වැදගත් සිදුවීම්
ශ්‍රී ලංකා නාවික හමුදාධිපති ඉන්දු - ශාන්තිකර කලාපීය සමුද්‍රීය ආරක්‍ෂාව සම්බන්ධයෙන් 12 වන බහුපාර්ශවීය සමුද්‍රීය නායකත්ව සැසිය සඳහා සහභාගී වෙමින් අදහස් දක්වයි

ඇමෙරිකා එක්සත් ජනපද නාවික හමුදාවේ, ශාන්තිකර කලාපීය බළඇණියේ අණදෙන නිලධාරී අද්මිරාල් ST Koehler ගේ සත්කාරකත්වයෙන්, දොලොස්වන (12) බහුපාර්ශවීය සමුද්‍රීය නායකත්ව සැසිය (12th Multilateral Maritime Virtual Key Leadership Engagement) 2025 ජුනි මස 18 වැනි දින හවායි හී සිට මාර්ගගත තාක්‍ෂණය ඔස්සේ සාර්ථකව පැවැත්වුනු අතර, එම නායකත්ව සැසිය සඳහා නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් කාන්චන බානගොඩ කොළඹ නාවික හමුදා මූලස්ථානයේ සිට එක්වෙමින් ඉන්දු - ශාන්තිකර කලාපීය සමුද්‍රීය ආරක්‍ෂාව සම්බන්ධයෙන් උපායමාර්ගික වශයෙන් වැදගත් කරුණු පිළිබඳ අදහස් දැක්වීමට කටයුතු කෙරිණි.
19 Jun 2025
තුර්කි ජනරජ නාවික හමුදාවට අයත් ‘TCG BÜYÜKADA’ නිල සංචාරය සාර්ථකව අවසන් කරමින් දිවයිනෙන් පිටත් වෙයි

නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණි තුර්කි ජනරජ නාවික හමුදාවේ ‘TCG BÜYÜKADA’ නෞකාව නිල සංචාරය සාර්ථකව අවසන් කරමින්, ශ්‍රී ලංකා නාවික නෞකා ගජබාහු නෞකාව සමඟ පැවති ඒකාබද්ධ නාවික අභ්‍යාසයකින් පසුව, 2025 ජුනි 18 වැනි දින දිවයිනෙන් පිටත්ව යන ලද අතර, එම නෞකාව වෙත ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නාවික හමුදා සම්ප්‍රදායානුකූලව සමුදීම, කොළඹ වරායේදී සිදු කෙරිණි.
19 Jun 2025
Culinary Art Food Expo 2025 ප්‍රදර්ශණයේදී නාවික හමුදා නියෝජනය රන් හා රිදී පදක්කම් වලින් පිදුම් ලබයි

කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවති, Culinary Art Food Expo 2025 ප්‍රදර්ශනයෙන් පලතුරු හා එළවළු කැටයම් අංශයෙන් (Fruits and Vegetable Carving) රන් පදක්කමක් සහ අයිස් කැටයම් (Ice carving) අංශයෙන් රදී පදක්කමක් දිනාගැනීමට ප්‍රධාන සුළු නිලධාරී (නාපා) ඩබ්පීඒ සුබසිංහ සමත් විය.
18 Jun 2025
නාවික හමුදාධිපතිගේ දකුණු නාවික විධාන සංචාරයේදී මෙහෙයුම් අභිප්‍රාය පිළිබඳ දැනුවත් කරයි

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් කාන්චන බානගොඩ 2025 ජුනි මස 15 වැනි දින දකුණු නාවික විධානයේ නිල සංචාරයක නිරත වෙමින්, එම විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා කාවන්තිස්ස ආයතනයේ මෙහෙයුම් සූදානම, පරිපාලන කටයුතු මෙන්ම, සුභසාධන කටයුතු නිසිලෙස ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය පියවර ගැනීම සම්බන්ධයෙන් සමාලෝචනයක නිරතවිය.
17 Jun 2025
නීති විරෝධී ධිවර කටයුතු මැඩලීමට නාවික හමුදාව, රාජ්‍ය ආයතන සහ ත්‍රීකුණාමලය ධිවර ප්‍රජාව පෙරමුණ ගනී

නිති විරෝධී ධීවර කටයුතු හේතුවෙන් සමුද්‍රීය පරිසරයට, සංචාරක කර්මාන්තයට සහ අනාගත පරපුරට සිදුවන අහිතකර බලපෑම පිළිබඳව නැගෙනහිර පළාතේ ධීවර ප්‍රජාව දැනුවත් කිරීමේ විශේෂ වැඩසටහනක්, නැගෙනහිර නාවික විධානයේ ආඥාපතිගේ ප්‍රධානත්වයෙන් සහ ප්‍රදේශයේ නීතිය ක්‍රියාත්මක කරනු ලබන ආයතනයන්ගේ හා නැගෙනහිර පළාත් ධීවර සංගම් නියෝජිතයින්ගේ සහභාගීත්වයෙන්, 2025 ජුනි මස 13 වැනි දින ත්‍රීකුණාමලය නාවික තඨාකාංගනයේදී පැවැත්විණි.
16 Jun 2025
නව නාවික හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී ලෙස රියර් අද්මිරාල් චන්දිම සිල්වා පත් කෙරේ

ශ්‍රී ලංකා නාවික හමුදාවේ නව නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී ලෙස, රියර් අද්මිරාල් චන්දිම සිල්වා 2025 මැයි මස 31 වන දින සිට පත් කෙරුණු අතර, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් කාන්චන බානගොඩ විසින් ඊට අදාළ පත්වීම් ලිපිය රියර් අද්මිරාල් චන්දිම සිල්වා වෙත නිල වශයෙන් 2025 ජූනි 12 දින නාවික හමුදා මූලස්ථානයේදී ප්‍රදානය කර, සිය සුභපැතුම් පිරිනැමීමට කටයුතු කෙරිණි.
15 Jun 2025
තුර්කි ජනරජ නාවික හමුදාවට අයත් ‘TCG BÜYÜKADA’ නෞකාව නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණෙයි

තුර්කි ජනරජ නාවික හමුදාවට අයත් ‘TCG BÜYÜKADA’ නෞකාව නිල සංචාරයක් සඳහා අද (2025 ජූනි 13) උදෑසන දිවයිනට පැමිණි අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාව නාවික හමුදා සම්ප්‍රදායානුකුලව පිළිගැනීම කොළඹ වරායේදී සිදු කෙරිණි.
14 Jun 2025
අභ්‍යන්තර කටයුතු ඒකකයන්ගේ ක්‍රියාකාරීත්වය පිළිබඳව නාවික හමුදා පුද්ගලයින් දැනුවත් කිරීමේ වැඩසටහනක් නාවික හමුදා මූලස්ථානයේදී

ශ්‍රී ලංකා නාවික හමුදාව තුල ස්ථාපනය කෙරුණු අභ්‍යන්තර කටයුතු ඒකකයන්ට අයත් සාමාජිකයන් හට, එම ඒකකයන්ගේ ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් දැනුවත් කිරීමේ දේශණයක්, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ සාමාජිකයන් විසින් 2025 ජුනි මස 11 වැනි දින නාවික හමුදා මූලස්ථානයේ අද්මිරාල් සෝමතිලක දිසානායක ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.
13 Jun 2025
නාවික හමුදාව ලේ දන්දීමේ සමාජ සත්කාරයක නිරත වෙයි

ශ්‍රී ලංකා නාවික හමුදාවේ තවත් සමාජ සත්කාරයක් ලෙස සංවිධානය කළ ලේ දන්දීමේ වැඩසටහනක් බූස්ස, ශ්‍රී ලංකා නාවික නෞකා නිපුණ ආයතනයේ නාවික රෝහල් පරිශ්‍රයේදී සහ යාපනය, කයිට්ස් ශ්‍රී ලංකා නාවික නෞකා කංචදේව ආයතන පරිශයේදී, 2025 ජුනි මස 11 වැනි දින සාර්ථකව පැවැත්විණි.
13 Jun 2025
ගිනස් ලෝක වාර්ථා 02කට හිමිකාරීත්වය තහවුරු කල රියර් අද්මිරාල් ප්‍රින්ස්ලි ලියනගේ (විශ්‍රාමික) හට නාවික හමුදාධිපතිගේ සුභාශිංසන

යාන්ත්‍රික නොවන ඇවිදීමේ යන්ත්‍රයක (Manual Treadmill) පැය 24ක කාලයක් එක දිගට දිවීමෙන් රියර් අද්මිරාල් ප්‍රින්ස්ලි ලියනගේ (විශ්‍රාමික) විසින් 2025 මාර්තු මස 09 වැනි දින ගිනස් ලෝක වාර්තා දෙකක් (02) පිහිටුවන ලද අතර, එම වාර්ථා නිල වශයෙන් ගිනස් කමිටුව මගින් තහවුරු කර එහි හිමිකාරීත්වයට අදාළ සහතිකපත් හා පදක්කම් රියර් අද්මිරාල් ප්‍රින්ස්ලි ලියනගේ (විශ්‍රාමික) වෙත පසුගියදා නිකුත් කෙරිණි. එමගින් මහත් විශාල ගෞරවයක් හා අභිමානයක් නාවික හමුදාව වෙත ගෙනදීම වෙනුවෙන් 2025 ජුනි මස 12 වැනි දින නාවික හමුදාධිපති සිය සුභාශිංසනය නාවික හමුදාව වෙනුවෙන් පිරිනැමීම සිදුකෙරිණි.
13 Jun 2025