වැදගත් සිදුවීම්

නාවික හමුදාධිපති උතුරු නාවික විධානයේ නිල සංචාරයක නිරත වෙයි

නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා 2024 ජනවාරි මස 21 වන දින උතුරු නාවික විධානයේ නිල සංචාරයක නිරත වෙමින්, එම විධානය මඟින් සිදුකරනු ලබන මෙහෙයුම් කටයුතු, සංවර්ධන හා සුභසාධන ව්‍යාපෘති නිරීක්‍ෂණය කර, නාවික හමුදාවේ කාර්යය භාරය සම්බන්ධයෙන් නිලධාරීන් සහ නාවිකයන් දැනුවත් කිරීම සිදුකෙරිණි.

22 Jan 2024

ශ්‍රී ලංකා නාවික හමුදාවේ නායක ඉංජිනේරු කාර්මික ආර්පී සමන් කුමාර සිරිවර්ධන කිලෝමීටර් 586.1 ක් ඇවිද නව ශ්‍රී ලංකා වාර්තාවක් පිහිටුවයි

ශ්‍රී ලංකා නාවික හමුදාවේ නායක ඉංජිනේරු කාර්මික ආර්පී සමන් කුමාර සිරිවර්ධන දින 07 යි පැය 11 යි මිනිත්තු 17 යි තත්පර 14 කින් කිලෝමීටර් 586.1 ක්, පූනෑව සිට කොළඹ නිදහස් චතුරශ්‍රය දක්වා පැමිණ නැවත පූනෑව දක්වා ගමන් කර, නව ශ්‍රී ලංකා වාර්තාවක් පිහිටුවීමට 2024 ජනවාරි මස 19 වන දින සමත් විය.

20 Jan 2024

උතුරු මැද නාවික විධානයේ අභිනව ආඥාපති ලෙස රියර් අද්මිරාල් නලින් නවරත්න වැඩ භාර ගනී

උතුරු මැද නාවික විධානයේ අභිනව ආඥාපති වශයෙන් පත් කෙරුණු රියර් අද්මිරාල් නලින් නවරත්න අද දින (2024 ජනවාරි 19) උතුරු මැද නාවික විධාන මූලස්ථානයේදී, එම නාවික විධානයේ ආඥාපති වශයෙන් වැඩ භාර ගැනීම සිදුකෙරිණි.

19 Jan 2024

නාවික හමුදා උත්තමාචාර මැද රියර් අද්මිරාල් ජයන්ත කුලරත්න නාවික හමුදා සේවයෙන් විශ්‍රාම ලබයි

ශ්‍රී ලංකා නාවික හමුදාවේ වසර 36 කට අධික සේවා කාලයක් නිම කරමින් රියර් අද්මිරාල් ජයන්ත කුලරත්න අද දින (2024 ජනවාරි 16) නාවික හමුදා සේවයෙන් විශ්‍රාම ලැබීම සිදු කෙරිණි.

16 Jan 2024

කිලෝමීටර් 580 ක් ඇවිද නව ශ්‍රී ලංකා වාර්තාවක් පිහිටුවීමට සැරසෙන නාවික හමුදා නායක ඉංජිනේරු කාර්මික ආර්පීඑස්කේ සිරිවර්ධන පාගමනේ සිව්වන දිනය සාර්ථකව අවසන් කරයි

දින 08 ක් තුල කිලෝමීටර් 580 ක් ඇවිද නව ශ්‍රී ලංකා වාර්තාවක් පිහිටුවීමට 2024 ජනවාරි මස 12 වන දින වව්නියාවෙන් පාගමන ඇරඹු නාවික හමුදාවේ නායක ඉංජිනේරු කාර්මික ආර්පීඑස්කේ සිරිවර්ධන, 2024 ජනවාරි මස 15 වන දින සන්ධ්‍යාව වන විට පා ගමනේ සිව්වන දිනය කොළඹ නිදහස් චතුරශ්‍රයෙන් සාර්ථකව අවසන් කෙරිණි.

16 Jan 2024

ගිණිකොන නාවික විධානයේ අභිනව ආඥාපති ලෙස රියර් අද්මිරාල් මහේෂ් ද සිල්වා වැඩ භාර ගනී

ගිණිකොන නාවික විධානයේ අභිනව ආඥාපති වශයෙන් පත් කෙරුණු රියර් අද්මිරාල් මහේෂ් ද සිල්වා අද දින (2024 ජනවාරි 15) ගිණිකොන නාවික විධාන මූලස්ථානයේදී, එම නාවික විධානයේ ආඥාපති වශයෙන් වැඩ භාර ගැනීම සිදුකෙරිණි.

15 Jan 2024

නාවික හමුදා උත්තමාචාර මැද රියර් අද්මිරාල් ධම්මික කුමාර නාවික හමුදා සේවයෙන් විශ්‍රාම ලබයි

ශ්‍රී ලංකා නාවික හමුදාවේ වසර 35 කට අධික සේවා කාලයක් නිම කරමින් රියර් අද්මිරාල් ධම්මික කුමාර අද දින (2024 ජනවාරි 15) නාවික හමුදා සේවයෙන් විශ්‍රාම ලැබීම සිදු කෙරිණි.

15 Jan 2024

දින 08ක් තුල කිලෝමීටර් 580ක් ඇවිද නව ශ්‍රී ලංකා වාර්තාවක් පිහිටුවීමට සැරසෙන නාවික හමුදා නායක ඉංජිනේරු කාර්මික ආර්පීඑස්කේ සිරිවර්ධන පාගමනේ තුන්වන දිනය සාර්ථකව අවසන් කරයි

දින 08ක් තුල කිලෝමීටර් 580ක් ඇවිද නව ශ්‍රී ලංකා වාර්තාවක් පිහිටුවීමට 2024 ජනවාරි මස 12 වන දින පාගමන ඇරඹු නාවික හමුදාවේ නායක ඉංජිනේරු කාර්මික ආර්පීඑස්කේ සිරිවර්ධන, 2024 ජනවාරි මස 14 වන දින එහි තෙවනි දිනය මාරවිල ප්‍රදේශයෙන් සාර්ථකව අවසන් කෙරිණි.

15 Jan 2024

වයඹ නාවික විධානයේ අභිනව ආඥාපති ලෙස රියර් අද්මිරාල් නලින්ද්‍ර ජයසිංහ වැඩ භාර ගනී

වයඹ නාවික විධානයේ අභිනව ආඥාපති වශයෙන් පත් කෙරුණු රියර් අද්මිරාල් නලින්ද්‍ර ජයසිංහ අද දින (2024 ජනවාරි 12) වයඹ නාවික විධාන මූලස්ථානයේදී, වයඹ නාවික විධානයේ ආඥාපති වශයෙන් වැඩ භාර ගැනීම සිදුකෙරිණි.

12 Jan 2024

නාවික හමුදා සාමාජිකයෙක් නව ශ්‍රී ලංකා වාර්තාවක් පිහිටුවීම සඳහා කිලෝමීටර් 580 ක දුරක් ඇවිදීම පූනෑවෙන් ආරම්භ කරයි

ශ්‍රී ලංකා නාවික හමුදාවේ සක්‍රිය සේවයේ නියුතු නායක ඉංජිනේරු කාර්මික ආර්පීඑස්කේ සිරිවර්ධන යන නාවිකයා විසින් කිලෝමීටර් 580 ක දුරක් ඇවිද, නව ශ්‍රී ලංකා වාර්තාවක් පිහිටුවීම සඳහා අද දින (2024 ජනවාරි 12) උදෑසන පූනෑවෙන් සිය ඇවිදීම ආරම්භ කෙරිණි.

12 Jan 2024