
නෞකා වෙත ප්‍රවිශ්ඨවීම, සෝදිසි කිරීම සහ අත්අඩංගුවට ගැනීමේ ක්රමෝපායන් පිළිබඳ උපදේශක පාඨමාලාවේ සහ රසායනික, ජීව විද්‍යාත්මක, විකිරණ සහ න්‍යෂ්ටික උපද්‍රව පිළිබඳ පුහුණු අභ්‍යාසයේ සහතික ප්රදානය ත්‍රීකුණාමලයේදී

ත්‍රීකුණාමලය විශේෂ යාත්‍රා බළඝණ මූලස්ථානයේදී පැවැත්වුණු නෞකා වෙත ප්‍රවිශ්ඨවීම, සෝදිසි කිරීම සහ අත්අඩංගුවට ගැනීමේ ක්රමෝපායන් පිළිබඳ කලාපීය උපදේශක පාඨමාලාවේ සහ රසායනික, ජීව විද්‍යාත්මක, විකිරණ හා න්‍යෂ්ටික උපද්‍රව පුහුණු අභ්‍යාසයේ සහතික ප්රදානය ත්‍රීකුණාමලය Sober Island Resort හි දී 2024 නොවැම්බර් මස 01 වන දින සාර්ථකව පැවැත්වීමට නාවික හමුදාව විසින් කටයුතු කෙරිණි.
02 Nov 2024